Thursday, October 9, 2014

අමෙරිකාවේ පළමු ඉබෝලා රෝගියා මරුට

මෙරිකාවෙන් වාර්තා වු පළමු ඉබෝලා රෝගියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තෝමස් එරික් ඩන්කන් නමැති ලයිබීරියාවේ උපත ලද 42 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

අමෙරිකාවේ ටෙක්සස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් තිබේ.

මෙම පුවත වාර්තා වීමත් සමඟ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්ය.

ඔහු පෙන්වා දෙන්නේ ඉබෝලා වෛරසයට එරෙහිව සියලු ජාතීන් එක්ව සටන් කළ යුතු බවයි.

No comments:

Post a Comment