Wednesday, April 22, 2015

අවංක හා වංක අය ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා


සමාජය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව ගෙවුණු කාලය තමන්ට වඩාත් ප්‍රයෝජනවත් වු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ අවංක සහ වංක පුද්ගලයින් කවුරුන්ද යන්න තමන්ට හොඳ අවබෝධයක් ලැබුණු බවයි.

 ගම්පහ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවුලක් පෝෂණය කිරීම සඳහා නිර්මාණය කළ දේශපාලන පක්ෂයක් නොවන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ ප්‍රතිපත්ති සම්පාදනය කළ පක්ෂයක් බවයි.

වරාය හා නාවික අමාත්‍යාංශයේ නිලධාරීන් අමතමින් ඊයේ පැවති උත්සවයකදී අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment