Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, January 18, 2016
වෛද්‍ය සංගමය අගමැති හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (18) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
එම සාකච්ඡාවේදී කාරණා කිහිපයක් ගැන අවධානය යොමු වූ බවත්, වාහන බලපත්‍රය ඇතුළු ඇතැම් කරුණු ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණි බව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම නිවේදනය පහත පරිදිය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (18) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
මූලික වැටුප සහ ජාතික වැටුප් ප්‍රතිපත්තිය, වෛද්‍යවරුන්ගේ නිල ප්‍රවාහන පහසුකම්, ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා ස්ථාන මාරුවීම් ලබන වෛද්‍යවරුන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළත් කර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ හා සුහදශීලී ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.
වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ අනෙකුත් කාර්ය මණ්ඩල සිය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් විදේශයන්හි සේවය සඳහා ස්ථානගත කිරීම පිළිබඳ යෝජනා මාලාවක් ද මෙහිදී සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා වෙත බාර දෙන ලදී.
වැටුප් කොමිසම නිර්දේශ කර තිබූ වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනා පිළිබඳව සොයා බැලීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත උපදෙස් දෙන ලදී.
මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ද මෙහිදී සංගමය විසින් කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව පිළිතුරක් ලබා දෙන බව අගමැතිවරයා පැවසීය.
වාහන බලපත් ලබා දීමේදී පළමු බලපත්‍රය වසර 6 කින් පසුව ද, දෙවන බලපත්‍රය වසර 10 කින් පසුවද ලබා ගැනීමට හැකි වන බව රජයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. විශ්‍රාම ලබන රජයේ සේවකයන්ගේ වාහන බලපත්‍රය ලබාදීමටත් රජය කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි. එහෙත් වසර 10 ක කාල සීමාව සම්බන්ධව වෛද්‍ය නිලධාරී සංගමයේ එකඟත්වය පළ නොවිණි.
මේ සියලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවය එකඟවිණි.
සෞඛ්‍ය අමත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය මා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අමාත්‍යංශ නිලධාරීහූද මේ අවස්ථාවට එක්වූහ.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment