බුදුරජාණන්
වහන්සේ තුළ පැවැති සුවිශේෂී ගුණාංගයක් ලෙස “පුරිස ධම්ම සාරථි ගුණය”
හැඳින්විය හැකිය. එය වෙනත් කිසිදු ශාස්තෘවරයකු තුළ නොදැකිය හැකිසුවිශේෂී
ගුණාංගයකි. උන්වහන්සේ ලොව උතුම්ම පදවිය හෙවත් තත්ත්වය අවබෝධ කරගත්
ශාස්තෘවරයා විය. සියලු කෙලෙස් නාසා දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය
සත්‍ය අවබෝධ කොටගෙන ලොව වෙසෙන සෑම සත්වයකුටම පිහිට විය. උන් වහන්සේගේ
ජීවිතය හා සම්බන්ධ නොයෙක් සිදුවීම් වෙන් වෙන් වශයෙන් එක් එක් ගුණවලට අයත්
වේ. නව අරහාදී බුදු ගුණ අතර සුවිශේෂීතමගුණයක් වූ මෙම පුරිස ධම්ම සාරථී ගුණය පිළිබඳ විමසීම අද කාලීන වශයෙන්ද වැදගත් වේ.
පුරිස
ධම්ම සාරථි ගුණය යනු දරුණු පුද්ගලයන් දමනය කිරීමේ හැකියාවයි. බුදුරජාණන්
වහන්සේ ඥාණ බල දහයකින් හා කාය බල දහයකින් හෙබි වූයෙන් ලොව විසූ දරුණුම
පුද්ගලයන් පවා දමනය කිරීමට හැකිවිය. උන්වහන්සේ සතුව පැවැති බලය සාමාන්‍ය
කෙනෙකු සතු බලයට වඩා සුවිශේෂී වූවකි. ඒ බලයට තව කෙනෙකුට සමාන වෙන්නට තබා
හිතන්නටවත් බැරි බව එවකට සිදු වූ සිද්ධීන් තුළින්ම තහවුරු විය. දරුණු
පුද්ගලයකු මොන විදියකින් බුදුරදුන් ළඟට පැමිණියත් ආපසු යන්නේ තිසරණ ගිය
බෞද්ධ උපාසකයන් බවට පත්වීමෙන්ය.
බුදුරජාණන් වහන්සේ දවස සිදු වූ එවැනි සිදුවීම් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමෙන් උන්වහන්සේ තුළ කොතරම් බලයක්, ශක්තියක් තිබුණේ ද යන්න පැහැදිලි වේ. “ශුචිරෝම ඛරරෝම” කතා පුවත ඒ සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.මොවුන් දෙදෙනා ජීවත් වී ඇත්තේ ගයා ශීර්ෂ ප්‍රදේශයේයි. සුචිරෝම යනු ඉදිකටු මෙන් තියුණු උල්මෙන් ලොම් තිබූ හෙයින් ද ඛරරෝම යනු කිඹුලෙකු මෙන් ගොරෝසු සිරුරක් තිබූ හෙයින් ද තේරුම් ගත යුතුය.
දිනක් බුදුරජාණන් වහන්සේ සුචිරෝම යක්ෂයාගේ භවනට වැඩ යක්ෂයාගේ ෙශෙලමය යහනෙහි වැඩ සිටියහ. ඒ අසලින් ගිය ඛරරෝම යක්ෂයා, සුචිරෝම යක්ෂයාට බුදුන් එහි සිටින බව පෙන්වීය. පසුව සුචිරෝම යක්ෂයා අවඥාවට මෙන් සිනාසී බුදුරදුන් වෙතට ගොස් තම ඉදිකටු වැනි උල් ඇති ලොම් ඒ දෙසට හරවා මට බිය නොවන්නේ දැයි බුදුන්ගෙන් ඇසීය. පසුව බුදුහිමි “බියක් නම් නොදැනේ, නමුත් ඔබේ ස්පර්ශය පිළිකුල්” යැයි පැවැසීය. පසුව යක්ෂයා බිය නොවන බව තේරුම් ගෙන ප්‍රශ්න කිහිපයක් ඇසීය. එයට උත්තර නොදුනහොත් සිහිය විකෘති කර, දෙපයින් විසිකර දමන බවට යෝජනා කළේය.
පසුව බුදුරජාණන් වහන්සේ පවසන්නේ “මිත්‍රය ඔබට එවැනි දෙයක් කළ නොහැකිය. ඔබට ප්‍රශ්නයක් ඇත්නම් අසන්න” යැයි යනුවෙනි. පසුව යක්ෂයා මෙසේ ප්‍රශ්නය බුදුන් හමුවෙහි තැබිය.
