Showing posts with label Foreign. Show all posts
Showing posts with label Foreign. Show all posts

Wednesday, March 23, 2016

බ්‍රසල්ස් ප්‍රහාරයට සම්බන්ධ 1ක් අල්ලයි


බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදුවු පිපිරීම් මාලාවට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පුවත්පත් විසින් අනාවරණය කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නජීම් ලා චෞරොයි නමැති 25 හැවිරිදි තරුණයෙකු බවත්, ඇන්ඩලෙච් දිස්ත්‍රික්කයේදී හෙතෙම ආරක්ෂක අංශ වලට හසු වී ඇති බවත් DH NEWS PAPERS උපුටා දක්වයි.

ඊයේ දිනයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදුවු පිපිරීම් මාලාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා එරට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

Sunday, February 7, 2016

ලිංගිකව හැසිරෙන්නේ බලාගෙනයි – සීකා බෝවෙන නවතම ක්‍රමය මේකයි


සීකා වෛරසය, මදුරුවන්ට අමතරව අමතරව ලිංගික සංසර්ගයෙන් ද බෝවන බව නවතම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
බ‍්‍රසීලය ප‍්‍රමුඛ ලතින් අමෙරිකානු රටවල සීග‍්‍රයෙන් පැතිරී යන සීකා වෛරසය, මදුරුවන්ට අමතරව අමතරව ලිංගික සංසර්ගයෙන් ද බෝවන බව නවතම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ලිංගික සංසර්ගයේ යෙදීම හේතුවෙන් ටෙක්සාස් ප‍්‍රාන්තයෙන් මෙම රෝගී තත්ත්වය වාර්තා වන්නේ පළමු වතාවටයි.
ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවරින් ද සිකා වැළදුණූ රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.
බ‍්‍රසීලයේ කුඩා දරුවන් 3670ක් සිකා රෝගය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන්ගෙන් 404 දෙනෙකුට සිකා රෝගය වැලදී ඇති බවට තහවුරු කරගෙන ඇති බව  විදෙස් වාර්තා සදහන් කරන්නේ.

සයිබර් ප්‍රහාරයකින් අලිබාබාට බරපතළ හානි


ලොව විශාලතම ඉ-වාණිජ ජාලයක් වන අලිබාබා හෝල්ඩිංග්ස් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව චීන රාජ්‍ය මාධ්‍ය ඊයේ දිනයේ දී අනාවරණය කර සිටියේය. මෙහිදී අලිබාබා පරිශීලකයින් (Users) මිලියන 20 කට වැඩි ප්‍රමාණයක ගේ තොරතුරු හැකරුන් අතට පත්ව ඇති බව වාර්තා වේ.
සිය වළා පරිගණක සේවා පද්ධතිය (Cloud Computing Service) මෙලෙසින් හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව තිබේ. මෙම තත්ත්වය හමුවේ එක්සත් ජනපද නිව්යෝක් ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කර තිබෙන අලිබාබා කොටස් මිල, බදාදා දිනයේ දී 3.7% කින් පහත වැටී ඇත.
මේ වන විට සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු පැවැත්වෙන අතර අලිබාබා ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් කියා සිටියේ සිය පරිශීලකයින් වෙත ඔවුන්ගේ මුරපද (Password) වෙනස් කරගන්නා ලෙස දැනුම් දෙන බවයි.
චීන විද්‍යුත් වාණිජ (e-commerce) සමාගමක් වන අලිබාබා හරහා 2012 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 170 ක ගනුදෙනු වී ඇතැයි දත්ත වාර්තා සඳහන් කර සිටී. 2015 නොවැම්බර් 11 දිනයේ දී පමණක් ඩොලර් බිලියන 14.32 ක ගනුදෙනු අලිබාබා වාර්තා කර තිබේ.
අලිබාබා හි සේවාවන් අතරට E-commerce, Online auction hosting, Online money transfers හා mobile commerce ආදිය ඇතුළත් වේ

Monday, January 18, 2016

තිබ්බතයේ 'ජීවමාන බුදුවරු' නවසීයක්

තිබ්බතයේ  ජීවමාන බුදුවරු  නවසීයක්


ටිබෙට් බුදු දහමෙහි 'ජීවමාන බුදුවරුන්' ලෙස සැලකෙන බෞද්ධ ආචාර්යවරුන් නවසිය දෙනකුගේ ලැයිස්තුවක් චීනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
තිබ්බත බෞද්ධ පුරාවෘත්තවලට අනුව යළි පුනර්භවය ලද බෞද්ධ මුනිවරු ලෙස සැලකෙන ඉහත කී බෞද්ධ ආචාරයවරුන්ගේ නම් මේ වන විට අන්තර්ජාලයට එක් කොට තිබේ.
බෞද්ධ ආචාර්යවරුන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් රවටා වංචනික ලෙස මුදල් ලබා ගැනීම වළකනු වස් ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කළ බවයි චීනය පවසන්නේ.
ඒ අනුව අවශ්‍ය පුද්ගලයන්ට අන්තර්ජාලය වෙත පිවිස ඉහත කී බෞද්ධ ආචාර්යවරුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි වනු ඇති බවත් චීනය කියා සිටියි.
මේ අතර වර්තමාන දලයි ලාමාගේ අභාවයෙන් අනතුරුව එම ධුරයට අනුප්‍රාප්තිකයකු තෝරා ගැනීම සඳහා වන ක්‍රියාවලියේ පාලනය චීනය සතු කර ගැනීම මෙහි සැබෑ අරමුණ වී ඇති බව ඇතැම් විවේචකයන්ගේ විශ්වාසය වී තිබේ.
.
එහෙත් මේ වන විට චීනය, දලයි ලාමා ධුරය සඳහා අනුප්‍රාප්තික 'පංචන් ලාමාවරයකු' හඳුන්වා දී තිබේ.

Tuesday, January 12, 2016

අඩු වයස් ස්ත්‍රී දූෂණ 80%ක් කැමැත්තෙන්


ඉගෙනීමට පමණක් යොමු කිරීම තුළින් හුදෙකලා වන දරුවා සයිබර් අවකාශයට යොමු වීම නිසා ලිංගික වශයෙන් අපයෝජනයට ලක් වීමේ අවදානමට ගොදුරු වන බව සමාජ විශේෂඥයෝ පවසති.
2015 වසරේ වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණවලින් සියයට 80ක් වයස අවුරුදු 18ට අඩු දැරියන් ගොදුරු වූ අවස්ථා බවයි පොලිස් වාර්තා සඳහන් කරන්නේ.
ඒ අතරිනුත් සියයට 80ක් තම කැමැත්තෙන් ඊට එකඟ වූ අවස්ථා බවට වාර්තා වීම විශේෂත්වයකි.

පාසල් දරු දැරියන් ජංගම දුරකථන ආදී මෙවලම් හරහා අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරන හෙයින් මෙම අවදානමට ගොදුරු වන අවස්ථා වැඩි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥ මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරල පවසන්නේ.
‘පවුල කියන ඒකකය තමයි සමාජ සම්බන්ධතා පවත්වන ප්‍රධානතම ඒකකය. දූ දරු - මාපිය සන්නිවේදනය අත්‍යවශ්‍යයි. අපි අධ්‍යාපනයට පමණක් දරුවා තල්ලු කරනවා. මෙතනදී ඇති වන හිදැස පුරවා ගැනීමට දරුවා සයිබර් අවකාශයට යනවා. එතනදී ඇතිවන උද්දීපනය දරුවා ලිංගික අවදානමකට ලක් කරනවා.’ ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.
පාසල් අධ්‍යාපනය තුළ සහ ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ ලිංගික අධ්‍යාපනය ‘යට ගැසීම’ නිසා මේ තත්වයට බාලවයස්කාර දරුවන් ගොදුරු වීමේ ප්‍රවනතාවය ඉදිරියේ දී සමාජ ප්‍රශ්නයක් බවට පත් විය හැකි බවට මහාචාර්යවරයා අනතුරු අඟවයි
 ලංකාවේ සංස්කෘතිය තුළ ලිංගික අධ්‍යාපනය හා ලිංගිකත්වය කියන දේ මහ විශාල රහසක් ලෙස තවමත් පැදුර යට හංගපු දෙයක් විදියට භාවිතා වෙන්නේ. මේක තමයි ප්‍රධානතම ප්‍රශ්නය වෙලා තියෙන්නේ.’
‘හයේ හෝ හතේ පන්තියේ දී ප්‍රජනන සෞඛ්‍යය උගන්වනවා. සමහර ගුරුවරියන් ඒ පාඩම මග හරිනවා. ඇතැම් විට පිරිමි ළමුන්ට උගන්වන්න වෙනම ගුරුවරයෙක් එනවා. විෂයයක් හැටියට ළමයින්ට උගන්වන්න බැරි තරමට ඒ සංස්කෘතික සාධකය බලපා තියෙනවා. අනික් පැත්තෙන් මේ විෂය පිළිබඳව භික්ෂූන් වහන්සේලා මැදිහත් වීම් කරනවා. මේ තත්වය නිසා දරුවාගේ නොදැනුවත් කම තුළ සයිබර් අවකාශයෙන් ඇතිවන උද්දීපනය පරීක්ෂාවට ලක් කිරීමට යෑමෙන් දරුවා අනතුරට පත් වෙනවා.’ මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරල පැවසීය.

උතුරු කොරියාවට ඉහළින් ඇමරිකානු බෝම්බ හෙළනයක්

එක්සත් ජනපදය තම යුද බලය පෙන්වීම සඳහා දකුණු කොරියාවට ඉහළින් ප්‍රහාරක ජෙට් යානයක් පියාසර කරවීය.
බී-52 වර්ගයට අයත් මෙම බෝම්බ හෙළන ජෙට් යානය දකුණු කොරියානු ගුවන් කලාපයේ පියාසර කර වූයේ ජලකර බෝම්බයක් සාර්ථකව අත් හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවයි
න්‍යෂ්ටික අවි ගෙන යා හැකි මෙම දුර විහිදුම් ප්‍රහාරක යානය ගුවනේ පහල මට්ටමින් පියාසර කර ඇත්තේ එක්සත් ජනපද සහ දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව මධ්‍යයේ යි.
උතුරු කොරියාව හයිඩ්රජන් බෝම්බයක් අත් හදා බැලීම හෙළා දකිමින් ලොව නන් දෙසින් විවේචන එල්ල වන අතර ඇත්තටම එවැන්නක් අත් හදා බැලුවේද යන්න ඇතැම් විශේෂඥයන්ගේ සැකයට භාජනය වී තිබේ.


Thursday, August 6, 2015

සිම්බාබ්වේ සෙසිල් මරා දැමූවාද

ජනප්‍රියව සිටි සෙසිල් නම් සිංහයා මරා දැමූ ඇමරිකානු ජාතික දන්ත වෛද්‍යවරයාට එරෙහිව පියවර ගැනීම සඳහා ඔහු ඇමරිකාවෙන් සිය රටට පිටමන් කළ යුතු බව සිම්බාබ්වේ රාජ්‍ය පවසයි.
සිම්බාබ්වේ පරිසර ඇමතිවරිය මාධ්‍ය හමුවක දී පැවසුවේ එරට නීතිපතිවරයා ඇමරිකානු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි.
මිනසෝටා ප්‍රාන්ත වාසි දන්ත වෛද්‍යවරයකු වන වෝල්ටර් පැල්මර් සිංහයා මරා දැමීම ගැන පාපොච්චාරණයක් කරමින් කියා සිටියේ දඩයම් කිරීමට නීතියෙන් ඉඩ ඇති බවට තමන් විශ්වාස කළ බවයි.
එතැන් පටන් ඔහු අතුරුදහන්ව සිටි බවයි සිම්බාබ්වේ බලධාරීන් පවසන්නේ.

'සෙසිල්' නම් සිංහයා

සෙසිල් වාසය කළ හුවන්ග් ජාතික උද්‍යානය සිම්බාබ්වේ හි පිහිටි විශාලතම අභය භූමියයි.
දහතුන් වියැති සෙසිල් සිංහයා අභය භූමිය කරා පැමිණෙන්නන් හට ඉතා මිත්‍රශීලීව හැසිරෙන සිංහයෙක් සේ ප්‍රකටයි.
ජෙරිකෝ නම් තවත් සිංහයෙක්, සිංහ ධේනුවන් සය දෙනෙක් සහ පැටවුන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත සමූහ දෙකක නායකයා වූයේ සෙසිල් සිංහයයි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිංහ නිරීක්ෂණ පරීක්ෂනයකටත් සෙසිල් සිංහයා ඇතුලත් කොට තිබුණි.
සිම්බාබ්වේ උරුමයක් ලෙසින් හැඳින්වූ මෙම සිංහයාගේ සිත් ඇදගන්නා සුළු කළු කේෂර සංචාරකයින් අතර මෙන්ම වන ජීවී නිරීක්ෂකයන් අතර ද සෙසිල් සිංහයා ප්‍රසිද්ධ වීමට හේතු වූ අංගයක් විය.

Monday, May 18, 2015

භූ කම්පනයක් ඉදිරි කාල සීමාව තුලදී

ඉදිරි කාල සීමාව තුලදී දැවැන්ත භූ කම්පනයක් ඇතිවන බව මහාචාර්ය සී. බී. දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා.
ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 500 – 700 අතර දුරකින් පිහිටි මෙම නවතම භූතල විභේදන කලාපයේ බලපෑම සුළුවෙන් තැකිය නොහැකි බව මහාචාර්ය සී. බී. දිසානායක පවසයි.
එහිදී  වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දිසානායක මහතා.
“මෙම නවතම භූ තලය විභේදනය වීම ඇරඹෙන්නේ වසර මිලියන 50 කට පමණ පෙර සිටයි. ඉදිරියටත් වසර මිලියන දහයක්‌ දක්‌වා පැවතිය හැකියි. භූ තලය විභේදනය වීමට පෙර අස්‌ථායි භූ කලාපයක්‌ නිර්මාණය වෙනවා. එහිදී විශාල ප්‍රදේශයක්‌ පුපුරා ඉරිතලා යනවා. ඉන්දු – ඔස්‌ටේ්‍රලියානු භූ තලයේ මෙම ඉරිතැලීම් පටන්ගෙන ඉවරයි. ශ්‍රී ලංකාවේ කඳුකරයේ සිදුවන නායයැම්වලට මින් විශාල බලපෑමක්‌ ඇතිවිය හැකියි.
නේපාලයේ සිදු වූ කම්පනය හේතුවෙන් ඉන්දියාව අභ්‍යන්තරයේ පීඩන ඇතිවෙන්න පුළුවන්. ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක්‌ ඇතිවිය හැකියි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නායයැම් ඉහළ යා හැකියි. ශ්‍රී ලංකාවේ භූමි කම්පා වෙන්නේ නැහැ කියලා අපිට සැනසිල්ලේ ඉන්න බැහැ. මොකද අතීතයේ විශාල භූමිකම්පා අපේ රටේ ඇතිවෙලා තිබෙනවා. 1615 අප්‍රියෙල් 15 වැනිදා සිදුවූ දැවැන්ත භූමිකම්පාවකින් කොළඹ නගරයේ 200 ක්‌ පමණ මියගොස්‌ ගොඩනැඟිලි රැසකට දැවැන්ත විනාශයක්‌ සිදුව තිබෙනවා. මෙම වාර්තා පෘතුගාලයේ සඳහන්ව තිබෙනවා.
2012 වසරේ ඉන්දු-ඔස්‌ටේ්‍රලියානු භූ තලය ආශ්‍රිතව දැවැන්ත භූමිකම්පාවක්‌ සිදුවුණා. ඉදිරියේ දී මෙම භූ තල ආශ්‍රිතව දැවැන්ත භූ කම්පන සිදුවිය හැකියි. ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව දැන් සිටම සූදානම් විය යුතුයි“
1
89

Friday, May 8, 2015

කැල්බිකෝ සක්‍රීයවෙයි


දකුණු චිලීහි පිහිටි කැල්බිකෝ ගිනි කන්ද සක්‍රීය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගිනි කන්ද පුපුරාගොස් දුම් හා අළු  කිලෝ මීටර් ගණනාවක් දුරට විහිදී යමින් පවතින බවයි.

