"මතයක් තිබ්බ වේග පන්දු යවන්නන්ට නායකත්වය දරන්න බැහැ කියලා," යනුවෙන් ඔහු කියා සිටියේය.
"මම හිතනවා වේග පන්දු යවන්නන්ට මම සාධාරණයක් කළා කියලා. වේග පන්දු යවන්නන්ට කඩුළු දවා ගන්න පුලුවන් නම් ඕනෑම දෙයක් කරන්න බුද්ධිය ඔවුන්ට තියෙනවා කියල පෙන්නල දීල."
ඉම්රාන් ඛාන්, වසීක් අක්‍රම් සහ කපිල් දෙව් වැනි පන්දු යවන්නන්ට නායකත්වය හිමි වූවත්, සමස්තයක් ලෙස පන්දු යවන්නන්ට ජාතික කණ්ඩායමක නායකත්වය හිමි වීම දුර්ලභ බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.
චමින්ද වාස්
'නායකත්වය හිමි නොවීම කනගාටුවට කරුණක්'
"අත්දැකීම් බහුල, ලෝක කුසලාන තරඟවලට සහභාගිවුණු හිටපු නායකයන් හතරක්, පහක් කණ්ඩායමේ සිටීම අපිට ලොකු ශක්තියක් වුනා," බවයි, ලසිත් මාලිංග පවසන්නේ.
"මම නායකත්වයට පත්වුනාට පසු මම හිතුවා ඒ හැමකෙනාගේම උදවු මම ලබාගන්න ඕනේ කියලා, මම හිතනවා මම ඒ දේ සාර්ථකව කළා කියලා."
ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් තමන් සමග වසර දහයක් පමණ ක්‍රීඩා කොට ඇති නිසා ඔවුන්ගේ දක්ෂතා හා ඔවුන්ට කළ හැකි දේ පිළිබඳව තමන් හොඳින් දන්නා බව පවසන ලසිත් මාලිංග එම නිසා නායකත්වයේ කාර්යභාරය පහසු වූ බවද පැවසීය.
තම කණ්ඩායම ජය ගත්තේ වාසනාව නිසා නොව තමන් පෙන්වූ දක්ෂතා නිසා බව ලසිත් මාලිංග අවධාරණය කළේය.
No comments:
Post a Comment