Showing posts with label Local. Show all posts
Showing posts with label Local. Show all posts

Friday, January 27, 2017

ජනාධිපති ට්‍රම්ප් ඉතිහාසගතවන හේතු අටක්..


ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු අටක් හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනු ඇත.
ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආදරය කළද නොකලද ඔහුගේ වයස, බැංකුවේ ඇති තැන්පතුව, සුරතල් සතුන් ඇති නොකිරීම වැනි 'ඉතිහාසයේ පළමු ස්ථානය' හිමිකරගන්නා හේතු අටක් විස්තර වන්නේ මතු සඳහන් අයුරිනි.

1.පදවියේ දිවුරුම් දෙන වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපති

එළැඹෙන ජූනි මස 14 වැනිදා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 70 වැනි උපන්දිනය සමරයි. ඒ අනුව පදවියේ වැඩ භාරගත් වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඔහුය.
මින් පෙර එම වාර්තාව තබා තිබුණේ රොනල්ඩ් රේගන්ය. 1981 දී ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙනවිට ඔහුගේ වයස 69 ක් විය.
කෙසේවුවද ට්‍රම්ප් ගේ වෛද්‍යවරයා පවසන්නේ 'ජනාධිපති පදවියට පත් වඩාත්ම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් විය හැකි' බවය.
වාර්තාවන ආකාරයට මින්පෙර සිටි ඇමරිකානු ජනාධිපතිවරුන් 44 දෙනාගේ වයසෙහි සාමාන්‍ය අගය වන්නේ අවුරුදු 55 කි.
එරට ජනාධිපති පදවියට පත් ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසගතවී ඇති තියඩෝර් රුස්වෙල්ට් තනතුරේ දිවුරුම්දෙනවිට ඔහුගේ වයස අවුරුදු 42 ක් සහ දින 322 ක් විය.
ඔහු ජනාධිපති පදවියට පත්වූයේ 1901 දී එවක ජනාධිපතිව සිටි විලියම් මැකින්ලි ඝාතනයට ලක්වීම හේතුවෙනි.
 
අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප

2.ඩොලර් බිලියනයකට වැඩි ධනයක් ඇතිව පදවියට පත් ප්‍රථම ජනාධිපති

පදවියට පත්වනවිට ඩොලර් බිලියනයකට වැඩි ධනයකට හිමිකම් කී ප්‍රථම ජනාධිපති වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ෆොර්බ්ස් වාර්තාවට අනුව ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 3.7 ඉක්මවන අතර ට්‍රම්ප් පවසන ආකාරයට එය ඩොලර් බිලියන දහයක් වේ.
ට්‍රම්ප් පමණක් නොව තවත් බොහෝ ඇමරිකානු ජනාධිපතිවරු ධනපතියන් ලෙස ප්‍රසිද්ධවී සිටියහ. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ගේ දේපළ වටිනාකම ඩොලරයේ අද තත්වය අනුව බිලියන භාගයකි.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට ලක්වෙද්දී ධනපතියෙකු වූ තම පියාගේ ව්‍යාපාරවලින් උරුම වූ ඇමරිකානු ඩොලර් මිලියන 10 ක උරුමකරුවෙක් විය.
කෙසේවුවද, හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා වන අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප
ලෙස රජයෙන් ලබාගන්නා බවය.

3.ධනවත්ම කැබිනට් මණ්ඩලය

ඩොනල්ඩ් ට්‍රම්ප් තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නම් කරද්දී එය එසැනින්ම ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන්ගේ විවේචනයට ලක්විය.
ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ බර්නි සැන්ඩර්ස් පවසා තිබුණේ "ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ධනපතියන් විසින් ධනපතියන් සඳහා කෙරෙන පාලනයක්" ලෙසය.
යහපතට හෝ අයහපතට හේතුවක් විය හැකි වුව ද, නූතන ඇමරිකානු ඉතිහාසයේ ධනවත්ම පාලනතන්ත්‍රය වන්නේ ට්‍රම්ප් පාලනාධිකාරිය වේ.
2001 වසරේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ කැබිනට් මණ්ඩලය හැඳින්වුයේ 'දසලක්ෂපතියන්ගේ කැබිනට් මණ්ඩලය' යනුවෙනි. එහෙත් එහි සාමාජිකයන්ගේ මුළු වටිනාකම මෙන් දස ගුණයක් ලෙස සැලකෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක වත්කමක් මෙවර වාණිජ ලේකම් ලෙස නම් කොට ඇති විල්බර් රොස්ට ඇති බව 'වොෂිංටන් පොස්ට්' පුවත්පත කියයි.
භාණ්ඩාගාරය සඳහා නම්කොට ඇති ස්ටීවන් නුචින් වසර දාහතකට පසු ගොල්ඩ්මන් සැච් හිදී බැංකුවක් මිලදීගෙන ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් මිලියන 40 කට වඩා වැඩි බව වාර්තාවේ.
'ක්වාර්ට්ස්' වෙබ් අඩවිය පෙන්වාදෙන ආකාරයට ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය ඩොලර් බිලියන 35 ක වත්කමින් යුතුවන අතර එම ප්‍රමාණය බොලීවියාවේ දළ ජාතික නිෂ්පාදිතයටත් වඩා වැඩිවේ.
 