“රාගයේ හා ද්වේශයේ හේතුව කොතැනද? කුසලයෙහි නොඇලීමෙත්, අකුසලයෙහි ඇලීමෙත් හේතුව කුමක්ද? බියෙහි හේතුව කවරේද? සිත කැළඹීයාමේ හේතු කවරේද?” ආදී වශයෙනි. ඒ සියල්ලටම හේතුව උපත බවද, එය දන්නා අය උපත නතර කරන මාර්ගය අනුගමනය කර සසරින් මිදෙන බවද බුදු හිමි පිළිතුරු හැටියට දෙසූහ. පසුවයක්ෂයන් දෙදෙනා සෝවාන් වූහ.
මෙම කතා පුවතේ දී පැහැදිලි වන දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ නිර්භීත බව හැඳින්විය හැක. මිනිසුන්ටත් අමනුෂ්‍යයන්ටත් උන්වහන්සේ බිය වීමට අවශ්‍ය නොවූයේ සියල්ල අවබෝධ කරගත් බැවිනි. තවද අධ්‍යාත්මික දියුණුවේ උපරිම දියුණුවක් ලබා සිටි උන් වහන්සේට අධිෂ්ඨාන ශක්තියෙන්ම සතුරු බලවේග පැරදවීමට ශක්තියක් තිබුණි. සමහර ශාස්තෘෘන් තම විරුද්ධ පාක්ෂිකයා හෝ පක්ෂය ඉදිරියෙහි කම්පනයට පත් වූ අවස්ථා තිබුණ ද බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ එවැනි අවස්ථා දක්නට නොමැත. දරුණු පුද්ගලයන්ගේ මානසිකත්වය තේරුම් ගත් බුදු හිමි අවශ්‍ය ආකාරයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළහ. ඒ නිසාම උන්වහන්සේ මාර පරාජයෙන්ද ජය ගත්හ.
තවත් යක්ෂයකු පිළිබඳ පුවතක් අලව් නුවරින් දක්නට ලැබේ. එනම් ආලවක යක්ෂයා පිළිබඳවයි. එම යක්ෂයාද මුළු අලව් නුවරම බිය ගන්වාගෙන යටත් කරගෙන සිටි යක්ෂයෙකි. ඒ නම ඇසීමෙන් පවා මිනිසුන් ත්‍රාසයට භීතියට පත් වන්නේය. දිනක් බුදු හිමි අලව් යකු සිටි භවනට වැඩි සේක. මගෙන් අවසරයක් නොමැතිව මගේ භවනට වැඩි බුදු හිමි දැක තර්ජනා කළේය. බුදු හිමි වෙහෙසට පත්කරන අදහසින් තුන් වතාවක් ඇතුළටත් පිටතටත් ඇවිද්දවා සතුටු විය. එතැනින් නොනැවතී ප්‍රශ්න ඇසීය. එනම්,
ප්‍රශ්නයපිළිතුරු
ලොව උසස්ම ධනය? ශ්‍රද්ධාව
ලොව උසස්ම සැපත?ධර්මයෙන්ලැබෙන සැප.
ලොව උසස්ම රසය ?සත්‍යය
ලොව උසස්ම ජීවිතය ?නුවණින් ගතකිරීම

මෙසේ
යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු සිතුවාටත් වඩා සාර්ථක ලෙස බුදු හිමිගෙන්
ලැබෙන බැවින් යක්ෂයා අමන්දානන්දයට පත්ව ධර්මයෙහි පැහැද තෙරුවන් සරණ ගොස්
දිවි හිමියෙන්ම ප්‍රාණ ඝාතයෙන්ද වැළකුණහ. එදින බිලි පිණිස රැගෙන ආ අලව්
රජුගේ පුතුට අභය දානය ද ලබා දුන්හ.
