Thursday, January 25, 2018

තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද ගණන් කිරීමට සමගාමීව පෙබරවාරී 10 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට සමගාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ලබන පෙබරවාරී 09 වැනි දින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවල නියමිත ඡන්ද මධ්‍යස්ථානයට යැවෙන නමුත් එකී තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු විවෘත කර ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීම සිදු කෙරෙන පෙබරවාරී 10 වැනි දින ප.ව. 4.00න් අවසන් වීමෙන් පසු සිදු කිරීමට නියමිතය.




පෙබරවාරී 10 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට සමගාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ලබන පෙබරවාරී 09 වැනි දින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවල නියමිත ඡන්ද මධ්‍යස්ථානයට යැවෙන නමුත් එකී තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු විවෘත කර ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීම සිදු කෙරෙන පෙබරවාරී 10 වැනි දින ප.ව. 4.00න් අවසන් වීමෙන් පසු සිදු කිරීමට නියමිතය.

Friday, January 27, 2017

ජනාධිපති ට්‍රම්ප් ඉතිහාසගතවන හේතු අටක්..


ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු අටක් හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනු ඇත.
ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආදරය කළද නොකලද ඔහුගේ වයස, බැංකුවේ ඇති තැන්පතුව, සුරතල් සතුන් ඇති නොකිරීම වැනි 'ඉතිහාසයේ පළමු ස්ථානය' හිමිකරගන්නා හේතු අටක් විස්තර වන්නේ මතු සඳහන් අයුරිනි.

1.පදවියේ දිවුරුම් දෙන වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපති

එළැඹෙන ජූනි මස 14 වැනිදා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 70 වැනි උපන්දිනය සමරයි. ඒ අනුව පදවියේ වැඩ භාරගත් වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඔහුය.
මින් පෙර එම වාර්තාව තබා තිබුණේ රොනල්ඩ් රේගන්ය. 1981 දී ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙනවිට ඔහුගේ වයස 69 ක් විය.
කෙසේවුවද ට්‍රම්ප් ගේ වෛද්‍යවරයා පවසන්නේ 'ජනාධිපති පදවියට පත් වඩාත්ම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් විය හැකි' බවය.
වාර්තාවන ආකාරයට මින්පෙර සිටි ඇමරිකානු ජනාධිපතිවරුන් 44 දෙනාගේ වයසෙහි සාමාන්‍ය අගය වන්නේ අවුරුදු 55 කි.
එරට ජනාධිපති පදවියට පත් ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසගතවී ඇති තියඩෝර් රුස්වෙල්ට් තනතුරේ දිවුරුම්දෙනවිට ඔහුගේ වයස අවුරුදු 42 ක් සහ දින 322 ක් විය.
ඔහු ජනාධිපති පදවියට පත්වූයේ 1901 දී එවක ජනාධිපතිව සිටි විලියම් මැකින්ලි ඝාතනයට ලක්වීම හේතුවෙනි.
 
අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප

2.ඩොලර් බිලියනයකට වැඩි ධනයක් ඇතිව පදවියට පත් ප්‍රථම ජනාධිපති

පදවියට පත්වනවිට ඩොලර් බිලියනයකට වැඩි ධනයකට හිමිකම් කී ප්‍රථම ජනාධිපති වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ෆොර්බ්ස් වාර්තාවට අනුව ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 3.7 ඉක්මවන අතර ට්‍රම්ප් පවසන ආකාරයට එය ඩොලර් බිලියන දහයක් වේ.
ට්‍රම්ප් පමණක් නොව තවත් බොහෝ ඇමරිකානු ජනාධිපතිවරු ධනපතියන් ලෙස ප්‍රසිද්ධවී සිටියහ. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ගේ දේපළ වටිනාකම ඩොලරයේ අද තත්වය අනුව බිලියන භාගයකි.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට ලක්වෙද්දී ධනපතියෙකු වූ තම පියාගේ ව්‍යාපාරවලින් උරුම වූ ඇමරිකානු ඩොලර් මිලියන 10 ක උරුමකරුවෙක් විය.
කෙසේවුවද, හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා වන අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප
ලෙස රජයෙන් ලබාගන්නා බවය.

3.ධනවත්ම කැබිනට් මණ්ඩලය

ඩොනල්ඩ් ට්‍රම්ප් තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නම් කරද්දී එය එසැනින්ම ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන්ගේ විවේචනයට ලක්විය.
ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ බර්නි සැන්ඩර්ස් පවසා තිබුණේ "ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ධනපතියන් විසින් ධනපතියන් සඳහා කෙරෙන පාලනයක්" ලෙසය.
යහපතට හෝ අයහපතට හේතුවක් විය හැකි වුව ද, නූතන ඇමරිකානු ඉතිහාසයේ ධනවත්ම පාලනතන්ත්‍රය වන්නේ ට්‍රම්ප් පාලනාධිකාරිය වේ.
2001 වසරේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ කැබිනට් මණ්ඩලය හැඳින්වුයේ 'දසලක්ෂපතියන්ගේ කැබිනට් මණ්ඩලය' යනුවෙනි. එහෙත් එහි සාමාජිකයන්ගේ මුළු වටිනාකම මෙන් දස ගුණයක් ලෙස සැලකෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක වත්කමක් මෙවර වාණිජ ලේකම් ලෙස නම් කොට ඇති විල්බර් රොස්ට ඇති බව 'වොෂිංටන් පොස්ට්' පුවත්පත කියයි.
භාණ්ඩාගාරය සඳහා නම්කොට ඇති ස්ටීවන් නුචින් වසර දාහතකට පසු ගොල්ඩ්මන් සැච් හිදී බැංකුවක් මිලදීගෙන ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් මිලියන 40 කට වඩා වැඩි බව වාර්තාවේ.
'ක්වාර්ට්ස්' වෙබ් අඩවිය පෙන්වාදෙන ආකාරයට ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය ඩොලර් බිලියන 35 ක වත්කමින් යුතුවන අතර එම ප්‍රමාණය බොලීවියාවේ දළ ජාතික නිෂ්පාදිතයටත් වඩා වැඩිවේ.
 
