Friday, June 13, 2014

ඉන්දීය ජාතිකයෙකු රත්‍රං තොගයක් රේගුවට කොටුවේ........


නීති විරෝධී අයුරින් රත්‍රං තොගයක් මෙරටට රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(13) පෙරවරු 11.10 ට පමණ සිංගප්පුරුවේ සිට පැමිණි යු.එල් 307 දරණ ගුවන් යානයෙන් අදාළ පුද්ගලයා මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එහිදී ඔහු සතුව තිබී කිලෝග්‍රෑමය බැගින් වු රත්‍රං කුට්ටි 06ක් රේගු බාරයට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් කෝටි 03ක් පමණ වන බව සඳහන් වෙයි.

එම රත්‍රං කුට්ටි ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යාම සඳහා උදව් කළ ශ්‍රී ලාංකිකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු අදාළ ඉන්දීය ජාතිකයා ලබා දුන් රත්‍රං සිය කලිසම් සාක්කුවල සහ පාවහන් තුළ සඟවාගෙන යාමට උත්සාහ කිරීමේ දී රේගු බාරයට ගෙන ඇති බව අද  ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

No comments:

Post a Comment