මෙම සිද්ධියේදී කෙනකුට, බුදුරජාණන් වහන්සේ යක්ෂයාට බියෙන් ඔහුගේ අණට යටත් වූවා නේද? කියා ද හිතෙන්නට පුළුවන. නමුත් එහිදී බුදු හිමි සිදු කළේ යක්ෂයාගේ මානසිකත්වය තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමය. බුදුරජාණන්් වහන්සේ එහි වැඩම කළේ යක්ෂයා දමනය කිරීමට මිස බියෙන් ආපසු පලා යාමට නොවේ. එබැවින් යක්ෂයාගේ වචනය තුන් වතාවක් පිළිගත්තේය. එසේ වුවද හතර වෙනි වතාව බුදු හිමි සඳහන් කළේ “යක්ෂය මම මෙතනින් නොසෙල්වෙමි. හැකි දෙයක් කරවයි.” ආදී වශයෙනි. යක්ෂයාට පුළුවන්කම තිබුණි නම් වෙන මිනිසුන්ට මෙන් බුදු හිමිට ද විනාශයක් කරනවාට කිසිදු සැකයක් නැත. එසේ වුවද මේ තුන් ලෝකයේ කිසිවකුටත් එසේ කිරීමට නොපුළුවන් වන්නේ උන් වහන්සේ තුළ තිබූ බලය, අධිෂ්ඨාන ශක්තිය වෙන කිසිවකු තුළ නොතිබුණ බැවිනි.
අංගුලිමාල කතා පුවත ද මේ සම්බන්ධව ඉතා වැදගත් වේ. අහිංසක නම් වූ කුමාරයකු දිසාපාමොක් ඇදුරුතුමා ළඟ ඉගෙනුම් කටයුතු කරමින් සිටිය දී මිතුරන්ගේ මුසා බස් නිසා වැරදිකරුවෙකු වී ගුරු පඬුරු පූජා කිරීමට ඇඟිලි මාලයක් සූදානම් කරන්නට සිදු විය. ඒ නිසා මිනිසුන් මරා ඇඟිලි කපා ගන්නා මිනීමරුවකු බවට පත්විය. ඇඟිලි 999කින් යුත් මාලයක් සකසාගෙන දහස් වෙනි ඇඟිල්ල තම මවගෙන් ලබාගැනීමට තිබියදී බුදුරජාණන්වහන්සේ පෙනී සිට අංගුලිමාල මෙල්ල කරන ලදී. රටේ රජතුමාට විශාල බලයක් තිබියදීත් මෙල්ල කර ගැනීමට අපහසු වූ අංගුලිමාල නම් වූ මිනීමරුවා බුදුරජාණන් වහන්සේගේ බලය යොදා කරුණා, මෛත්‍රී වැනි උසස් ගුණාංග තුළින් මෙල්ල කර ගන්නා ලදී.
රා කළ ගෙඩි 16ක් පොවා බුදුරදුන් විනාශ කිරීමට එවන ලද නාලාගිරි වැනි හස්ථීරාජයන්ද, සමහර දරුණු නාග රාජයන් ද දමනය කරන ලදී. මිනිස් තිරිසන් භේදයකින් තොරව උන්වහන්සේ පුරිස ධම්ම සාරථී ගුණය ඉෂ්ට සිද්ද කළහ.
“ වදකේ දේව දත්තම්හි - චෝරේ අංගුලිමාලකේ” ආදී පාඨ තුළින් ද ඒ බව පැහැදිලි වේ. සභිය වැනි පරිභ්‍රාජිකාවෝ එවකට තිබූ නොයෙක් තර්ක ඉදිරිපත් කරමින් අනුන් මතවාදයෙන් යටත් කරගෙන සිටි පිරිස්ය. එසේ වුවද බුදුරදුන් ළඟදී ඔවුන්ගේ මතවාද බිඳී ගොස් සත්‍ය තේරුම් ගෙන මහණ උපසම්පදාව ලබා රහත් භාවය ද ලබාගන්නා ලදී. ප්‍රශ්න අසා බුදුරදුන් අපහසුවට පත් කිරීමට පැමිණි නිගණ්ඨනාථ පුත්තගේ, ශ්‍රාවකයකු වූ උපාලි ගෘහපතියා ද බුදුරදුන්ගේ ප්‍රශ්න විසඳීමේ බලය ශක්තිය ගැන සතුටු වී ධර්මය අසා සෝවාන් වූ අතර දිවි හිමියෙන් බුදුන් සරණ ගිය බෞද්ධයෙක් බවට පත්විය.
