Friday, January 27, 2017

විශ්‍රාම ගන්න හිටපු මාව ඇදලා ගත්තේ මෛත්‍රී!

 
 විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සි‍ටියේ අද(27) නුගේගොඩදී පැවති රැළියට එක් වෙමිනි.

ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත්, එයට විරෝධීව නැඟී සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම වර්තමානය වන විට විශාල ණය අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති බවත්, එයට තමන්ට චෝදනා නඟන බවත් ඒ  ඔහු කියා සිටියේය.

තමා ණය ලබා ගත්තේ රට සංවර්ධනය කිරීමට බවත්, එහි ප්‍රතිඵල ජනතාව දැන් භුක්ති විදින බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව විසින් විශාල වශයෙන් ණය ලබා ගත්තද කළ කිසිවක් නොමැති බවයි.

වර්තමානණයේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථිකයේ අවපාතය හේතුවෙන් තමන් හිතා මතා මැතිවරණයෙන් පරාජය වූ බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත්, එසේ ඔවුන් දැන සිටියේ නම් ආණ්ඩුව භාර ගත්තේ ඇයිද යන්න ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම රට තුළ ඇති රාජ්‍ය මෙන්ම පෞද්ගලික සම්පත් විකුණමින් රට දිනෙන් දින කාබාසිනියා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

හම්බන්තොට පමණක් නොව කොළඹින්ද අක්කර 8ක ප්‍රදේශයක් විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ.

විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි. මේ ආණ්ඩුවට පුළුවන් එච්චරයි

වාහන අවභාවිත කරන්න අනුබල දුන්නා කියා විමල් හිරේ දැම්මා. දැන් වාහන නෙමෙයි. හෙළිකොප්ටරත් තියෙනවා. මොන්ටිසෝරි සිලබස් එකටත් සමලිංගික කතා දාන්න යනවා. අපේ දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ. අපේ සංස්කෘතිය සෞඛ්‍යත්වය රැකගන්න ඕනෑ. මේ රැස්වීම සංවිධානය කරලා අපි කියන්නේ මේ ආණ්ඩුව ගෙදර පලයං කියලයි.

මේ රටේ මහා මංකොල්ලයෙන්  පිරිලා. සමහර ආයතන දැන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා ගන්නවාලු. ඒ හොරකම් කළ සල්ලිවලින් ගත්තු දේපොළ අපි බලයට ආවම රාජ සන්තක කරනවා. දූෂණ වැඩිවෙලා කියලා ට්‍රාන්පේරන්සි වාර්තාවේ තිබෙනවා. රට බේරාගත්තු රණවිරුවන් අද මහපාරේ ගුටි කනවා. කොස්කොළ කාපන් කියා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා නම් වැරදි. අද හාල් කියද? මේකටද අපි ඡන්දේ දුන්නේ? මේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ තණ කොළ "





No comments:

Post a Comment