Sunday, March 22, 2015

Sarath Fonseka bestowed with Field Marshal title-ෆොන්සේකා කිසි දිනක විශ්‍රාම නොයයි - ෆීල්ඩ් මාර්ෂල් නිලයෙන් පිදුම් ලබයි


ෆොන්සේකා කිසි දිනක විශ්‍රාම නොයයි - ෆීල්ඩ් මාර්ෂල් නිලයෙන් පිදුම් ලබයි

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා  ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය  අද කොළඹදී පැවැත්වුණි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම නිලය ද වන මෙය කිසි දිනෙක විශ්‍රාම නොයන ෆීල්ඩ් මාර්ෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු හා සමතැන් ගන්නා තනතුරක් වෙයි.

1970 වසරේ පෙබරවාරි මස 5 වන දා යුද හමුදාවට එක් වූ සරත් ෆොන්සේකා මහතා සිංහ රෙජිමේන්තුවේ පළමු වන බල ඇණියේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සිය හමුදා ජීවිතය ආරම්භ කළේය.

ලුතිනන්, කපිතාන්, මේජර් නිලයන් පසු කරමින් ඔහු 23 වන බල සේනාවේ ආඥාපතිවරයා ලෙස පත්වූයේ කර්නල් නිලයට උසස් වීම් ලබමින්ය.

කර්නල්වරයෙකු ලෙස එවක පැවති ත්‍රස්තවාදයට එරෙහි සටනට නොබියව මුහුණ දුන් මේ සෙන්පතියා එම කාල සීමාවේ බලවේගය මෙහෙයුමට සක්‍රීයව දායක විය.

1993 වසරේ දෙසැම්බර් පළමු වෙනද බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද ඔහු 1998 වසරේ පෙබරවාරී 23 වන දින මේජර් ජනරාල් නිලයට උසස් කෙරිණි.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී  සරත් ෆොන්සේකා මහතාට යුධ හමුදාපති තනතුරේ වගකීම් පැවරුණේ 2005 වසරේ දෙසැම්බර් 06 වෙනිදාය.

නව පත්වීමත් සමග යුධ හමුදාවේ විවිධ ප්‍රතිසංස්කරණ හා නවීකරණ සිදුකරමින් ලුතිනන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග ත්‍රිව්‍රර කළේ ය.

යුද හමුදාපති ධුරයට පත්ව සති කිහිපයකින්, එනම් 2006 අප්‍රේල් 25 වෙන දා ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක ඉලක්කයක් බවට පත් විය.


මාවිල්ආරු සටනේ සිට නන්දිකඩාල් දක්වා එල්.ටී.ටී.ඊ.ය කොටු කළ සටනේදී යුද හමුදාවට නායකත්වය දුන් මෙම සෙන්පතියා අවසානයේ සිය අරමුණ සාර්ථක කර ගන්නා ලදී.

මව්බිම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට පෙරමුණ ගත් පිරිස අතර සිටි මේ සෙන්පතියා යුද ජයග්‍රහනයෙන් පසුව ඇගයීමට ලක් කළේ, ජෙනරල් නිලයට උසස් කරමින්ය.

අනතුරුව ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කෙරුණි.

බලවේගය ,නොනවතින රැල්ල වඩමාරච්චි, රිවිරැස ඇතුළු ක්‍රියාන්විත සමග තිස්වසරක් පැවති යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මේ සෙන්පතියා රණ බිමේ පෑ සමත්කම් උදෙසා පදක්කම් රැසකින් පුද ලද අයෙකි.

රණශූර, රණ වික්‍රම ,විශිෂ්ට සේවා විභූෂණ ,උත්තම ‍සේවා, දේශ පුත්‍ර ඉන් කිහිපයක් වෙයි.

ජෙනරල් සරත් ෆොන්සේකා සිය උපරීම සේවය ඉටුකර තිස් වසරකට අධික සේවා කාලයක් අවසන් කරමින් 2009 වසරේ යුද හමුදා සේවයෙන් සමුගෙන දේශපාලන ප්‍රවාහයකට පිවි‍සුණේය.

No comments:

Post a Comment