Tuesday, July 8, 2014

ආසියාව හොල්ලපු කුඩු තොගයේ

ආසියාවේ එක් ස්ථානයකින් අල්ලාගත් වැඩිම හෙරොයින් තොගය වන හෙරොයින් කිලෝ 261අල්ලාගන්නට තොරතුරු දුන් ඔත්තුකරුට එම හොරායින් තොගය අල්ලාගෙන මාස 10 කට අධික කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු තෑගි මුදලක් ලැබී නැත. ග‍්‍රීස් ටින් 1262 ක සගවා පකිස්තානයේ සිට කන්ටේනරයකින්මෙරට ගෙන එන ලද හෙරොයින් තොගය ඔරුගොඩවත්ත රේගු අංගනයේදි සොයා ගන්නේ ඉකුත් වසරේ අගෝස්තු 30 වෙනිදාය.පොලිස් මූලස්ථානය මගින් විටෙන් විට ප‍්‍රසිද්ධකර ඇති දැන්වීම්වට අනුව හොරොයින් කිලෝවක් සොයා ගැනීමට තොරතුරු ලබාදෙන්නෙකුට ලබාදෙන ත්‍යාග මුදල රුපියල් ලක්‍ෂයක් වනු ඇත. ඒ අනුව මෙම හොරායින් තොගයට ඔත්තුව දුන් පුද්ගලයාට රුපියල් ලක්‍ෂ 261 ක මුදලක් හිමිවිය යුතුය. මේ වන විට එම මුදල ඔත්තුකරුට ලබාදෙනවා වෙනුවට එය මාස 10 ක් තිස්සේ පොලිස් මූලස්ථානය මගහැර සිටින බව ඔත්තුකරු සඳහන් කරයි. ඔහු අවස්ථා කිහිපයක්ම පොලිස මූලස්ථානයට පවා ගොස් පොලිස්පතිවරයාව මුනගැසීමට උත්සහ දරා ඇතත් ඊට ඔහුට අවස්ථාවද ලැබී නැත.

No comments:

Post a Comment