නොකියා සමාගමේ අයිතිය දැන් හිමි වන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමටයි. ඉතින්
දැන් මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත Nokia Lumia
ජංගම දුරකථන වලටයි වැඩි ආවධානයක් දීලා තියෙන්නේ. ඒ වගේම අන්තර්ජාල
සම්බන්ධතාවය අනවශ්‍ය අය සඳහා Feature Phone නිපදවීම ගැනත් ඔවුන් අවධානය
යොමු කරලා.
ඉතින් මේ මයික්‍රොසොෆ්ට් සමාගමට අයිති නොකියා විසින් පසුගිය දා මිලෙන්
අඩු ජංගම දුරකථනයක් නිකුත් කලා. මෙය මයික්‍රොසොෆ්ට් විසින් නිකුත් කල මිලනේ
අඩුම ජංගම දුරකථනයයි. Nokia 130 නම් කර ඇති මේ ජංගම දුරකථනයේ මිල $25ක්.
Dual Sim හා Single Sim ලෙස varieties දෙකකින් ලබාගන්නට පුළුවන් Nokia 130
විශේෂයෙන් නිපදවා ඇත්තේ සංගීත වාදනයටත් වීඩියෝ පට නැරඹීමටත් ය. ඒ වගේම පැය
46ක සංගීත වාදන කාලයකුත් පැය 16ක වීඩියෝ ධාවන කාලයකුත් සඳහා බැටරිය
ප්‍රමාණයත් වේ. 32GB ධාරිතාවයක් ද සහිත නිසා වැඩි ගීත හා විඩීයෝ පට
ප්‍රමාණයක් ගබඩා කරගන්නට පුළුවනි. ඒත් මෙහි අඟල් 1.8ක අතිශය කුඩා LCD තිරය
වීඩියෝ පට නැරඹීම සඳහා නම් ඒ තරම් ප්‍රමාණයත් නැහැ.
මේ නව හඳුන්වා දීමත් සමඟ මයික්‍රොසොෆ්ට් හි නිලධාරියෙකු ප්‍රකාශ කලේ
Nokia 130 ඉලක්ක කරන්නේ ආසියානු හා අප්‍රිකානු සංවර්ධනය වෙමින් පවතින රටවල්
බවයි. ඒ වගේම මීට ප්‍රථම මයික්‍රොසොෆ්ට් සමාගම එම ජන කණ්ඩායම ඉලක්ක කරන
නිෂ්පාදන නිපදවූයේ නැහැ.
ඒ විතරක් නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමේ CEO වන Satya Nadella පසුගිය
දවසක පැවසූවේ Android සහය දක්වන Nokia X දුරකථන නිකුත් කිරීම අතහරින බවයි.
කෙසේ වුනත් මේ නව Nokia 130 ජංගම දුරකථනය ලංකාවට නිකුත් කරන දිනය පිළිබඳවනම් තවම හෝඩුවාවක් නැහැ.
No comments:
Post a Comment