Monday, October 6, 2014

Sabaragamuwa University closed indefinitely


සබරගමු සරසවිය දින නියමයක් නොමැතිව වසාදමයි





සබරගමුව විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ සිසුවියන් විනය විරෝධි ක්‍රියාවක නිරත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

අද දිනයේ විශ්වවිද්‍යාලය සඳහා නව කාන්තා නේවාසිකාගාර දෙකක් විවෘත කරනු ලැබුණි.

නමුත් සිසුවියන් එම නේවාසිකාගාර වලට නොගොස් පිරිමි නේවාසිකාගාරයේ කොටසටක ගොස් ඇති බව උප කුලපතිවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට නොහැකි බැවින් දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ බව උප කුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කර සිටියේය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කාන්තා නේවාසිකාගාරය විවෘත කිරීමට පැමිණි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට බාධා සිදුකළ සිසුන් පිරිසක් විසුරුවා හැරීමටද පොලිසියඊයේ(05) උදෑසන කටයුතු කළේය.

No comments:

Post a Comment