Saturday, October 18, 2014

Oil nearly falls below $80 on oversupply



ඛනිජ තෙල් මිල වාර්තාගත ලෙස පහළට. සෞදියට ඔපෙක් රට වලින් චෝදනා



ලෝක වෙළඳ පොළට සැපයෙන බොරතෙල් ප්‍රමාණය වැඩිවීම නිසා බොරතෙල් මිල ගණන් මාස 47 කට පසුව වාර්තාවූ අඩුම අගය දක්වා පහත බැස තිබේ.
මේ අනුව, බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 කට ආසන්න අගයක් දක්වා පහත වැටී තිබෙන අතර සෞදි අරාබිය විසින් ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකර සැපයීම මෙම පහත වැටීමට ප්‍රධානතම හේතුවයි.
මේ අතර, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසා තිබෙන්නේ මේ වසරේදී ලෝක බොරතෙල් ඉල්ලුම තවදුරටත් අඩුවනු ඇති බවයි. ලෝක වෙළඳ පොළේ මේ වනවිට බොරතෙල් මිල ගණන් අඩුවීම කෘත්‍රිම අඩුවීමක් බව ආර්ථීක විශ්ලේෂකයින් පෙන්වාදී තිබේ.
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩුවෙද්දී සෞදි ආරාබිය විසින් ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකිරීමට අමතරව අලෙවි කරන ඛනිජ තෙල්වල මිල අඩුකිරීමටද පසුගියදා කටයුතු කළේය.
සෞදි ආරබිය විසින් මෙම මිල අඩුකිරීම සිදුකළේ ලෝක වෙළඳ පොළේ ඉල්ලුමට සාපේක්ෂව ඉහළ ඛනිජ තෙල් සැපයුමක් ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් කරන තිබෙන පුරෝකතනය හේතුවෙනුයි.

No comments:

Post a Comment