චලෙයි ප්‍රදේශයේ මුහුදින් ගොඩගත් ගුවන් යානයේ සුන්බුන් කොටස් ශ්‍රී ලංකා
ගුවන් හමුදාවට අයත් CH 614 දරණ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ බව
පරීක්ෂණ මගින් අණාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදා මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක් වැඩිදුරටත් පහත පරිදිය.
නාවික හමුදාව මගින් පසුගියදා චලෙයි ප්‍රදේශයෙන් මුහුදින් ගොඩගත් ගුවන් යානයේ සුන්බුන් කොටස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් CH 614 දරණ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ බව ගුවන් හමුදාපතිවරයා විසින් පත්කරන ලද විශේෂිත නිලධාරියකු විසින් කරන ලද පරීක්ෂණ මගින් අණාවරණය වී තිබේ.
මෙම යානය 1997 වසරේ මාර්තු මාසයේදී අතුරුදහන් වූ අතර සතුරු ප්‍රහාරයක් හේතුවෙන් යානයේ ගමන් ගත් සියලූ දෙනා සමග ගුවන් යානය කඩා වැටුණු බව බුද්ධි අංශ මගින් පසුව අනාවරණය කරන ලදී.
අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස ෆ්ලයින් ඔෆිසර් ඒ මලලසේකර කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස මේජර් වොවා මිලර් කටයුතු කළේය. යානයේ ගුවන්යානා ඉංජිනේරු ලෙස මේජර් වයි. රොමනෝව් ද ගුවන් ආරක්ෂකයන් ලෙස නායක ගුවන්භට අරුණශාන්ත සහ නායක ගුවන්භට සමරකෝන් පී.ටී කටයුතු කළේය. ෆ්ලයිට් ලෙෆ්ටිනන් පී.එච්ඒ සේනසිංහ, කෝප්රල් නන්දසේන එස්.පී.එල් සහ නායක ගුවන්භට ලියනගේ යන අය යානයේ ගමන් ගත් සෙසු ගුවන් හමුදා සාමාජිකයෝ වෙති.
අනතුර සිදුවී කලකට පසු ගුවන් යානයේ ගමන්ගත් ගුවන් ආරක්ෂකයන් දෙදෙනාගේ මෘතදේහ ඉන්දියානු වෙරළ තීරයේ තිබී හමු වූ අතර මෘතදේහ එම පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් වෙත ලබා දී සියලූ හමුදා ගෞරව සහිතව අවමංගල්‍ය කටයුතු සිදුකරන ලදී.
සුන්බුන් කොටස් හමු වූ මෙම හෙලිකොප්ටර් යානය 1996 නොවැම්බර් මස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාගත් අතර ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ ගුවන් හමුදා පළාලි කඳවුරේ සිට ගුවන්හමුදා හිඟරක්ගොඩ කඳවුර වෙත නඩත්තු කටයුතු සඳහා පියාසර කරමින් පැවතුණි.
දීර්ඝකාලීනව මුහුදු පතුලේ මුහුදු ජලයට නිරාවරණය වීම නිසා සුන්බුන් බොහෝසේ දිරාපත්ව තිබුණු අතර එම ස්ථානයේ කිසිදු ආකාරයක පුද්ගල ශරීර කොටස් හෝ අවශේෂ දක්නට නොමැති බවද වාර්තාවේ.

No comments:
Post a Comment