එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117 ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමින්.ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බීබීසී ය සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාව මෙයයි.
"බොහොම ස්ථිරවම ආසන 117 ක් බහුතර බලයක් අපි ලබාගන්නවා," ඔහු පැවසීය.
එසේ ජයග්‍රහණය ලබන්නේ නම්, එවිට ඔහු අගමැති පදවියට පත් කෙරෙනු ඇතිදැයි විමසූ විට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා කියා සිටියේ: "ඒක ඒ වෙලාවට බලා ගමු," යනුවෙන්.
'අභියෝගයක් නෑ'
ජනපතිවරණය කැඳවීම පිළිබඳව දැන් කණගාටු වන්නේ දැයි බීබීසී සංදේශය කළ විමසීමට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා, කණගාටුවක් නොව එය වැරදි තීන්දුවක් බව බොහෝ දෙනා දැන් තමන්ට පවසන බව කියා සිටියේය.ජ්‍යෝතිෂවේදීන්ගේ උපදෙස් මත එම තීන්දුව ගනු ලැබුවේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ: "නෑ නෑ නෑ එහෙම එකක් නෑ. මොකද අපේ මන්ත්‍රීවරු, ඇමැතිවරුත් කිවුවා ඉක්මනට තියන්න කියල," යන්නයි.
අගමැති රනිල් වික්‍රමසිංහ තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් නැත්නම් එය තමන්ට ගැටලුවක් නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයා සඳහන් කළේය.
සන්ධානයේ අගමැති අපේක්ෂකයා නොවන බැවින් මහින්ද රාජපක්ෂ සමඟ විවාදයකට තමන් සූදානම් නැති බවයි අගමැතිවරයා කියා සිටියේ.
"මම එහෙම අභියෝගයක් කළේ නෑ මම හිතන්නේ. මට මතක නෑ මම එහෙම කළා ද කියල. මගේ ෆේස්බුක් එකේ වෙන්න බෑ. එක එක්කෙනා අභියෝග කරලා තියෙනව එයාට."
මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ, "ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ප්‍රහාරය එල්ල වන තුරු" කොටි සංවිධානයට මුදල් දුන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කරන චෝදනාවද හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි.
"මොන විකාරද? එයානේ මුදල් දුන්නේ? මුදල් විතරක් නෙවෙයි එයා දෙන්න තියෙන ඔක්කොම දුන්න. ආයුධ දුන්න ඒ කට්ටිය, ගුවන් විදුලියක් දුන්න. රටත් දුන්න. රට බෙදල දෙන්න ලැස්ති වෙලා තිබුණේ."
කොටි සංවිධානයට මුදල්?
එදා පැවති වාතාවරණය දැන් බොහෝ දෙනාට අමතක වී ඇති බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මාධ්‍යවේදීන් සහ පුද්ගලිකව මා වෙතත් වක්‍ර චෝදනාවක් එල්ල කිරීමටත් අමතක කළේ නැහැ.හදිසියේම එවැනි 'චෝදනාවක්' මා වෙතත් එල්ල කළ නමුත්, සමස්ත සාකච්ඡාව පුරාම හිටපු ජනපතිවරයා අදහස් දැක්වූයේ ඉතාම සුහදශීලී ලෙසින්.
කොටි සංවිධානයට මුදල් දුන් බවට එල්ල වන චෝදනාව "අමූලික බොරුවක්" බව පවසන හිටපු ජනපතිවරයා එම චෝදනාව විග්‍රහ කරන්නේ "ලැබූ ජයග්‍රහණ බාල්දු කිරීමට කරන අවලාදයක් ලෙසින්."
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ තමන් අතර පැවැත්වුණු තුන්වෙනි සාකච්ඡාව 'රහස් සාකච්ඡාවක්' බව ඔහු පිළිගත්තේය.
"ඒ රහස්‍යභාවය එහෙමම තියෙනව."
හිටපු ජනපතිවරයා සමඟ සාකච්ඡාවේ දෙවැනි කොටස ඉක්මනින්ම පළ
No comments:
Post a Comment