Thursday, May 29, 2014

බස්නාහිර ඩෙංගු වසංගත තත්ත්වයක්

 



ඩෙංගු මර්දන කටයුතුවලට ගෙන තිබෙන සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට නොගන්නා නිලධාරීන් සිටින්නේ නම් ඔවුන් පිළිබඳව තමාට පෞද්ගලිකව දන්වන ලෙස ඇමැතිවරයා ඊයේ (27)  බස්නාහිර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති විශේෂ ඩෙංගු මර්දන සමාලෝචන රැස්වීමට සම්බන්ධ වෙමින් ඉල්ලීමක් කළේය බස්නාහිර පළාත තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් මතුව තිබෙන බවත් ඉදිරියේදී තවත් එය වර්ධනය වීමේ අවදානමක් මතුව තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලියවඩන මහත්මිය සඳහන් කළාය.
මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 10000කට අධික බවත් ඉන් සියයට 60ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඇය පැවැසුවාය.
වැඩියෙන්ම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, බොරලැස්ගමුව, දෙහිවල ගල්කිස්ස, මොරටුව, රත්මලාන, යන ප්‍රදේශවලින් බවද පලියවඩන මහත්මිය පැවැසුවාය.

No comments:

Post a Comment