තම යතුරු පැදියට මගියෙකු යට කළ රුසියන් ජාතිකයෙකු මෙම මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා බදාදා (21) නියෝග කරන ලදී. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වුයේ 37 හැවිරිදි රුසියානු ජාතික ඕවිස් පෝල් නැමැත්තෙකි. ඔහු පසුගිය18 දින ගාල්ල උණවටුන සිමෙන්ති කම්හල ආසන්නයේ දී වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු තම යතුරු පැදියට යට කර ඇති බව පොලිසිය පවසයි.
අදාල අනතුරෙන් තුවාල ලැබු 60 හැවිරිදි පුද්ගලයා මේ වන විට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි. විත්තිකාර රුසියානු ජාතිකයා වෙනුවෙන් නීතිඥ උදය ශාන්ත මහතා පෙනී සිට ඇත.
No comments:
Post a Comment