Monday, June 2, 2014

මහ වැසි සමග ජීවිත හානි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර තුළ සිදු වූ අනතුරුවලින් මිය ගිය පිරිස දහතුන දක්වා ඉහළ ගොස් තිබේ.
ජල ගැලීම් හා නායයෑම් මෙම අනතුරු බොහොමයකට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

කළුතර, අගලවත්ත, මතුගම, හා බුලත්සිංහල යන ප්‍රදේශ වලට වර්ෂාවත් සමග දැඩි හානි සිදු වී තිබේ.
මේ අනුව වැඩි දෙනකු මියගොස් තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ.

'ප්‍රමිතියෙන් බාල තාප්පයක්'

සිය නිවස අසලම තිබෙන ප්‍රමිතියෙන් බාල අඩි තිහක පමණ තාප්පයක් කඩා වැටීම හේතුවෙන් සිය බිරිඳගේ දෙමාපියන් මිය ගිය බව ආර්එම්ඩීකේ රත්නායක සංදේශයට කියා සිටියේය.
"ලොකු වර්ෂාවත් එක්කම පාන්දර තුනට විතර ඒ තාප්පේ කඩා වැටිලා ගෙයින් බාගයක් කඩා වැටුනා. කඩා වැටිලා අම්මයි තාත්තයි ඉන්න මුළු කාමරේම යටවුනා"
මියගිය අයකුගේ ඥාතියෙක්
"ලොකු වර්ෂාවත් එක්කම පාන්දර තුනට විතර ඒ තාප්පේ කඩා වැටිලා ගෙයින් බාගයක් කඩා වැටුනා. කඩා වැටිලා අම්මයි තාත්තයි ඉන්න මුළු කාමරේම යටවුනා," යනුවෙන්ද ඔහු පැවසීය.
තමන් ඔවුන් දෙදෙනා සොයා ගත්තේ වහලෙන් බැස නිවසට ඇතුළුවීමෙන් අනතුරුව බව පවසන ආර්එම්ඩීකේ රත්නායක, ඔවුන් සොයා ගන්නා විට දෙදෙනාම මියගොස් සිටි බවද කියා සිටියේය.
අගලවත්ත කිතුල්ගොඩ ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අතර අවුරුදු හතරක් වයසැති බිලිඳෙකු ද සිටින බව මාධ්‍යවේදීහු පවසති.
අගලවත්ත ඕමත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු මිය ගොස් තිබේ.
බුලත්සිංහල පොලිස් වසමේ මතුගම අඹගහකන්ද ප්‍රදේශයේ දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් වී ඇති අතර එක් පුද්ගලයකු අතුරුදහන් වී ඇති බව සඳහන්.
මීගහතැන්න කළුපහන ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් තවත් පුද්ගලයකු මිය ගොස් තිබේ.
මතුගම වැලිතැන්න ප්‍රදේශයේ එක් පුද්ගලයකු වතුරට ගසා ගෙන යාම නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර තලංගම උතුර ප්‍රදේශයේ කළුගල් බැම්මක් කඩා වැටීම නිසා තවත් පුද්ගලයන් දෙදෙනකු මරුණුවට පත්ව තිබේ.
විපතට පත් පිරිස් වලට සහන සැලසීමට ගුවන් හමුදා සහය ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.
අද දිනයේත් වැසි ඇති විය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, කළුතර දිස්ත්‍රික්කය අවට මුහුදු මුහුදු තීරයේ ධීවර කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

No comments:

Post a Comment