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ

4.අවම දේශපාලන අත්දැකීම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සුවිශේෂීවන තවත් හේතුවක් ඇත. එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් හැරෙන්නට අවම වශයෙන් පළාත් ආණ්ඩුකාරවරයෙකු හෝ කොංග්‍රස් සභිකයෙකු ලෙස අත්දැකීම් ඇති අයෙකු මිස වෙනත් අයෙකු වසර හැටකින් මෙපිටදී ඇමරිකානු ජනාධිපති පදවියට පත්වී නොමැතිවීමය.
ට්‍රම්ප්ට පෙර දේශපාලන අත්දැකීම්වලින් තොරව ජනාධිපති පදවියට පත් අවසාන ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩ්වයිට් අයිසන්හවර්ය.දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර හමුදාවන්ගේ ප්‍රධාන අණදෙන නිලධාරියාවූ ඔහු 1953 දී ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
කෙසේවුවද, ට්‍රම්ප් පවසන්නේ වොෂින්ටන් පාලනාධිකාරය පිලිබඳ අත්දැකීම් නොමැතිවීම යහපත් දෙයක්වන අතර තමා අත්දැකීම් බහුල ගනුදෙනුකරුවෙකු බවය.

5.ප්‍රබල පවුල් සාමාජිකයන් සිටීම

ට්‍රම්ප්, තම දියණියගේ ස්වාමිපුරුෂයා වන නිවාස ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන තිස් හය හැවිරිදි ජාඩ් කුෂ්නර් ප්‍රධාන උපදේශක තනතුරකට පත්කළේ විරුද්ධවාදීන්ගේ දැඩි විවේචනය මධ්‍යයේය.
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ.
සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.

6.අවම සුරතල් සතුන්

.
සියවසකට අධික කාලයක් තුළ ධවලමන්දිරයට සුරතල් සතෙකු නොගෙනා පළමු ජනධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවන අතර ඔහු 'ගෝල්ඩන් ඩුඩල්' සුනඛයෙකු රැගෙන ඒමට පැවතී සැලසුමක්ද අත්හැර දැමූ බව කියැවේ.
ජනාධිපතිවරුන්ගේ සුරතල් සතුන් පිළිබඳ කෞතුකාගාරය පවසන ආකාරයට සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මේ අතරින් කැපී පෙනෙන්නේ 'සාසා' නමැති හාවෙකුගේ සිට කැනේරි කුරුල්ලෙකු දක්වා විවිධ සතුන් ඇතිකිරීම හේතුවෙනි.
එහෙත් 1923 සිට 1929 දක්වා ධවල මන්දිරයේ වාසය කළ කැල්වින් සහ ග්‍රේස් කූලිජ් යුවලට 'සත්වෝද්‍යානයක්' වැනි විශාල සත්ව සංඛ්‍යාවක් සිටි බැවින් මේ කරුණේදී ඔවුන් පෙරමුණ ගන්නා බව කෞතුකාගාරය පවසයි.
ඒ අනුව සුනඛයන් දහ දොළොස් දෙනෙකු, එබිනීසර් නම්වූ බූරුවෙකු, විදේශවලින් තෑගී ලෙස ලැබුණු සිංහ පැටව්, ඕස්ට්‍රේලියානු වොලබියෙකු, බිලී නම්වූ හිපොපොටේමසකු සහ කළු වලසෙකුද ඔවුන් සතුව සිටි බව සඳහන් වේ.

7.නිදහස් වෙළෙඳාමට දැඩි ලෙස විරුද්ධවීම

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ රැකියා අවස්ථා උදාකිරීමේ පොරොන්දුව මත වූ අතර ඇමරිකානු නිෂ්පාදන නවතාදැමීමට හේතුවූ නිදහස් වෙළඳාම දැඩිලෙස විවේචනය කළේය.
ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුර්ලභ ලක්ෂණයක් වූ මෙය අවසාන වරට දක්නට ලැබුණේ 1930 දී හර්බර්ට් හූවර් ජනාධිපතිවරයාගෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී 'ඉකොනොමිස්ට්' සඟරාවට ප්‍රකාශ කළේ "චීනය අපව විනාශ කරමින් සිටිනවා ඇමරිකානුවන්ට මේ කොල්ලකෑම එපාවෙලා" යනුවෙනි.
චීන ආනයනවලට වැට බැඳීම පිණිස 12% ක ආනයන බද්දක් පැනවීමට අදහස් කරන බවද ඔහු පවසා තිබුණි.
එසේම තම ඡන්ද ව්‍යාපාරය තුළදී ඔහු අනතුරු ඇඟවූයේ කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල් වසර විසි තුනක කාලයක් සඳහා එකඟතාවට පැමිණ ඇති නැෆ්ටා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉරා දමන බවය.
ඒ ආකාරයටම ඇමරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් තබා ඇති පැසිෆික් වෙළෙඳ ගිවිසුම ධවල මන්දිරයට යන මුල්දිනයේදීම අවලංගු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
Image copyright Scott olson
Image caption වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ

8.විවිධාකාරයෙන් පළමු තැනගත් ආර්යාව

ස්ලෝවෙනියාවෙන් පැමිණ ජනපති බිරියක් වූ පළමු කාන්තාව වන මෙලනියා ට්‍රම්ප් උපතින් ඉංග්‍රීසි බස කතා නොකරන පළමු ජනපති ආර්යාව වේ.
ඇමරිකාවෙන් පිටතදී උපත ලද දෙවෙන ජනපති ආර්යාවවන ඇය දෙවැනි වන්නේ 1825 සිට 1829 දක්වා ඇමරිකාවේ හයවෙනි ජනපති පදවිය හෙබවූ ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ බිරිඳටය. ඇය ඉපදී ඇත්තේ ලන්ඩන් නුවරදීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර දෙවරක් විවාහවී ඇති බැවින් ධවල මන්දිරයට පැමිණෙන ප්‍රථම 'තෙවන බිරිය' වන්නේ මෙලනියා ට්‍රම්ප් වේ.
දික්කසාදව සිටි අනෙක් එකම ඇමරිකානු ජනාධිපතිවරයාවන රොනල්ඩ් රේගන් සිය පළමු බිරිය වූ ජේන් වයිමන් නම් නිළියගෙන් වෙන්වී තිබුණේ ජනාධිපති පදවියට පත්වීමට පෙරය.
වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ. ඇයට ස්ලෝවේනියානු භාෂාව, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ සර්බියානු භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව ඇත.
එසේම නිරුවත් නිරූපිකාවකව සිට ජනාධිපති ආර්යාව බවට පත්වූ පළමුවැනියා වන්නේද ඇය වේ. වසර 2000 දී ඇය GQ සඟරාව සහ තවත් සඟරා කිහිපයක් සඳහා නිරුවත්ව පෙනී සිටියාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ද 1990 වසරේදී පිරිමින් සඳහා වූ 'ප්ලේ බෝයි' සඟරාවේ පෙනීසිටි අතර "ඉතා හොඳ සඟරාවක්. එය අලෙවිකරන්න කැමති ද?" යන වැකිය සමග ඔහුගේ රුව එහි පළවී තිබුණි.

සමලිංගිකත්වය:-'රාජ්‍යය මැදිහත්විය යුතු නෑ


වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින 'උත්ප්‍රාසය' බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.
"අද දවසේ තියන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව," ඇය සඳහන් කළාය.
නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් 'ප්‍රගතිශීලී' පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය.
සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

විශ්‍රාම ගන්න හිටපු මාව ඇදලා ගත්තේ මෛත්‍රී!

 
 විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සි‍ටියේ අද(27) නුගේගොඩදී පැවති රැළියට එක් වෙමිනි.

ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත්, එයට විරෝධීව නැඟී සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම වර්තමානය වන විට විශාල ණය අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති බවත්, එයට තමන්ට චෝදනා නඟන බවත් ඒ  ඔහු කියා සිටියේය.

තමා ණය ලබා ගත්තේ රට සංවර්ධනය කිරීමට බවත්, එහි ප්‍රතිඵල ජනතාව දැන් භුක්ති විදින බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව විසින් විශාල වශයෙන් ණය ලබා ගත්තද කළ කිසිවක් නොමැති බවයි.

වර්තමානණයේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථිකයේ අවපාතය හේතුවෙන් තමන් හිතා මතා මැතිවරණයෙන් පරාජය වූ බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත්, එසේ ඔවුන් දැන සිටියේ නම් ආණ්ඩුව භාර ගත්තේ ඇයිද යන්න ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම රට තුළ ඇති රාජ්‍ය මෙන්ම පෞද්ගලික සම්පත් විකුණමින් රට දිනෙන් දින කාබාසිනියා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

හම්බන්තොට පමණක් නොව කොළඹින්ද අක්කර 8ක ප්‍රදේශයක් විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ.

විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි. මේ ආණ්ඩුවට පුළුවන් එච්චරයි

වාහන අවභාවිත කරන්න අනුබල දුන්නා කියා විමල් හිරේ දැම්මා. දැන් වාහන නෙමෙයි. හෙළිකොප්ටරත් තියෙනවා. මොන්ටිසෝරි සිලබස් එකටත් සමලිංගික කතා දාන්න යනවා. අපේ දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ. අපේ සංස්කෘතිය සෞඛ්‍යත්වය රැකගන්න ඕනෑ. මේ රැස්වීම සංවිධානය කරලා අපි කියන්නේ මේ ආණ්ඩුව ගෙදර පලයං කියලයි.

මේ රටේ මහා මංකොල්ලයෙන්  පිරිලා. සමහර ආයතන දැන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා ගන්නවාලු. ඒ හොරකම් කළ සල්ලිවලින් ගත්තු දේපොළ අපි බලයට ආවම රාජ සන්තක කරනවා. දූෂණ වැඩිවෙලා කියලා ට්‍රාන්පේරන්සි වාර්තාවේ තිබෙනවා. රට බේරාගත්තු රණවිරුවන් අද මහපාරේ ගුටි කනවා. කොස්කොළ කාපන් කියා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා නම් වැරදි. අද හාල් කියද? මේකටද අපි ඡන්දේ දුන්නේ? මේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ තණ කොළ "





Monday, November 28, 2016

නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් -පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි .


නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් ජනතා විරෝධී රැළි මාලාවක් සංවිධානය කරන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම උතුරේ සුළු සිදුවීමක් වුවත් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් දකුණේ සුළු සිදුවීමකදී පිරිස් අත්අඩංගුවට ගන්නා බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.

උතුරේ බෞද්ධ වෙහෙර විහාර 270 වඩා ඇති බවත්, ඒ පිළිබඳව විග්නේෂ්වරන් නොදන්නවා විය නොහැකි බවත්, ඒ පිළිබඳව පිරිස් දැනුවත් කර ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසයි.

උතුරේ ඇති වෙහෙර විහාරයන් පිළිබඳව සොයා බලා ඒවා සංරක්ෂණය කර ස්වාමීන් වහන්සේලා නැවත පදිංචි කළ යුතු බවත්,  එසේ නොකළහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැටලීමට කටයුතු කරන බවත්  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි  පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ ආගමික ස්ථානයන් පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දී ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා උතුරේ මහවිරු දිනය සැමරීමට ඉඩ ලබා නොදෙන බවට අභියෝග කළ බවත්, එසේ වුවද උතුරේ මහවිරු දිනය සැමරූ බවත්, ඊට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දිය යුතු බවත් උන්වහන්සේ පවසයි.

