ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේදී, මිලියන 563ක පමණ
ඡන්ද දායකයින්ගෙන් බහුතරය එරට අගමැති පුටුව භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර
මෝඩිට ලබාදුන් ප්‍රතිඵලයක් මේවන විට නිකුත්ව තිබේ.
ඒ පාලක කොංග්රස් පක්ෂයට ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ ලද දරුණුතම පරාජයද අත්කර දෙමිනි.
ඉන්දීය ලොක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරාගැනීම සඳහා පැවති මෙම
මැතිවරණයේදී මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව භාරතීය ජනතා පක්ෂයට හිමිව
ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 340කි.
කොංග්රස් පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 58ක් වන අතර සෙසු පක්ෂ විසින් හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 141ක් වේ.
මෙම මැතිවරණයට ඉදිරිපත් වී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 8251කි.
අද පෙරවරු අටේ සිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 989ක දී ආරම්භ කළ බව ඉන්දීය මැතිවරණ කොමිසම සඳහන් කළේය.
අප්‍රේල් 07 වන දින ආරම්භ වූ ඉන්දිය මහ මැතිවරණය මැයි මස 12 වැනි දින අවසන් විය.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයේ ජය ඉන්දීය විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට හිමිවනු ඇති බවට ජනමත සමීක්ෂණ වලින් අනාවරණය වී තිබුණි.
මේ අතර තමිල්නාඩුවේ ප්‍රාන්තයේ ආසන 37කින් 35කම ජය ජයලලිතාගේ ඒ.ඩී.එම්.කේ පක්ෂය විසින් දිනාගෙන ඇත.
ජයලලිතා තමිල්නාඩුවේ බහුතර බලයක් දිනා ගනු ලැබුවද මැතිවරණ ප්‍රතිඵලවලට අනූව
භාරතීය ජනතා පක්ෂයට තනිවම රජයක් පිහිටුවීමේ වැඩි බලයක් හිමිව තිබේ.
මේ නිසා ඉන්දීය මහමැතිවරණයේදී තමිල්නාඩුව තීරණාත්මක සාධකයක් ලෙස සැලකුවද
සන්ධාන රජයක් පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයට අවශ්‍යතාවයක් නොමැති බව
දේශපාලන විචාරකයින්ගේ මතය වේ.
ඉන්දීය මැතිවරණ ක්‍රියාදාමයට අනූව රජයක් පිහිටුවීමට මන්ත්‍රී ආසන 250ට වඩා එක් පක්ෂයක් ගැනීම ප්රමාණවත්ය.
මේ නිසා තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව රජයට කළ හැකි බලපෑම් ද හීනවී යනු ඇත.
එය වූ කලී ඉන්දීය නව රජයට හෙට්ටු කිරීමේ බලය ජයලලිතාට අහිමිවී යාමක් ලෙස ද පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවගේ ප්රශ්නය දඩමීමා කර ගනිමින් ජයලලිතා ඉකුත්
කාලයේ පාලක කොංග්රස් පක්ෂයට දැඩි වාග් ප්‍රහාර මෙන්ම අනතුරු ඇඟවීම් ද
කළේය.
විශේෂයෙන් ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේ පාලනයට තමිල්නාඩුවෙන් සිදුවූ බලපෑම් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
තමිල්නාඩු බලපෑම් හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැති
ඡන්ද විමසීම්වලදී පාලක කොංග්රස් පක්ෂයට එක් තීරණයක සිටීමට නොහැකිවීමෙන් මේ
බව මනාව පැහැදිිලි විය.
මේ නිසා ඉන්දීය දේශපාලන ක්ෂේත්රයේ තීරණාත්මක සාධකයක් බවට තමිල්නාඩුව පත්ව තිබිණ.
නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂයට ජයග්‍රහණය හිමිවීමත් සමග එම පක්ෂයට හිතැති
ආධාරකරුවන් මහ පාරට බැස විනෝද වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා
අනාවරණය කරයි.
මේ අතර “ භාරතය ජය ගනී - අනාගතය සුබයි “ යනුවෙන් ඉන්දීය මැතිවරණයෙන්
ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝඩි මැතිවරණ ප්‍රතිඵල නිකුතුවෙන් පසුව පළමු වරට
ප්‍රකාශ කර තිබේ.
මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකරගත් භාරතීය ජනතා පක්ෂයේ
අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අනතුරුව සිය මවගේ ආශිර්වාද ලබාගෙන
ඇති බව සඳහන්ය.
භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් නවදිල්ලිහිදී පක්ෂ මූලස්ථානයට රැස්ව ජයග්‍රහණය සැමරීමේ යෙදී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාවේ 15 වන අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි පත්වනු ඇත.
මෝඩිගේ චරිතයෙන් බිඳක්
1950 වසරේ සැප්තැම්බර් 17 වැනිදා ඉන්දියාවේ වද්නගාර්හි උපත ලැබු නරේන්ද්‍ර
දමෝදර්දාස් මෝඩි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිසෙන්නේ 1975 වසරේදීය.
දැඩි හින්දු මතධාරියෙකු ලෙස ප්‍රකට මෝඩි රාශ්ත්‍රිය ස්වයම්සේවක් නමැති
සංවිධානයට බැඳි හින්දූන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට තිබේ.
නරේන්ද්‍ර මෝඩි භාරතීය ජනතා පක්ෂයට එක් වන්නේ 1985 වසරේදීය.
එහි විවිධ තනතුරු හෙබවු හෙතෙම පසුකාලීනව එම පක්ෂයේ ජාතික ලේකම් ධුරයට පත්වෙයි.
නරේන්ද්‍ර මෝඩිගේ දේශපාලන දිවියේ කැපී පෙනෙන්නේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කාලයයි.
ඔහු ගුජරාට් ප්‍රාන්තයේ වැඩිම කාලයක් මහ ඇමති ධුරය හෙබවු පුද්ගලයා ලෙස ද ඉතිහාස ගත වේ.
සිව්වතාවක් ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි තේරී පත්විය.
2002 වසරේදී ගුජරාට් ප්රචණ්ඩත්වයේ ප්‍රධානතම චූදිතයෙකු වුයේ ද එවකට මහ ඇමතිව සිටි නරේන්ද්‍ර මෝඩිය.
එම ප්‍රචණ්ඩත්වයෙන් මුස්ලිම්වරු විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත් පැවති අධිකරණ ක්‍රියාවලියෙන් නරේන්ද්‍ර මෝඩි නිදහස් වු බව සඳහන්ය.
නරේන්ද්‍ර මෝඩිට 2005 වසරේදී අමෙරිකාව විසින් රාජ්‍ය තාන්ත්‍රික වීසා ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබුණි.
ගුජරාට් ප්‍රචණ්ඩත්වයෙන් ඔහුට එරෙහිව එල්ල වී තිබු මානව හිමිකම් චෝදනා ඊට හේතු විය.
ගුජරාට් මහ ඇමති ධුරය දරන සමයේ දී හෙතෙම චීනය, සිංගප්පූරුව, ජපානය වැනි රටවල් සමඟ දැඩි මිතුදමක් ගොඩනගා ගන්නා ලදී.
කෙසේ වෙතත් නොබෙල් ත්‍යාග ලාභියෙකු වන අමාත්‍යා සෙන් නරේන්ද්‍ර මෝඩි අගමැති ධුරයට තරගවැදීම සම්බන්ධයෙන් ප්‍රසාදයක් පළ කළේ නැත.
ඔහු ප්‍රකාශ කළේ නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයෙකු ලෙස තමා පිළිනොගන්නා බවයි.
ඉන්දියාවේ සුළු ජාතීන් කෙරෙහි මෝඩි ප්‍රමාණවත් කාර්යභාරයක් සිදුකර නොමැති බවට අමාත්‍යා සෙන් චෝදනා කරයි.
ගුජරාට් ප්‍රාන්තයේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය පහත වැටි ඇති බවට ද හෙතෙම පවසයි.
කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝඩි පාලනය ශ්‍රී ලංකාවට හිතකර වනු ඇති බව දේශපාලන විචාරකයින් කියයි.
නරේන්ද්‍ර මෝඩි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය විග්රහ කරන ප්‍රකට
විදෙස් විත්ති විචාරයෙකු වන ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරණායක මහතා කියා
සිටියේ මෝඩිගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිතකර බවකි
No comments:
Post a Comment