Tuesday, July 8, 2014

ඊ.සී.ජී. ගන්නා කාන්තාවන්ගේ නිරුවත් උඩුකය වීඩියෝ කරලා

මීගමුව දිසා මහා රෝහ‍ලේ ප්‍රතිකාර ලබන නේවාසික රෝගී කතුන්ගේ උඩුකය නිරුවත් කර ඊ.සී.ජී. ගනිද්දී ජංගම දුරකතනයකින් එම දර්ශන වීඩියෝ ගත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක් 16දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නිශේන්ද්‍ර ඒකනායක මහතා 5දා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත වූයේ මීගමුව තලාදුව පදිංචි එක්දරු මවකි. 
සැකකාර කාන්තාව මෙම රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය නැන්දම්මා ළඟ ඇයට උපස්ථාන කිරීමට සිටිමින් මෙම නීතිවිරෝධී ක්‍රියාව කර ඇතැයි ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. මීගමුව රෝහල් ‍පොලීසිය විසින් සැකකාර කාන්තාව ජංගම දුරකථනය සමග අත්අඩංගවට ගෙන ඇත. එම ජංගම දුරකථනය තුළ වීඩියෝ දර්ශන හා ඡායාරූප දර්ශන රූපරාමු 10 බැගින් තිබුණු බව කියයි. මීගමුව ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ රෝහල් ‍පොලීසිය හා එක්ව පරීක්ෂණ කටයුතු මෙහෙයවන ලද අතර, මීගමුව ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ‍පොලිස් සැරයන්වරු වන 25506 එච්.එම්.ජේ. රූපසිංහ මහතා හා 4818 එන්.එස්. හෂීම් මහත්මිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කළේය.

No comments:

Post a Comment