මෙවන් වටපිටාවක් තුළ මහවිරු දිනය සැමරූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය අක්මීමන සද්ධාතිස්ස හිමි පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම රජයට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමට බවත් උන්වහන්සේ ‍පවසයි.

මහ නායක හිමිවරුන්ගේ මතයට ගරු කරමින් රට ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරිය ගැන පරීක්ෂණයක් ඉල්ලති [ ලංකා ඊ නිව්ස්]


ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර විවේචනය කරමින් ලිපි පළ කළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් ඇය විසින්ම නියෝග නිකුත්කරනු ලැබීම පිළිබඳව විමර්ශනයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
කොමිසමේ ලේකම් ජීඑම්ඩබ්පී ජයතිලක වෙත දීර්ඝ ලිපියක් යොමු කරන එම සංගමය, රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පිළිබඳව කරුණු සොයා බලන මෙන් රහස් පොලිසියට නියෝග කිරීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ සැකකරුගේ ඡායාරූපය පළකරනු ලැබුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පමණක් නොවන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම ඡායාරූපය පළකළ පුවත්පතකට එරෙහිව මහේස්ත්‍රාත්වරිය වෙනස් ක්‍රියාපිළිවෙතක් අනුගමනයකර ඇති ආකාරය පැහැදිලි කරයි.

මාධ්‍ය මර්දනය

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අය වැය විවාදයේදී වෙබ් මාධ්‍ය පිළිබඳව කළ සඳහන මාධ්‍ය මර්දනය පිණිස පසුබිම සකස් කිරීමේ උත්සාහයක් බව පවසන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, එවන් පසුබිමක් තුළ ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම බරපතල තත්වයක් බව සඳහන් කරයි.

Sunday, October 30, 2016

වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි

වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි



මහමඟ දමා ගොස් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කිරීමට නීති සකස් කළ යුතු බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන ඇතැම් වැඩිහිටියන්ගේ දේපලවලට ඔවුන් මියගිය පසු ඥාතීන් හිමිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පවසයි.

බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වයේ වැඩි ප්‍රවණතාවක් වාර්තා වන බවට  බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරීන් විසින් සමාජ සේවා අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති පළාත් සමාජ සේවා අමාත්‍යවරුන්ගේ සමුළුවකදී ඔවුන් මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

භාරකරුවන් නොමැතිව මහමඟ දමා ගොස් සිටියදී හමුවන වැඩිහිටියන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් වැඩිහිටි නිවාස යටතට පත් කළ පසුව ඔවුන් භාරගැනීමට යම් ඥාතියෙකු ඇත්දැයි මූලික සොයා බැලීමක් සිදුකළ යුතු බව එස්.බී.දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර ප්‍රසිද්ධ කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේ ඉදිරිපත් නොවන ඥාතීන්ට අදාළ වැඩිහිටියන් මියගිය පසුව දේපළ වලට හිමිකම් කිව නොහැකි වන පරිදි නීති රීති සකස් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.

Thursday, October 13, 2016

රක්ෂිත 2ක් ගිනි ගනියි


ගම්පොළ ප්‍රදේශයේ කැලෑවක ගින්නක් හටගෙන තිබේ.

මහනුවර නගර සභා ගිනි නිවීම් නිලධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්ය.

ගින්නෙන් අක්කර 05ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් සිදුව නොමැත.

මේ අතර මොණරාගල, තෙනගල්ලන්ද කැලෑ ප්‍රදේශයේද ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නෙන් අක්කර 04ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලීසිය පැවසුවේය.

Monday, October 10, 2016

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.






කුරුණෑගල, අරලිය උයන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියක අදාළ ත්‍රීරෝද රථය ගැටීමෙන් අද (10) දහවල් මෙම අනතුර සිදුවී ඇති බව වැල්ලව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ දුම්රිය හරස් මාර්ගයේ සේවය සඳහා සේවකයින් තිදෙනෙකු යොදවා තිබුණ ද වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් කිසිවෙකුත් අද (10) රාජකාරියට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

Saturday, October 8, 2016

එදත් අදත් හෙටත් මහින්ද සමග- ප්‍රසන්න රණතුංග


අලුතින් පක්ෂයක් හදනවාදැයි නැද්දැයි තීරණය වන්නේ ජනතාවගේ තීරණය මත බව පා.ම ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රත්නපුරේ අද පැවැත්වෙන රැළිය අලුතින් පක්ෂයක් හැදීම සඳහා පවත්වන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව පැවසීය.

අපිට පක්ෂයක් හදන්න කියන්නේ ජනතාව බවත්, එසේ වුවද දැන්ම එය සිදුනොකරන බවත්, මැතිවරණයක් ආ සැණින් එම පක්ෂය හදා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවත්, හෙතෙම කීවේය.

රණතුංග පවුලේ සාමාජිකයින් එක් එක් පක්ෂ නියෝජනය කිරීම ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පැවසුවේ බණ්ඩාරනායක පවුලේ අයද එසේ සිටි බවයි.

අතේ ඇඟිලි 5 එක සමාන නැත්තා සේ තමන් සිටගෙන මහින්ද  සමග බවත්, එදත් අදත් හෙටත් එය එසේම බවත්, ‍ඔහු පැවසීය.

මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ - දෙන ගේම් එක එළියේ තමයි!


"අද මෙයාලා දෙන්නා එක්වෙලා මේ රට දෙකඩ කඩන්න කෑලිවලට කඩන්න හදනවා" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා. මම කිව්වා ඇවිල්ලා පුටුවක් තියලා ලියා ගන්නවා කියලා. මොකද මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගුරු කරලා එළියේ ගහන්නේ. ඒ නිසා ඒ ගැරන්ටිය අපිට දෙන්න පුළුවන් රෑට ආප්ප කාලා ‍කරන්නේ නෑ " යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රත්නපුරේදී අද පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය අමතමින් කියා සිටියේය.

