මීට වසර කිහිපයකට ඉහතදී ඝාතනයට ලක් වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට
සිය පවුලේ සම්බන්ධයක් තිබෙන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව
හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
තාජුඩීන්
සිය පවුලේ සමීප මිත්‍රයෙකු බව හිටපු මන්ත්‍රීවරයා හම්බන්තොට දී බීබීසී යේ
කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කියා සිටි බව බී.බී.සී පුවත් සේවය උපුටා
දක්වයි.
බී.බී.සී පුවත් සේවය සඳහන් කරන අන්දමට නාමල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කරයි.
"අපි
ගෙදර ගිහිල්ල එයාගේ අම්මල, සහෝදරයොත් එක්ක එකට ජීවත්වුනා. කාල බීල හිටිය,"
ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා පැවසීය.
"ඒ වගේම ඔහු
හොඳ මිත්‍රයෙක්. තදින්ම ආශ්‍රය කරපු කෙනෙක්. වසර පහක් හයක් එක කණ්ඩායමට
ක්‍රීඩා කළ කෙනෙක්. ක්ලබ් ගැහුවා, අපි ශ්‍රී ලංකාවට එකට රගර් ක්‍රීඩා කරපු
සහෝදරයෙක්."
ඝාතනය 'දේශපාලනීයකරණය කිරීම' ඔහුගේ පවුලට කරන අසාධාරණයක් ."
එම
ඝාතනය සම්බන්ධයෙන් 'අසාධාරණයක් වී තිබෙන්නේ නම්' සාධාරණය ඉටු විය යුතු බව
පවසන හිටපු මන්ත්‍රීවරයා, එය 'දේශපාලනීයකරණය කිරීම' ඔහුගේ පවුලට කරන
අසාධාරණයක් බවද සඳහන් කළේය.
කෙසේ නමුත් විමර්ශනය අවසන් වීමට ප්‍රථම
රාජපක්ෂ පවුලට ඇඟිල්ල දිගු කිරීම මගින් ඝාතනයට ලක් වූ බව පැවසෙන තාජුදීන්
ගේ පවුලට සාධාරණය ඉටු නොවන බවත් ඔහු කියා සිටියේය.
කෙසේ නමුත්
රාජපක්ෂ පාලනය සමයේ ඔහුගේ මරණයට හේතුව හදිසි අනතුරක් ලෙසින් හැඳින්වූ
පොලිසිය දැන් එය ඝාතනයක් බව පැවසීම මගින් හෙළිවන්නේ එදා නීතිය නිසි පරිදි
ක්‍රියාත්මක නොවූ බව දැයි සංදේශය කළ විමසීමේදී හිටපු මන්ත්‍රීවරයා කියා
සිටියේ "ඒ කාලේ තිබුණු පොලිසියම තමයි දැන් තියෙන්නෙත්. වෙනසක් නෑනේ?,"
යනුවෙනි.
පොලිස්පතිවරයා ඇතුළු එදා පොලිසියේ වෙනසක් වී නැති නමුත්
ඔවුන්ගේ ක්‍රියාකලාපයේ පමණක් වෙනසක් වී ඇති බව හිටපු මන්ත්‍රීවරයා
වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment