Thursday, June 26, 2014

සගවා ගත් ආයුධ වහාම බාර දෙන්න

අලුත්ගම ‍පොලිස් බල ප්‍රදේශය තුළ සඟවා ගෙන සිටින බෝම්බ, කඩු, කිනිසි, පිස්තෝල, තුවක්කු, යකඩ ‍පොලු ඇතුළු සියලුම අවි ආයුධ වහාම භාරදෙන ලෙසට අලුත්තම ‍පොලීසිය ඊයේ (25) ප්‍රදේශය පුරා නිවේදනය කළේය. ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ‍පොලීසිය මෙම ඉල්ලීම මහජනතාව වෙත දැනුම් දුන්නේය.මෙම මස 28 වැනිදාට ප්‍රථම අලුත්ගම ‍පොලීසියට හෝ ප්‍රසිද්ධ පිට්ටනියකට ඒවා රැගෙන විත් බාර දෙන ලෙසත්, එසේ බාර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවත් අලුත්ගම ‍පොලීසිය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.එසේ බාර නොදෙන අවි ආයුධ අත්අඩංගුවට ගැනීම සඳහා 28 වැනිදායින් පසු දැවැන්ත මෙහෙයුමක් ප්‍රදේශය පුරා සිදුකිරීමට ‍පොලීසිය තීරණය කර තිබේ. අවි ආයුධ ළඟ තබාගෙන සිට අසු වුවහොත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා නීති මගින් ඉදිරි වැඩ කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව අලුත්ගම ‍පොලීසිය

No comments:

Post a Comment