කැල්බිකෝ ගිනි කන්ද දශක 4කට පසුව මෙලෙස සක්‍රිය වී ඇති බව සඳහන්ය.

ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ අදාළ ප්‍රදේශයේ සිටි පුද්ගලයින්  1500ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව වාර්තා වේ.

ගිනි කන්ද ආශ්‍රීත කිලෝ මීටර් 20ක ප්‍රදේශයක් තුළ ගුවන් ගමන්ද නතර කිරීමට පියවර ගෙන ඇත.

Sunday, May 3, 2015

තායි කැලෑවකින් තවත් මළ සිරුරු හමුවෙයි


තායිලන්තයේ මැලේසියානු දේශ සීමාවේ කැලෑවක් තුළ නොගැඹුරු මිනී වලවල් වල තිබී තවත් මළ සිරුරු තුනක් හමුවූ බව තායිලන්ත බලධාරීහු පවසති.
නීතිවිරෝධී ලෙස මිනිසුන් රට තුළට ගෙන ඒමේ ජාවාරමක් සිදු වෙන බවට සැලකෙන ප්‍රදේශයක දී සිකුරාදා හමු වූ අත්හැර දමන ලද තාවකාලික රැඳවුම් කඳවුරක් වියහැකි තැනකින්ය මෙම සිරුරු හමුවී ඇත්තේ.
මියගියවුන් ගෙන් බොහොමයක් රෝගයකින් හෝ කුසගින්නෙන් මිය යන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙසේ මියගියවුන් මියන්මාරයේ රෝහින්ග්‍යා නම් සුළු ජන වර්ගයට අයත් යැයි සැක කෙරෙන අතර මිනිස් ජාවාරම් කරුවන්ගේ ආධාරයෙන් තායිලන්තයට පලා ආ පිරිස් විය හැකි බවටයි සැක කරන්නේ.
ඉදිරි දිනයන් හි දී සියලුම මිනී වලවල් ගොඩ දමා මරණ පරීක්ෂණ පවත්වන්නට කටයුතු කරන බව පොලීසිය පවසයි.

ඛනිජ තෙල් මිල 40% කින් ඉහළට. අපට දැනෙන්නේ මැතිවරණයෙන් පසුවද?






නව රජය විසින් මෙරට ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩුකර තිබුණත් ලෝක වෙළඳ පොළේ පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් 45 කට පමණ තිබූ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වනවිට ඩොලර් 63 ක් දක්වා සියයට 40 කින් පමණ වැඩිවී තිබෙන බවත් ඉදිරියේදී ඛනිජ තෙල් මිල තවදුරටත් වැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකතනය කර තිබේ.
මේ අනුව, ජකර්තා නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට (World Economic Forum) සහභාගී වී සිටින ව්‍යාපාරික නායකයින් විසින් සඳහන් කර තිබෙන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් සඳහා තිබෙන ඉල්ලුම වැඩිවීම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් වැඩිවනු ඇති බවත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 65 කට ආසන්න මට්ටමකට ගමන් කරමින් සිටින බවයි.
ඛනිජ තෙල් සැපයුම වැඩිවීම සහ ඉල්ලුම අඩුවීම හමුවේ පසුගිය ජනවාරි මාසය වනවිට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස අඩුවූ අතර ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට රජය පියවර ගත්තේය.
මේ අනුව, පසුගිය ජනවාරි 21 වනදා සිට පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක මිල රුපියල් 117 ක් දක්වාත් පෙට්‍රල් (95 ඔක්ටේන්) රුපියල් 128 ක් දක්වාත් ඩීසල් රුපියල් 95 ක් දක්වාත් සුපිරි ඩීසල් රුපියල් 110 ක් දක්වාත්, භූමිතෙල් රුපියල් 65 ක් දක්වාත් රජය අඩුකිරීමට පියවර ගත්තේ මහා භාණ්ඩාගාරයට ඉන්ධන අලෙවිය මගින් ලැබෙමින් තිබූ දැවැන්ත බදු මුදල් ප්‍රමාණයක් යළිත් පාරිභෝගිකයා වෙත ප්‍රදානය කරමිනි.
කෙසේවෙතත්, ආණ්ඩුව මේ වනවිට මුහුණදී තිබෙන අභියෝග හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් වැඩිවීම තවත් අහිතකර ලෙස බලපාන අතර පවතින මිලටම මෙරට පාරිභෝගිකයින්ට තවදුරටත් ඉන්ධන ලබාදීමට රජය විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය වැඩිවන ප්‍රවණතාවයක් ඇත.
ඉදිරියේදී පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට රජය අදහස් කර තිබෙන නිසා කෙටි කාලීනව මෙරට ඉන්ධන මිල ගණන් ලෝක වෙළඳ පොළේ මිල ගණන් වලට සාපේක්ෂව ඉහළ දමනු ඇතැයි විශ්වාස කළ නොහැකි වුවත් මහ මැතිවරණයෙන් පසුව මෙරට ඉන්ධන මිල ගණන් නිසැකවම ඉහළ නගිනු ඇතැයි වෙළඳ පොළ සිද්ධාන්ත අනුව සැලකීමේදී සඳහන් කළ හැකිය.

Monday, April 20, 2015

බලාපොරොත්තු පොදි බැඳන් පැමිණි Cairn India මෙරට තෙල් සහ ගෑස් ගවේෂණයෙන් ඉවත්වෙයි


මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින් සොයාගත් ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු වලින් එම සමාගම ඉවත්වීමට යන අතර මෙරට ගෑස් නිධි කැණීමේ කටයුතු සඳහා අළුතෙන් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජයට සිදුවී තිබෙන බව අනාවරණය වේ.
හෙළිවන ආකාරයට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පහළ යාම නිසා සමාගමට එල්ලවී තිබෙන පීඩනය හමුවේ මන්නාමරට ඔබ්බෙන් වූ මුහුදේ තිබෙන ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු ප්‍රමුඛ කටයුත්තක් නොවන බවට ඉන්දියානු කෙයාන් සමාගම තීරණය කර තිබේ.
මේ අනුව, සමාගම තීන්දු කර තිබෙන්නේ ඉන්දියාවේ රාජස්තානයේ තිබෙන සමාගමට අයත් තෙල් නිධි වලින් සිදුකරන ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමටයි.
අනාවරණය වන ආකාරයට ඉන්දියානු කෙයාන් සමාගම විසින් මන්නාමරට ඔබ්බෙන් වූ මුහුදෙන් සොයාගත් ස්වභාවික ගෑස් නිධි වලින් වාණිජ මට්ටමේ නිෂ්පාදන කටයුතු කිරීමේ අදහස මෙරට රජය විසින් අත්හැර දමා නොමැති අතර මෙම නිධි වලින් වාණිජ මට්ටමේ නිෂ්පාදන කටයුතු කිරීමට වෙනත් සමාගම් සම්බන්ධ කර ගැනීමට රජය සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙරට ගෑස් සහ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා ඉන්දියානු කෙයාන් සමාගම විසින් ආයෝජනය කළ මුදල් නැවත අයකර ගැනීමේ කටයුතු සඳහා සමාගම ක්‍රියා කරන ආකාරය පිළිබඳව තවමත් පැහැදිලි නැත.
අනාවරණය වන ආකාරයට ඉන්දියානු කෙයාන් සමාගමට අනුබද්ධ කෙයාන් ලංකා (Cairn Lanka) සමාගම විසින් කොළඹ වරායෙන් ලබාගෙන තිබෙන ගබඩාවේ කල්බදු පහසුකම (lease) අළුත් කිරීමට මේ වනවිට කටයුතු කර නොමැති අතර මේ තුළින්ද තහවුරු වන්නේ මෙම සමාගම මෙරට ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණ කටයුතු වලින් ඉවත්වන බවයි.
ඉන්දියානු කෙයාන් සමාගම විසින් පසුගිය මාර්තු 05 වනදා නිවේදනය කර තිබුණේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස අඩුවීම නිසා සමාගමේ වියදම් අඩුකිරීමට පියවර ගන්නා බවයි.
මේ අනුව, සමාගම ලබන ඔක්තෝම්බර් මාසයේ සිට ලංකාවේ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණ කටයුතු වලින් ඉවත්වීමට නියමිත බව වැඩිදුරටත් හෙළිවේ.
ඉන්දියානු කෙයාන් සමාගම විසින් ලංකාවේ ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කරන විට එය ස්කොට්ලන්තයේ Cairn Energy plc සමාගමට අයත්ව තිබුණු අතර පසුව එම සමාගම 2010 වසරේදී ඉන්දියාවේ Vedanta Resources සමාගම විසින් මිලදී ගන්නා ලදී. මේ අනුව, ඉන්දියානු කෙයාන් සමාගම මේ වනවිට Vedanta Resources සමාගමට අනුබද්ධ සමාගමක් වේ.
මන්නාරමට ඔබ්බෙන්වූ මුහ‍ුදේ එක් බිම් කඩක ඛනිජ තෙල් ගවේෂණය සඳහා ලංකාව විසින් ඉන්දීය කෙයාන් සමාගම සමග ගිවිසුමකට එළඹුණේ 2008 වසරේ ජූලි මාසයේදීයි.
මෙම බිම් කැබැල්ලේ ප්‍රමාණය වර්ග කීලෝ මීටර් 3400 ක් වන අතර එහි මීටර් 200 සිට මීටර් 1800 ක් තරම් ගැඹුරකට සමාගමට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු කළහැකි බව රජය සඳහන් කර තිබුණි.
ලංක‍ාවේ මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ඇතැයි, ටී.ජී.එස්. නෝ(ර්)පෙක් නම් නෝ(ර්)වීජියානු සමාගම විසින් සොයාගත් අතර පසුව රජය විසින් එම බිම, බිම් කැබලි 08 කට බෙදා‍ වෙන් කළේය.
පසුගිය රජයේදී ජනාධිපතිවරයා යටතේ තිබූ මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වගකීම දරන ඛනිජ සම්පත් සංවර්ධන කාර්යංශය (Petroleum Resources Development Secretariat-PRDS) නව රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
මේ අනුව, මෙරට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු පිළිබඳ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක යටතට පත්ව ඇත.

