අතුරුදන්වූ ගුවන් යානය සෙවීමේ සබ්මැරීන මෙහෙයුම යළි ඇරඹේ.
පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා අතුරුදන්වූ මලයාසියානු
ගුවන් යානයේ සුන්බුන් සොයන රොබෝ තාක්ෂණය සහිත සබ්මැරීනය ඊයේ නැවතත් සිය
මෙහෙයුම ආරම්භ කළා. ඉන්දීය සාගරයේ දකුණු දිග කලාපයේ එමගින් සිදුකළ පළමු
මෙහෙයුමේදී අඩි 15 000 කට වැඩි ගැඹුරෙන් වූ මුහුදු පත්ල පරීක්ෂා කළද සාර්ථක
ප‍්‍රතිඵල අත්වූයේ නැහැ. එක් වතාවකදී පරීක්ෂාවට ලක් කළ හැක්කේ සීමිත
ප‍්‍රදේශයක් නිසා සබ්මැරීන මෙහෙයුම අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර මීට පෙර මුහුදු පත්ලෙන් සංඥා ලැබුණු ප‍්‍රදේශයේ කිලෝමීටර් පහයි දශම
පහක පැතිරුණු තෙල් තට්ටුවක් පිළිබඳව නිරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුවී
තිබෙනවා.
No comments:
Post a Comment