රණවිරුවන් බේරාදුන් රට බෙදන්න - විනාශ වෙන්න නොදී රැකගත යුතු බව ද බණ්ඩාරනායක මහතා හැදූ පක්ෂය අද අලියාගේ පස්ස පැත්තේ එල්ලා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

සිරිසේන ජනාධිපතිවරයා මේ සෙනඟ දුටුවානම් පවිත්‍රා ඉවත් කිරීම ගැන කනගාටුවනු ඇතැයිද "ඔබට ඕනදේ දෙන්න මම ලෑස්තියි" යැයිද ආණ්ඩු පක්ෂයට ගිය අය වැඩිකල් යාමට කලින් අපේ පැත්තට ඇවිත් ඉඳගන්නා බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන වෙනස් කිරීම එතරම් කජ්ජක් නොවේ යැයිද වැඩිකල් යාමට කලින් එය සිදුවේවී යැයිද හෙතෙම පැවසීය.

"අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" නමින් ඒකාබද්ධ විපක්ෂය මෙම රැළිය සංවිධානය කර තිබිණ.

මහ සංඝරත්නය ඇතුළුව  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, රංජිත් සොයිසා, උදය ගම්මන්පිල, පවිත්‍රාවන්නි ආරච්චි, වාසුදේව නානායක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිලුම් අමුණුගම, සී.බී රත්නායක, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් ජනරැළියට එක්ව සිටියහ.

එම රැළිය අමතා කතිකයින් ගණනාවක් අදහස් පළ කළ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත පරිදිය.

අසනීප තත්ත්වයෙන් සිටි තමන් පවිත්‍රදේවී මැතිනියගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ නොහැකි නිසාත්, රට බේරාගැනීමේ අරමුණ නිසාත්, රත්නපුරට පැමිණි බව එම රැස්වීම ඇමතු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාරගත යුතු යැයි ද ඔහු සමග එක්වී මේ ආණ්ඩුව පළවා හැරීමට කටයුතු කරමු යැයිද උන්වහන්සේ එහිදී පැවසීය.

මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට යමු යැයි එම රැස්වීම ඇමතු හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

බුද්ධ චීවරය දරාගත් හිමිවරුන් හා රණවිරුවන් අද සිටින්නේ හිරගෙවල් වල යැයි එහිදී ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

රැස්වීම ඇමතු පා.ම ජානක වක්කුඹුර මහතා කියා සිටියේ විග්නේෂ්වරන්ට එක නීතියක් අනෙක් අයට තව නීතියක් ක්‍රියාත්මක වන බවයි.

මේ නිසා මහින්ද සමග නව යුගයක් අරඹමු යැයි එහිදී ඔහු පැවසුවේය.

මෙය සැබවින්ම මෛත්‍රීට එරෙහි විරෝධතා රැළියක් යැයිද එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක හැදූ පක්ෂය අවසන් ගමන් ගෙන යන පිරිසට එරෙහිව මෙම රැළිය හැඳින්විය හැකි බව රැස්වීම ඇමතු පා.ම රංජිත් සොයිසා මහතා කියා සිටියේය.

ජූතක බමුණා ජාලිය - ක්‍රිෂ්ණජිනා දන් දුන්නා සේ ශ්‍රීලනිපය රනිල්ගේ දෙපා මුල තබා  දන්දීමට එරෙහිව මෙම රැළිය පවත්වන බව ඔහු පැවසුවේය.

2001 ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැසූ රනිල් මේ රටේ බලයට පත්වුවහොත් නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිවිය හැකි යැයි එදා අපි කියූ බවද විග්නේෂ්වරන්‍ට එරෙහි ක්‍රියාමාර්ගයක් ගැනීමට යහපාලන ආණ්ඩුවට කොන්ද පණ නැති බවද එම රැස්වීම ඇමතු ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

නිල් අලි ටික මහින්ද සමග සංහිඳියාවක් ඇති කර ගැනීමට කැමති නැති බවද අද රටේ ජනතාව ඉල්ලන්නේ මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් පිහිටුවන්න යැයිද ඒ මහතා පැවසීය.

රැළිය ඇමතු පා.ම කුමාර වෙල්ගම මහතා පැවසුවේ "එද මම යූන්පී ආණ්ඩුවට ‍ගියෙත් නෑ. අදත් මම යන්නේ නෑ හෙටත් යන්නේ නැ" යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අපල දැන් හොඳටම හොඳ බවත්, අපේ නායක හාමුදුරුවන් කේන්දරේ බලලා අවසන් බවත්, ඔහු කියා සිටියේය.

නුදුරු අනාගතයේදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ස්වර්ණමය යුගය එන බවත්, ඡන්දයක් තිබුණොත් පරාජය වී ගෙදරයාමට සිදුවන නිසා  මෛත්‍රී - රනිල් තරඟයට ලෝකය බලන්න යන බවත්,  එයා  යනකුට මෙයා එන බවත්, මෙයා යනකුට එයා එන බවත්, ඒ මහතා
පා.ම උදය ගම්මන්පිල මහතා කීවේය.

ජනාධිපති සිරිසේන පසුගියදා අමෙරිකාවේ ගියේ 73ක් අරගෙන බවත්, ඔහු අමෙරිකාවේ සිට එද්දී රනිල් නවසීලන්තයට යන බවත්, රනිල් එද්දී මෛත්‍රී තායිලන්තයේ ගිය බවත්, මෛත්‍රී එද්දී රනිල් බෙල්ජියමේ යාමට සිටින බවත්, හෙතෙම පැවසීය.

