Sunday, June 15, 2014

අලුත්ගමට සහ බේරුවලට පොලිස් ඇඳිරිය ක්‍රියාත්මකයි

අලුත්ගමට සහ බේරුවලට පොලිස් ඇඳිරිය ක්‍රියාත්මකයි

වහා ක්‍රියාත්මක වන පරිදි අලුත්ගම සහ බේරුවල යන පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කරන වේලාව පිළිබඳ පසුව දැනුම්දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

අලුත්ගම දර්ගා නගරයේදී අද (15) පස්වරුවේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය.

අදාළ ගැටුම මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන්ද යොදවා ඇති බව වාර්තා වෙයි.

ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ

No comments:

Post a Comment