නිරුවතින් වැඩ කරන කොම්පැණිය (ඡායා රූ සහිතයි)

අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් පිරිසක් නිරුවතින් සිය කාර්යාල කටයුතු කරගෙන යන අපූරු ඡායා රූප පෙළක් මේදිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් තිබේ.
බොල්ට් ඉටලික් නැමැති ව්‍යාපාරික සමාගමේ සේවය කරන සේවක සේවිකාවන් මෙලෙස නිරුවතින් රාජකාරී කිරීම මෙහි ඇති විශේෂත්වයයි.
එම සමාගමේ නිලධාරීන් පවසන ආකාරයට මේ විදියට සේවක සේවිකාවන්ට නිදහසේ සිය රාජකාරී කරගෙන යාමට ඉඩදී ඇත්තේ ඔවුන්ගේ හැකියාවන් උපරිමයෙන් ලබාග ගැනීමට බවයි.
ව්‍යාපාරික ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණශීලීත්වය අතින් ඉහළ හැකියාවන් සහිත සේවකයින් පිරිසක් ඔවුන් සේව‍යට බඳවාගෙන තිබේ.
කෙසේ වුවද විවිධ ඇඳුම් පැළඳුම් වලින් සැරසී සේවයට පැමිණෙන සේවක සේවිකාවන්ගෙන් උපරිම සේවයක් එසේ නැතිනම් ඔවුන්ගේ නිර්මාණ ශීලි චින්තනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මෙම අපූරු ක්‍රියාමාර්ගය ගත් බව එම සමාගමේ බලධාරීන් කියයි.
මේ නිසා එහි සේවක සේවිකාවන් ඇඳුම් පැළඳුම් ගැන ‍අවධානය යොමු කිරීමට යන කාලයේදී එම කාලයත් රාජකාරී සඳහා මැනවින් යොදාගැනීම වැදගත් බව පෙන්වාදෙන එහි හිමිකරුවන් ‍රාජකාරී කාලයේදී නිරුවතින් සේවය කිරීමට ඔවුන්ට ඉඩ ලබාදී ඇත.
මේ ඔවුන් එසේ නිරුවතින් රාජකාරී කරන ආකාරයයි.



Sunday, March 22, 2015

උත්‍රධ්‍රැවය හැඩ ගැන්වෙන ආලෝක ධාරා

උත්‍රධ්‍රැවය හැඩ ගැන්වෙන ආලෝක ධාරා


උත්‍රධ්‍රැවයේ විද්‍යමාන වන ආලෝක ධාරා බ්‍රිතාන්‍යය සහ තවත් බොහෝ රටවල විශේෂ ආකර්ෂණයට ලක් වී තිබේ.
මෙම දර්ශණීය ආලෝකධාරාවන් සාමාන්‍යයෙන් දැකගත හැකි වන්නේ නොර්වේ සහ අයිස් ලන්තයේ දී පමණක් වන අතර මෙම කාලයේදී සුර්යයාගේ හැසිරීම අනුව එම රටවලට වඩා දකුණින් ඇති ප්‍රදේශ වලටද දර්ශනය වන බවයි පැවසෙන්නේ.
මෙම ආලෝක ධාරාවන් ඇති වන්නේ හිරු ගේ මතුපිට ඇතිවන හදිසි පුපුරා යාම් හේතුවෙන් වන අතර මෑතක සිට එය ප්‍රබලව සිදුවන බවයි වාර්තා වන්නේ.

MIA slams Oprah for �shutting her down� and �calling her a terrorist�


photos

MIA slams Oprah for �shutting her down� and �calling her a terrorist�

 American singer, M.I.A. has slammed Oprah Winfrey for shutting her down and calling her a terrorist.
the English recording artist told Rolling Stone Magazine while celebrating 10 successful years of her album ‘Arular’, that in 2009 when she met the media proprietor first time in a party, she didn’t pay attention on what the singer wanted to share and instead called her “crazy” and a “terrorist”, E! Online reported.
The 39-year-old singer added that she wanted the 61-year-old talk show host to listen to her so that the word gets spilled that people were dying in her country Sri Lanka, but Winfrey made excuses that she had to interview Tom Cruise.
M.I.A. tried to explain that she was not a terrorist, she was a Tamil and asked her to look at the issue because she was Winfrey, who was expected to save the world. - Daily Mail‎

Monday, March 16, 2015

ඉන්දුනීසියානු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටේ


මැලේසියාවේ පැවති ගුවන් සංදර්ශනයක් සඳහා පුහුණු ගුවන් ගමනක යෙදී සිටි ඉන්දුනීසියානු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට පත් වෙයි.
උතුරුදිග මැලේසියාවේ ලැන්ග්කාවි දූපතේ පැවති ජාත්‍යන්තර සාගර සහ ගුවන් ප්‍රදර්ශනය අතරතුරදීයි අනතුර සිදු වුණේ.
අනතුරට ලක් වූ ගුවන් යානා බිම පතිත වීමට පෙර එහි සිටි නියමුවන් යානාවලින් පිටතට පැන දිවි බේරා ගෙන තිබේ.

Thursday, March 5, 2015

කොල කෑරලා පිට'වීසල්' (weasel) ගුවන් ගමනක


කොල කෑරලා පිට ගුවන් ගමනක යන මේ මුගටියකු වැනි වීසල් (weasel) පැටියා අපූරු දසුනක්.
එය කාචයේ සටහන් කළේ එංගලන්තයේ, එසෙක්ෂි හි ආධුනික ජයාරූප ශිල්පී මාර්ටින් ලි මේ (Martin Le-May) විසින්.
ඉකුත් සඳුදා සන්ධ්‍යා කාලයේ සිය බිරිඳ ඈන් සමඟ නැගෙනහිර ලන්ඩනයේ හොර්න්චර්ච් උද්‍යානයේ ඇවිදිමින් සිටි මාර්ටින් ලි මේ (Martin Le-May) පැවසුවේ තමන්ට මහ හඬක් ඇසුණු බවත් බලාපොරොත්තු වූයේ ඉතා නරක තත්වයක් බවත්.
එත් ඔහුට විගසින් දැක ගන්නට ලැබුනේ කොල කෑරලා පිට සිටින වීසල් පැටියායි.
සමාජ වෙබ් අඩවියේ පල වීමෙන් පසුව ඊට ලැබුණු ප්‍රතිචාරයෙන් තමා පුදුමයට පත්වූ බවයි මාර්ටින් ලි මේ (Martin Le-May) පැවසුවේ.
එම ජාරූපය දහස් වාරයක් ට්වීටර් පණිවිඩ මගින් හුවමාරුවී ඇති බව ප්‍රකාශ කළ ඔහු සිය සතුට පල කලේ මේ ආකාරයට,
“ඔබ ජාරූපයක් ගන්නවා. බොහෝ දෙනෙක් එය දකිනවා විතරක් නොවෙයි ඊට විශාල කැමැත්තක් දක්වනවා. එය හීනයක් වගෙයි” වන ජීවී විශේෂඥවරියක වන ලූසි කූක් (Lucy Cook) පැවසුවේ මෙය ඉතාමත්ම සුවිශේෂී ජාරුපයක් බවයි.

කොල කෑරලා බිම් මට්ටමේ ආහාර සොයා ජීවත් වන පක්ෂියෙක්. වීසල් (weasel) පැටියා සාමාන්‍යයෙන් හාවන් ගොදුරු කර ගන්නවා. නමුත් කොල කෑරලා ගොදුරු වන්නේ නැහැ. එත් මුගටියන් බිය නැති සතුන්,” ඇය සඳහන් කළාය.
වීසල් (weasel) ගැහැණු සතකු චොක්ලට් බාර් එකක් තරම් වත් බර නැති නමුත් සිංහයෙකු මෙන් දරුණු විය හැකි නිසාම කොල කෑරලා පිට නැගී යන්නට හැකියාව ලැබෙන්නට ඇති බවයි ඇය සඳහන් කළේ.
වන ජීවී වැඩසටහන් ඉදිරිපත් කරන ස්ටීව් බැක්සෙල් පැවසුවේ ජායාරුපයේ තාත්විකභාවය පිලිබඳ ගැටලුවක් පැන නොනගින බවයි.
“එය අසාමාන්‍ය දෙයක් වුවත් කිසි දිනක නොඇසු දෙයක්ද නොවෙයි. එත් සැකයක් ඇති කර ගත යුතු නැහැ “ඔහු පැවසුවේය.
“වීසල් (weasel) සිත් ගන්නා සුළුයි. මේ සතුන්ට තමන්ට වඩා විශාල සතුන් මරා දමන්නත් හැකියි. ඉතින් ප්‍රමාණය ගැන සිතන විට මේ පුංචි සතුන් හරිම අපූරුයි” වන ජීවී වැඩසටහන් ඉදිරිපත් කරන ස්ටීව් බැක්සෙල් තවදුරටත් පැවසුවේය

ජනපති පදවියට සමු දෙන ලොව දුප්පත්ම ජනපති


උරුගුවේ රාජ්‍යයට අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා දිවුරුම් දී සිය තනතුරේ වැඩ ආරම්භ කර තිබේ.
නමුත් එරට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ජනාධිපති ධූර කාලය නිමා කරන හිටපු ජනපති හොසේ මුහිකා වෙතටයි.
හිටපු ගරිල්ලා සටන් කරුවකු වන හොසේ මුහිකා ලොව පතල වූයේ පැරණි මෝටර් රථයක් පදවාගෙන ගමන් බිමන් යන, ගොවි පැලක ජීවත් වන, කකුල් තුනේ බලු සුරතලෙකු හිමි, සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන ජනාධිපතිවරයෙකු ලෙසිනි.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන හොසේ මුහිකා රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ පිහිටි කුඩා නිවසේ සිටිමින්.
ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට උරුගුවේ ව්‍යවස්ථාවෙන් ඉඩක් අවසරයක් නැත.
එහෙයින් ව්‍යවස්ථාවට ගරු කොට ජනාධිපති පදවිය භාර දීමට ඔහු තීරණය කළේය.
මෙහි පළ වන්නේ හොසේ මුහිකා පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසුමකි.
පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්.
අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්.
මම මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන.
ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා.
 රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියල. හඬ පටයට සවන් දෙන්න.