රැස්වීම ඇමතු පා.ම වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ ආණ්ඩුවක් බවට පත්කිරීමේ ගමනට අප මුලපුරා සිටින බවයි.

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැරීමේ ගමනට එක්වන්නැයි ද එහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බුලත් කොළෙන් ඡන්ද අරන් අලියාගේ වල්ගය එල්ලී සිටින මැති ඇමතිවරුන් බුලත් කොළේ ජනතාවගෙන් පණිවිඩයක් ළඟදීම ලැබෙනු ඇතැයි රැළිය ඇමතු පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මහින්ද ජනපති කාලයේ තිබූ ආර්ථික සංවර්ධනය දැන් කඩා වැටී ඇති බවත්, දේශපාලන ආර්ථික සෑම අතින්ම රට කඩා වැටී ඇති බවත්, ‍හෙතෙම කීවේය.

තමන් සංවිධායක තනතුරින් ඉවත් කළාට "මෛත්‍රී ඔයා මට ක‍ළ අභියෝගයට මම කළේ මේ සුළු සියුම් අභියෝගයක්" යැයි රැළිය ඇමතු පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පැවසුවාය.

ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ හදවත් තුළ ජීවත්වන්නේ ඔබදැයි මහින්දදැයි මෙම ජනතාවගෙන් බලාගත හැකි බවද ඇය පැවසුවාය.

වික්‍රමසිංහ - සිරිසේන - සම්බන්ධන් - විග්නේෂ්වරන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනඑන බවත්, විදේශ ඒජන්තවරු ඊට සහය දෙන බවත්, හූ කියා විසිල් ගසා සිටිය යුතු කාලය මෙය නොවන බවත්, ඊට එරෙහිව කාඩර්වරු ලෙස දිවුරුම්දීමට මෙය අවස්ථාවක් කරගත  යුතු බවත් ඇය කියා සිටියාය.

රැළිය ඇමතු පා.ම විමල් වීරවංශ මහතා පැවසුවේ දේශද්‍රෝහි හවුල පළවා හැරීමට ජනතාවට එක්විය යුතු බවයි.

හිටංට හුටංට අවශ්‍ය පරිදි මේ රට බෙදා වෙන්කිරීමට ඉඩනොදෙන බවත්, සියවස් ගණනාවක් රැකගත් මාතෘ භූමියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත්, ඔහු කියා සිටියේය.

එට්කා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලණියක් වීමට ඉඩනොදිය යුතු බවත්, රනිල් හාමුට විරුද්ධව අනුර මල්ලි කතා නොකරන බවත්, ඔහු පැවසුවේය.

දේශපාලන දඩයම කර මේ සටන නතර කළ නොහැකි බවත්, ජාතියේ නූතන නිදහස් අරගලය මහින්ද රාජපක්ෂ සමග ආරම්භ කළ යුතු බවත්, හෙතෙම අවධාරණය කළේය.

Sunday, October 2, 2016

බීර වලින් සරු අස්වැන්නක්


පානයට නොව ගොවිතැන සඳහා බීර යොදා ගන්නා ගොවි මහතුන් පිරිසක් පිළිබඳ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවලින් වාර්තා වේ.
ගෝමරන්කඩවල ප්‍රදේශයේ එළවලු බෝග ගොවීන් විසින් සිය වගාවන් සඳහා බීර ඉසිනු ලබන්නේ බටු, බණ්ඩක්කා, කරවිල, මිරිස්, වට්ටක්කා වැනි බෝගවල පරාග පෝෂණය සඳහා අවශ්‍ය කෘමි සතුන් ගෙන්වා ගැනීමටයි.
බීර ඉසීමේ ක්‍රමවේදය නිසා ඵලදාව ඉහළ ගොස් ඇති බවත් ගොවීහු කියා සිටිති.
ජලය සමග මිශ්‍ර කොට අක්කරයකට බීර කෑන් පහත් හයත් අතර ප්‍රමාණයක් ඉසිය යුතු බව ගෝමරන්කඩවල ගොවීන්ගේ නිර්දේශයයි.
'වැඩෙත් ලාභයි, ඵලදාවත් වැඩියි. වස විස ගැන බය වෙන්න දේකුත් නැහැ.' එක් ගොවි මහතෙකු කියා සිටියේය.
වගාවට බීර ඉසින ගෝමරන්කඩවල ගොවීන් පිළිබඳ ආර්.ජී ධර්මදාස සැකසූ වාර්තාවක්

ආණ්ඩුවට එරෙහිවන්නන් අත්අඩංගුවට ගන්නවා


ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බව  ජාතින නිදහස් පෙරමුණ පවසයි.

එහිමහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගැනීම ද එහි ප්‍රතිඵලයක් බවයි.