තුන් බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තිදෙනා රහත් වූවන් සේ මානයෙන්, උද්ධච්චකමින් සිටි තිදෙනකි. එසේම මානයෙන් උඩඟුව සිටි ශාක්‍යයෝ ද බුදුරදුන් ප්‍රාතිහාර්ය නොපාන බව කියූ තීර්ථකයෝ ද යන සෑම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ විශ්මයජනක යමක ප්‍රාතිහාර්ය ආදී මහත් ද්ධීන් දැක ධර්මයේ සත්‍ය භාවය පිළිගත්හ. අද කාලීන වශයෙන් පෘථග්ජනයා බලය ශක්තිය වශයෙන් වැඩිපුර සිතා ක්‍රියා කරන්නේ ධනය, බලය, කුලය ආදී දේ ගැනය. එසේ වුවද බුදුරජාණන් වහන්සේ ශක්තිය, බලය වශයෙන් යොදා ගත්තේ ආධ්‍යාත්මික වශයෙන් ලබාගන්නා ලද ශක්තියයි. අවි ආයුධවලින්වත් මෙල්ල කිරීමට නොහැකි වූ අය උන්වහන්සේ තම බලය පාවිච්චි කර මෙල්ල කළහ. එහිදී උන් වහන්සේ අතින් පයින් හෝ අවි ආයුධ භාවිතයෙන් කිසිදා මෙල්ල කිරීමක් කර නැති බව සනාථ වන කරුණකි.
අද සමාජය තුළ වුවද සමහර අවස්ථාවලදී අවි ආයුධවලින් පවා පාලනය කර ගැනීමට නොහැකි අය, සමහර බුද්ධිමතුන්ට, උගතුන්ට, පාලනය කර ගැනීමට පුළුවන්කමක් ඇත. සතුරා දැන හඳුනාගෙන උපක්‍රමශීලීව ඔහුට සවන් දී ඔහුගේ මානසිකත්වය හඳුනාගෙන අවශ්‍ය පියවර ගත යුතුය. සමහර දරුණු පුද්ගලයන් අවි ආයුධවලටත් බිය නොවෙති. ඔවුන්ට වචනය ඉතා වැදගත් වන්නේය. එබැවින් මානසික ශක්තිය පදනම් කරගෙන පිටවන වචනය තුළින් ඔවුන් තරමක් දුරට හෝ සැනසීමට පත්වන්නේය. බුදුරජාණන්වහන්සේ සිදු කළේද මෙයමය. අංගුලිමාල නම් මිනීමරුවාට බුදුහිමි සඳහන් කළේ “මම සිටියෙමි, ඔබත් සිටින්න” යනුවෙනි. එහිදී ඔහුට සිතන්නට යමක් ඉතිරි කර ඇත. ඔහුගේ දරුණු මනස, (විකෘති මනස) තුළට මෛත්‍රී නමැති දිය බිඳුවක් වැටීමෙන් සන්සුන් වීමකට පත්වීමක් සිදුවිය. මේ සඳහා කෙනෙකුගේ පෞරුෂයද බලපාන්නේය. බුදුරජාණන්වහන්සේ ඒ සෑම පැත්තකින්ම අංග සම්පූර්ණ උත්තමයෙකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂලක්ෂණවලින් හෙබි උත්තමයෙකි. කායික වශයෙන් සටන් කළ ද කෙනෙකුට බුදුහිමි පැරදවිය නොහැක. සිද්ධාර්ථ කුමාරයා කල උන්වහන්සේ කඩු ශිල්ප, දුනු ශිල්ප ආදී සියලු ශිල්පවලින් පරතෙරට ගොස් විවාහ වීමේදී පවා එය ප්‍රත්‍යක්ෂ කළහ.
මේ ආකාරයෙන් බලන කල නොයෙක් පිරිවැජියෝ ද, දරුණු මනුෂ්‍යයන් ද, දර්ශනවාදීහු ද බුදුරදුන් ඉදිරියෙහි දමනය වූහ. එවකට සිටි නොයෙක් ශාස්තෘෘවරුද දමනය කරන ලදී. ගොඩක් දෙනෙක් දරුණු වද හිංසාවෙන් පාලනය කිරීමට යෑම සාර්ථක ක්‍රමයක් සේ දැකිය නොහැකිය. එබැවින් බුදුරදුන්ගේ ඉගැන්වීම් ක්‍රමද අනුගමනය කිරීමට උත්සාහ කළයුතු අතරම ඒ සඳහා අධ්‍යාත්මික ශක්තියක් ද ගොඩනගා ගැනීමට අදිටන් කරගත යුතුය. ඒ සඳහා අවශ්‍ය ක්‍රමය පිළිවෙළ ද අත්හදා බැලිය යුතුයි. ඒ අනුව යම් තරමකින් හෝ පුරිස ධම්ම සාරථී ගුණය වැඩීමට අපට ද හැකියාවක් ලැබෙනු ඇත.

කොබෙයිගනේ පුබ්බිලියශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි
No comments:
Post a Comment