Wednesday, December 9, 2015

තාජුඩීන්ගේ මෘද දේහයේ අස්ථි කොටස් නැතිවීම ගැන අධිකරණ වෛද්‍ය නිලධාරිගෙන් වාර්තාවක්

ආන්දෝලනයට තුඩුදුන් රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණයට අදාළව ඔහුගේ මෘද දේහයේ අස්ථි කොටස් නැතිවීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

නඩුවට අදාළව කර තිබුණු දැනුම්දීමක් අනුව අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තමා විසින් එවක 2012 වසරේදී මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එම මෘත දේහයේ අස්ථි කොටස් කිහිපයක් ශීතකරණයක බහාතැබීමට උපදෙස් දුන් බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

එහෙත් 2013 වසරේ ජූනි මස 03 වන දින තමන් විශ්‍රාම ගත් බවත්, ඉන් ඉක්බිතව මෙම මරණය සම්බන්ධයෙන් සිදුවූ ක්‍රියාකාරකම් පිළිබඳ තමා දැනුවත්ව නැති බවත් අධිකරණ වෛද්‍යවරයා එම වාර්තාවෙන් අධිකරණයට දන්වා ඇත.

No comments:

Post a Comment