කොළඹ අද(02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මොහොමඩ් මුසම්මිල් මහතා මෙම අදහස් පළ කළේ

Friday, September 30, 2016

රණවිරුවන්ට සේම දරුවන්ටත් රජය යුතුකම් ඉටු කරනවා



රණවිරුවන්ට සේම ඔවුන්ගේ දරුවන්ටත් රජයෙන් ඉටුවිය යුතු සේවාව සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය ආරම්භකර  වසර 10ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ අද (29) පැවති "දසවසක අභිමන්" අධ්‍යාපනික ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ලෝකයේ වේගවත් සංවර්ධනයක් අත්පත් කරගත් සෑම රටක්ම පාසල් අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

එමෙන්ම  අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ විභාග පමණක් ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්කර දරුවන්ගේ විවිධ දක්ෂතා සඳහා අවස්ථා ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය වන සැලසුම් සහගත වැඩපිළිවෙළක් කඩිනමින් සකස් විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

දශක තුනක ශාපලත් ත්‍රස්තවාදය නිමාකිරීමට ජීවිත පූජාකළ සහ රණක්ෂයට පත්වූ මෙන්ම රට නිදහස් කර ගැනීමට සක්‍රීය ලෙස දායක වූ රණවිරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් මේ ආරක්ෂක සේවා විද්‍යාලය මීට දශකයකට පෙර ආරම්භ කළා. එය අගය කළ යුතුයි. පසුගිය කාලේ රණවිරුවන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කිරීමට විවිධ දුෂ්කරතා තිබුණා. මේ විද්‍යාලය නිසා රණවිරුවන්ගේ දරුවන්ට විශේෂ අවස්ථාවක් ලැබුණා. පියවරෙන් පියවර දශකයක් වැනි කෙටි කාලයක් ඇතුළත ආරක්ෂක සේවා විද්‍යාලයේ දරුවන් විෂයය හා විෂය භාහිර ක්‍රියාකාරකම් තුළින් විශේෂ දක්ෂතා දැක්වීම මාගේ ඇගයීමකට ලක්කරන්න කැමතියි.

නවීන සංවර්ධන ලෝකයට ගමන් කිරීම සඳහා විධිමත් හා සැලසුම් සහගත අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් විය යුතුයි. දියුණු වූ සෑම රටක්ම ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළා. අප රටක් විදියට අධ්‍යාපන අංශයේ නූතන අවශ්‍යතාවයන්ට සරිලන අයුරින් විෂය මාළා, විභාගක්‍රම සකස් කිරීම අත්‍යාවශ්‍ය කරුණක්.

විභාග පමණක් ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රම වෙනුවට අධ්‍යාපනඥයින්ගේ උපදෙස් ඇතුව විෂය මාළා සකස්විය යුතුයි. අපේ අගමැතිතුමා වගේම අධ්‍යාපන ඇමතිතුමා , අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකර තිබීම සතුටට කරුණක්.  අධ්‍යාපන විෂය සාම්ප්‍රදායික ක්‍රමවේද අනුව ගමන් කලහොත්  එයින් අනාගත අවශ්‍යතාවන්හිදි  මතුවන විවිධ අභියෝගයන්ට රටක් ලෙස මුහුණදීමට අපට බැරිවෙනවා. දරුවන්ට දැන් තිබෙන විභාග බර අඩුකරමින් දැනුම ආකල්ප කුසලතාවලින් පිරිපුන් අනාගත පරපුරක් නිර්මාණය කිරීමට මැදිහත්වීම විද්වතුන් සියළුදෙනාගේම විශේෂ වගකීමක් වනවා.

අධ්‍යාපනය තුළින් ලබන දැනුම කිසිවෙකුටත් සොරාගන්න බෑ. අධ්‍යාපනය ලැබීම තමයි දරුවන් අනාගතයට සිදුකරගන්නා හොඳම ආයෝජනය වන්නේ. මේ දරුවන්ගේ දෙමව්පියන් වගේම ගුරු මහත්ම මහත්මීන් සුවිශේෂ කැපවීමක් සිදුකරනවා. ඒ නිසා පාසල් දරුවන් සියලුදෙනා කැපවීමෙන් අධිෂ්ඨානයෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි. දැයේ අනාගතය භාරගන්න රට ගැන සැබෑ හැඟීමක් ඇති පරපුරක් බිහිවුනොත් මේ රට තවත් ලස්සන කරන්න පුළුවන්.

වර්තමානය වන විට රටතුළ සහජීවනය සහ සමගිය , සංවර්ධනය ගොඩනැඟෙමින් තිබෙනවා. ඒවාට බාධා කරන විවිධ බලවේග වරින් වර මතුවනවා. ඒවාට සාර්ථකව මුහුණදෙමින් රටක් ලෙස අපි ඉදිරියට යා යුතුයි. රට සාමකාමී කිරීමට උදාර මෙහෙවරක නිරතවූ රණවිරුවන්ට වගේම ඔවුන්ගේ දූ දරුවන්ටත් රජයක් ලෙස අපේ වගකීම් සහගත මැදිහත්වීම නිරතුරුව ඉදිරියටත් සිදුකරනවා. මේ ආරක්ෂක සේවා විද්‍යාලය ගොඩනැඟුවේ රණවිරුවන්ගේ දහඩියෙන් සහ ශ්‍රමයෙන්. වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් මේ පාසල දියුණු කිරීමට  හැකි සෑම සහයෝගයක්ම ආරක්ෂක අමාත්‍යාංශය ලෙස අප ලබාදෙනවා. දස වෙනි සංවත්සරයට එළඹි ආරක්ෂක සේවා විද්‍යාලය තුළින් රටට දැයට සේවාවන් සිදුකළ හැකි වැදගත් පරපුරක් බිහිවේවායි ප්‍රාර්ථනා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Tuesday, August 9, 2016

බැසිල් දිවි නැගුමේ වරදක් කර නැහැ - එස්.බී


වි නැගුම ගණුදෙණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිසිදු වරදක් කර නොමැති බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බීබීසි කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන මුදලින් රුපියල් මිලියන 36.5ක මුදලක් යොදවා යකඩ පයිප්ප මිලදී ගෙන ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපතිවරයාගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනයට සහ කොඩි ඔසවා තැබීමට උපයෝගි කරගත් බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව FCIDය චෝදනා ගොණු කොට තිබුණි.
අමාත්‍ය එස්.බී දිසානායක කියා සිටියේ ප්‍රාදේශීය සභා වල පරිහරණයට අවශ්‍ය යකඩ බට මිලදී ගෙන එම ආයතන වලට භාර දීමේ වරදක් තමන් නොදකින අතර එම යකඩ බට තොගය මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් යෙදවීමේදී නීතිය කඩ වීමක් සිදු වී නැති බවයි.