පරණ කාර් කට්ට


ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුඛෝපභෝගී වාහන නවතා තිබියදී උරුගුවේ ජනාධිපතිවරයා තනිවම පදවා ගෙන යන්නේ පරණ වොල්ස්වගන් මෝටර් රථයක්.
ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන හොසේ මුහිකාට ටිකක් පොහොසත් වන්නට අවස්ථාවක් උදා වෙලා.
මේ පරණ කාර් කට්ටට අරාබියේ තෙල් මුදලාලි කෙනෙකුගෙන් හොඳ මිලක් ලැබිලා.
ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න හදන්නේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි.
ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළේ තමන්ට පොහොසත් වෙන්න හිතිලා නොවෙයි. ඒ මුදලත් ජනතාවට ම ලබා දීම හොසේගේ අරමුණ.
තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර.
තමන්ට ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත්.

කකුල් තුනේ මැනුවෙල්



තම බිරිඳට අයිති ගොවිපළේ ජීවත් වන මේ ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් භටයන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාත් ඉන්නේ ගොවිපළට ඇතුළු වන පාර අද්දර.
නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලන මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි.
ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි.
ගොවිපළේ වැඩට යොදා ගන්න ට්‍රැක්ටරය කැඩුනම ඒක හදා ගන්න බාස්ල ඕන නැහැ. ඒකත් මේ ජනාධිපතිවරයාටම කර ගන්න පුළුවන්.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි.
“මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” හොසේ මුහිකා, එහෙමත් නැත්නම් ‘පෙපේ’ කියන්නේ තමන් දුප්පත් නැති බව.

වෙඩි උණ්ඩ හයක්


හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.
හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි.
තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන.
නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා.
1985 දී රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමත් සමඟ නිදහස ලැබූ හොසේ මුහිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වුනා.
2010 වන විට හොසේ මුහිකා උරුගුවේ ජනාධිපතිවරයා.
අද වන තුරු රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ සිට.
ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ.
ව්‍යවස්ථාවට ගරු කොට බිරිඳ සමඟ සුපුරුදු ගොවිතැන කර ගෙන යාමට ඔහු තීරණය කළා.

Sunday, February 8, 2015

යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිතයි

පසුගිය දා තායිවානයේ ගංගාවකට කඩා වැටුණු ගුවන් යානයේ එන්ජින් දෙකම යානය කඩා වැටීමට පෙර ක්‍රියා විරහිත වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වෙයි.
එක් එන්ජිමක් ක්‍රියා විරහිත වී විනාඩි පහළොවකින් පසු නියමුවා විසින් අනෙක් එන්ජිමද නතර කරනු ලැබ ඇති නමුත් එය යළි පණ ගැන්වීමට නොහැකි වී ඇති බවයි තායිවානයේ ගුවන් ගමන් ආරක්ෂණ මණ්ඩලයේ තෝමස් වොන්ග් කියා සිටියේ.
ක්‍රියා කරමින් තිබූ එකම එන්ජිම ක්‍රියා විරහිත කිරීමට නියමුවා පෙලඹී ඇත්තේ මන්දැයි තවමත් පැහැදිලි වී නැත.
නියමුවාද මෙම අනතුරින් මිය ගොස් ඇති අතර මහල් නිවාස අතරින් යානය ගංගාවකට පදවා ගෙන යාමට නියමුවා ගෙන ඇති තීරණය බොහෝ දෙනාගේ අගය කිරීමට ලක් වී තිබේ.
මේ නිසා යානයේ සිටි පනස් අට දෙනාගෙන් පහළොස් දෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.

මෝඩි බලය උරගා බැලෙන දිල්ලි මැතිවරණය අදයි

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි වාසීන් තම නගරයේ පරිපාලන සභාවට සාමාජිකයන් 70 දෙනෙකු තෝරාගැනීම පිණිස ඡන්දය දීමට සුදානම්වෙයි.
පසුගිය මහ මැතිවරණයේ දී විශිෂ්ඨ ජයක් ලැබීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂයේ ශක්තිය උරගා බැලෙන ප්‍රථම අවස්තාව මෙයයි.
භාරතීය ජනතා පක්ෂය ට වඩාත්ම ප්‍රභල අභියෝගය එල්ලවී ඇත්තේ අරවින්ද් කෙජිරිවාල් ගේ දුෂණ විරෝධී ‘ආම් ආද්මි’ පක්ෂයෙන් බවයි වාර්තා වන්නේ.
පසුගිය දිල්ලි මැතිවරණයෙන් අරවින්ද් කෙජිරිවාල් ජයගත් නමුත් බලයට පත්වී දින 49 කට පසු ඉල්ලා අස්විය.
චන්ද දායකයින් පවසන්නේ ඔවුන් වඩාත් සැලකිලිමත් වන්නේ දුෂණය පිටුදැකීම කෙරෙහි බවයි.
ඉන්දියාව දුෂකයන් විසින් මාරුවෙන් මාරුවට විනාශකර ඇති බවයි එක් චන්ද දායකයෙකු පැවසුවේ