Thursday, May 29, 2014

මාතලේ තරුණියගේ ඝාතනය ගැන තැන තැන කටකතා

උපාධිධාරිනියකවූ මාතලේ වරාපිටිය වලව්වේ ලලනී නදීෂා වරාපිටියගේ ඝාතනය බදාදා(28) උදේ වනවිටත් අබිරහස් ඝාතන සිද්ධියක් බවට පත්ව තිබුණි . මෙම අබිරහස් ඝාතනය පිළිබදව විවිධ සැක සහිත කටකතා මේවනවිට ප්‍රදේශය තුළ පැතිර යමින් තිබේ .  දොරගුලු දැමූ නිවස තුළදී ඝාතනයවීම සහ ගෙතුලට පිටතින් කිසිවෙකුත් පැමිණි බවට හේතු සාධක නොතිබීම සැක සහිත කටකතා වඩාත් තහවුරුකර ඇත .
වරාපිටිය වලව්වේ බූදලය පිළිබද ප්‍රශ්නයක් මත නිවැසියෙකු හෝ කීප දෙනෙකු විසින් මෙම ඝාතනය කළාද යන සැකයක්ද ඇත . නිවස ඇතුලතින් නොවූ ඝාතනයක් නම් මංගල උත්සවයට පැමිණ අධික ලෙස බීමත් අයෙකු විසින් කිසියම් හේතුවක් නිසා නදීෂා ඝාතනය කර  දැමුවාද යන සැකයද තිබේ . පිටතින් පැමිණි අයෙකු විසින් නදීෂා ඝාතනය කළා නම් නදීෂා සමග එකම කාමරයේ නිදා සිටි මවට නදිෂාගේ කෙදිරිලි හඩක් හෝ නොඇසුනේ මන්දැයි තවත් ප්‍රශ්නයකි .
වරාපිටිය වලව්ව  කලකින් ඇසුරු නොකළ අසල්වාසින් කීප දෙනෙකු මංගල උත්සවයට කැදවා තිබීම ගැන වලව්ව තුළ කිසියම් කසුකුසුවක් තිබු බවට රාවයක්ද තිබේ . මගුල පැවැති දහවලෙහි කිසියම් දෙපාර්ශ්වයක් අධික ලෙසට බීමත්ව කළහකර ගත් බවට රාවයක්ද ඇත . කලහකාරි අන්දමට හැසිරුනු පුද්ගලයින් මංගල්‍යයට කැදවීම ගැන නදීෂා එතරම් කැමැත්තක්  නොදුක්වීම නදීෂාගේ ඝාතනයට හේතු පාදක වූවාද ?   
සහෝදරයාගේ මනාලිය නිවසට කැන්දන් පැමිණි ඉකුත් 24 දින රාත්‍රී මව හා නින්දට ගිය නදීෂා මොට අවියකින් පහරදී 25 දා අලුයම ඝාතනය කර මළ සිරුර නිවසේ කිසිවෙකුටත් නොදැනෙන සේ නිවසින් පිටතට ගෙන යාමද සැකය තහවුරු කරයි  .මළ සිරුර  නිවස  ආසන්නයේ  දොළ පහරක් අසළට ගෙනැවිත් දැමූ බවට සාක්ෂි අනාවරණය කර තිබීමද  මෙම ඝාතනය පිළිබදව සැකයක් ඇති කර තිබේ .  නිදි යහනට ගිය අවස්ථාවේදී  නදීෂා ඇද සිටි බවට සැලකෙන ඇදුම හා නිදා සිටි කොට්ටය ලෙයින් තෙත්ව තිබීම ලෙයින් තෙත්වූ බවට සැලකෙන  ඇදුම කිසියම් අයෙකු විසින් ගලවා මළ සිරුර නිරුවත්කර සෝදා ලේ පැල්ලම් ඉවත්කර මළ සිරුර අසළ දමා යාම සහ දූෂණය කිරීමකින් පසු ඝාතනය කළ බව හැගෙන අන්දමට කටයුතුකර තිබිමද සැක ඇති කරන සිද්ධීන්ය .
මඩ තැවරුණු සෙරෙප්පු යුගලයක් නිවස තුළ තිබී හමුවීම සහ  නිවසේ උලුවස්සක ලේ තැවරුනු සළකුණු තිබීම නදීෂා නිවස තුළදී ඝාතනයකර දොළ පහර ලගට ගෙන ගිය බවට ඇති  සැකය තහවුරු කිරීමට හේතු සාධක බවට සිතිය හැකිය . මේ වනවිටත් නදීෂාගේ සහෝදරයින් දෙනෙකු මව සහ නදීෂා ඝාතනයවූ දින නිවසේ නිදා ගත් බවට සැලකෙන සහෝදරයෙකුගේ මිතුරෙකුගෙන්ද ප්‍රශ්නකර ඇති පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් බදාදා(28) දහවල් වනවිටත් කිසිවෙකුත් අත් අඩංගුවට ගැනීම කල්මැරීම පරස්පර විරෝධී සැකයන් ඇතිවිමට හේතුවි තිබේ .
මාතලේ කොට්ඨාශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි චන්දුකුමාර  සහකාර පොලිස් අධිකාරි දසනායක  මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක විමල්ශාන්ත යන නිලධාරින්ගේ උපදෙස් මත මාතලේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජි.ඩි.ජී.එස් ධර්මකීර්ති මහතා ඇතුලු නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති .

No comments:

Post a Comment