කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන
සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස්
පොලීසියට අවසර ලබා දී තිබේ.
ඒ අනූව රහස් පොලීසියට සැකකරු පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා උසාවිය අවසර ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සේයා
සදෙව්මි ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ ගම්පහ, බෙම්මුල්ල, බඳුවතුගොඩ
ප්‍රදේශයේ සුසාන භූමීයක් අසළ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුගෙන් රහස් පොලීසිය අද පෙවරුවේ සිට ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ
No comments:
Post a Comment