Monday, June 2, 2014

අධික වර්ෂාව ජීවිත රැසක් බිලි ගනී

ඊයේ (01) වැටුණු අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක සිදු වූ නායයෑම් සහ වෙනත් වැසි ආපදා හේතුවෙන් ගත වූ පැය කිහිපයඇතුළත පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. මතුගම කිතුල්ගොඩ ප‍්‍රදේශයේ නායයාමක්  නිසා ළමුන්දෙදෙනෙක් ඇතුළුව පුද්ගලයන් පස් දෙනෙක් මියගොස් තිබේ. තලංගම උතුර ප‍්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්වයස අවුරුදු 73 පුද්ගලයෙක් සහ වයස අවුරුදු 63ක කාන්තාවක් මියගොස් තිබෙන අතරමතුගම  ඕමන්ත ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් යුවළක්මියගොස් තිබෙන බව පැවසේ.ඒ අනුව මේ වන විටනායයාම් හේතුවෙන් ඉක්ම ගිය පැය විසි හතර තුළපුද්ගලයන් 9 දෙනෙකුට වඩා මියගොස් ඇති බව වාර්තා වේ.
කොළඹ සහ අවට පෙදෙස්වල වාහන තදබදයක්ද පවතින අතර ඇතැම් මාර්ග ජලයෙන් යටවීම
සහ සමහර මාර්ග සංඥා අකර්මන්‍ය වී ඇත. රාගම දුම්රිය ස්ථානය හරහා ඉහළට සහ පහළට සිදු කෙරෙන සියලූ දුම්රිය ගමන්තාවකාලිකව අත්හිටුවා ඇති අතර රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබීම ඊටහේතුව බව වාර්තා වෙයි. සෙසු මාර්ගවලද දුම්රිය ගමන් ප‍්‍රමාදවිය හැකි බවද පාලක මැදිරියකියා සිටී.
ගුවන් ගමන්වලටද බාධා
පැමිණ තිබෙන බව පැවසේ.අලූයම 5. 15 ට පමණ කටුනායකට ළඟා වීමට තිබූ ගුවන් යානයක් මත්තලට හරවායැවුණු බව වාර්තා වෙයි. ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයටඅයත් එම යානය මස්කට් සිට පැමිණි එකක් බව පැවසේ. කළුතර දිස්ත්‍රික්කයේ නගර රැසක් අඩි දහයක තරම් ජලයෙන් යටව ඇතැයි වාර්තා වෙයි. පැය 12 ක් පමණ එක දිගට මහ වැසි පැවැති අතර මී ගහතැන්න, මතුගම - පැලවත්ත හා, ඉත්තෑපාන  යන මාර්ග සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබේ.

No comments:

Post a Comment