රජයේ ආයතන 35ක් ගැන සෑහීමට පත්වෙන්න බෑ


පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවන ලද වාර්තාවට ඇතුළත් ආයතන 19 ද සමග කැඳවූ මුළු ආයතන 35ම සම්බන්ධයෙන් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් පුද්ගලිකව සෑහීමට පත්විය නොහැකි බව කෝප් සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

Wednesday, August 3, 2016

මාතර සමූහ දූෂණය: තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ


මාතර සමූහ දූෂණය: තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

මාතර, පිටබැද්දර ප්‍රදේශයේ බාල වියේ දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය ජූලි 10 වැනි දින නිවසින් අතුරුදහන් වූ දහතුන් හැවිරිදි දැරිය එදින දහවල් යාමයේ පුරුෂයන් නම දෙනකු විසින්වත් දූෂණය කරනු ලැබ ඇති බවයි, මාතර කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසන්නේ.
එදිනම රාත්‍රියේ තවත් පුරුෂයන් පිරිසක් විසින් දැරිය සමූහ වශයෙන් දූෂණය කර ඇති බවත් කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත පසුගිය සතියේ බීබීසී සංදේශයට කියා සිටියාය.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 12 දෙනකු පසුගිය සිකුරාදා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු අතර, තවත් සැකකරුවන් දෙදෙනකු ඉරිදා සවස් යාමයේ කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජූලි 11 වැනි දින සරණක් පතා මාතර විහාරස්ථානයකට පැමිණි අවස්ථාවේ එහි වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ නමක්ද තමන් දූෂණය කළ බවත් දැරිය පොලිසියට පවසා තිබේ.
චුදිත භික්ෂුන් වහන්සේ ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකු තවමත් සොයමින් සිටින බවත් පොලිස් පරීක්ෂකවරිය සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළාය.
ඒ අතරින් සැකකරුවන් තිදෙනෙකුගේ අනන්‍යතාවය දන්නා නමුත්, ඉතිරි තිදෙනා තවමත් නමින් හඳුනාගෙන නැති බවත් පොලිසිය පවසයි.
හත් වැනි වියේදී සිය සොහොයුරාගේ මිතුරෙකු අතින් මුලින්ම ලිංගික අපයෝජනයට ලක් වූ බවත්, ඉන් අනතුරුව දස වැනි වියේ සිට වසර ගණනාවක් සිය පියාගේ කම්හලේ සේවය කරන පිරිස ඇතුළු පුරුෂයන් අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ බවත් දැරියගේ ප්‍රකාශයේ සඳහන්.

නේවාසිකාගාර සිසුවියන් 'ලිංගික අපයෝජනයට' ලක් වෙලා


නේවාසිකාගාර සිසුවියන් 'ලිංගික අපයෝජනයට' ලක් වෙලා

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නිපුණතා වැඩිදියුණු කිරීමේ නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී ඇති බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
දැරියන් දාහත් දෙනකු අතුරින් වයස අවුරුදු 15 ත් 17 ත් අතර දැරියන් නව දෙනකුපත් වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවයි පොලිසිය කියා සිටියේ.
මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක නිපුණ දෙහිගම කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.
නේවාසික පාඨමාලාව තුළ තමාට සිදු වන අකටයුතුකම් ඉවසා දරා සිටීමට නොහැකි වූ සිසුවියන් සිව් දෙනකු සඳුදා අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියන්ගේ සහාය ඇතිව පොලිසියට පැමිණිලි කොට තිබේ.
පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසු සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කර ඔවුන් නැවත විභාගයට සූදානම් කර දීමේ සය මාසික නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පල වූ දැන්වීමක් ඔස්සේ ළමුන් ඊට ඇතුළත් කොට ඇති බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.
ළමුන්ගේ දෙමව්පියන් ඒ සඳහා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක පාඨමාලා ගාස්තුවක්ද ගෙවා තිබේ.

Friday, July 29, 2016

උ/පෙ සිසුන්ට අනතුරු ඇඟවීමක්


මෙවර උසස් පෙළ විභාගයේදී විභාග අපේක්ෂකයන් විද්‍යුත් උපකරණ භාවිත කළහොත් ඒවා තමන් භාරයට ගෙන මුද්‍රා තබා විභාග දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

ඊට අදාළ ලිපි මේ වන විටත් ශාලාධිපතිවරුන් වෙත යොමු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

නවීන ඔරලෝසු, ජංගම දුරකථන මෙන්ම පටිගත කිරීමේ යන්ත්‍ර ද විභාග ශාලා වෙත ගෙන ඒම තහනම් බව මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.

එවැනි වැරදි සිදුකරන අපේක්ෂකයන්ට වසර 5ක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෝදර පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයී


මෝදර, රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රීවිලරයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

නිරෝෂන් සුරේන් ප්‍රියංකර නැමැති (30) හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති අතර අදාළ පුද්ගලයා අනියම් බිරිඳකගේ බව පැවසෙන කාන්තාවකගේ නිවසේ සිටියදී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 2014දී ග්‍රෑන්ඩ්පාස් හි පුද්ගල ඝාතනයක සැකකරුවෙකු බවට ද හඳුනාගෙන ඇත.