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ

4.අවම දේශපාලන අත්දැකීම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සුවිශේෂීවන තවත් හේතුවක් ඇත. එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් හැරෙන්නට අවම වශයෙන් පළාත් ආණ්ඩුකාරවරයෙකු හෝ කොංග්‍රස් සභිකයෙකු ලෙස අත්දැකීම් ඇති අයෙකු මිස වෙනත් අයෙකු වසර හැටකින් මෙපිටදී ඇමරිකානු ජනාධිපති පදවියට පත්වී නොමැතිවීමය.
ට්‍රම්ප්ට පෙර දේශපාලන අත්දැකීම්වලින් තොරව ජනාධිපති පදවියට පත් අවසාන ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩ්වයිට් අයිසන්හවර්ය.දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර හමුදාවන්ගේ ප්‍රධාන අණදෙන නිලධාරියාවූ ඔහු 1953 දී ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
කෙසේවුවද, ට්‍රම්ප් පවසන්නේ වොෂින්ටන් පාලනාධිකාරය පිලිබඳ අත්දැකීම් නොමැතිවීම යහපත් දෙයක්වන අතර තමා අත්දැකීම් බහුල ගනුදෙනුකරුවෙකු බවය.

5.ප්‍රබල පවුල් සාමාජිකයන් සිටීම

ට්‍රම්ප්, තම දියණියගේ ස්වාමිපුරුෂයා වන නිවාස ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන තිස් හය හැවිරිදි ජාඩ් කුෂ්නර් ප්‍රධාන උපදේශක තනතුරකට පත්කළේ විරුද්ධවාදීන්ගේ දැඩි විවේචනය මධ්‍යයේය.
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ.
සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.

6.අවම සුරතල් සතුන්

.
සියවසකට අධික කාලයක් තුළ ධවලමන්දිරයට සුරතල් සතෙකු නොගෙනා පළමු ජනධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවන අතර ඔහු 'ගෝල්ඩන් ඩුඩල්' සුනඛයෙකු රැගෙන ඒමට පැවතී සැලසුමක්ද අත්හැර දැමූ බව කියැවේ.
ජනාධිපතිවරුන්ගේ සුරතල් සතුන් පිළිබඳ කෞතුකාගාරය පවසන ආකාරයට සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මේ අතරින් කැපී පෙනෙන්නේ 'සාසා' නමැති හාවෙකුගේ සිට කැනේරි කුරුල්ලෙකු දක්වා විවිධ සතුන් ඇතිකිරීම හේතුවෙනි.
එහෙත් 1923 සිට 1929 දක්වා ධවල මන්දිරයේ වාසය කළ කැල්වින් සහ ග්‍රේස් කූලිජ් යුවලට 'සත්වෝද්‍යානයක්' වැනි විශාල සත්ව සංඛ්‍යාවක් සිටි බැවින් මේ කරුණේදී ඔවුන් පෙරමුණ ගන්නා බව කෞතුකාගාරය පවසයි.
ඒ අනුව සුනඛයන් දහ දොළොස් දෙනෙකු, එබිනීසර් නම්වූ බූරුවෙකු, විදේශවලින් තෑගී ලෙස ලැබුණු සිංහ පැටව්, ඕස්ට්‍රේලියානු වොලබියෙකු, බිලී නම්වූ හිපොපොටේමසකු සහ කළු වලසෙකුද ඔවුන් සතුව සිටි බව සඳහන් වේ.

7.නිදහස් වෙළෙඳාමට දැඩි ලෙස විරුද්ධවීම

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ රැකියා අවස්ථා උදාකිරීමේ පොරොන්දුව මත වූ අතර ඇමරිකානු නිෂ්පාදන නවතාදැමීමට හේතුවූ නිදහස් වෙළඳාම දැඩිලෙස විවේචනය කළේය.
ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුර්ලභ ලක්ෂණයක් වූ මෙය අවසාන වරට දක්නට ලැබුණේ 1930 දී හර්බර්ට් හූවර් ජනාධිපතිවරයාගෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී 'ඉකොනොමිස්ට්' සඟරාවට ප්‍රකාශ කළේ "චීනය අපව විනාශ කරමින් සිටිනවා ඇමරිකානුවන්ට මේ කොල්ලකෑම එපාවෙලා" යනුවෙනි.
චීන ආනයනවලට වැට බැඳීම පිණිස 12% ක ආනයන බද්දක් පැනවීමට අදහස් කරන බවද ඔහු පවසා තිබුණි.
එසේම තම ඡන්ද ව්‍යාපාරය තුළදී ඔහු අනතුරු ඇඟවූයේ කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල් වසර විසි තුනක කාලයක් සඳහා එකඟතාවට පැමිණ ඇති නැෆ්ටා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉරා දමන බවය.
ඒ ආකාරයටම ඇමරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් තබා ඇති පැසිෆික් වෙළෙඳ ගිවිසුම ධවල මන්දිරයට යන මුල්දිනයේදීම අවලංගු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
Image copyright Scott olson
Image caption වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ

8.විවිධාකාරයෙන් පළමු තැනගත් ආර්යාව

ස්ලෝවෙනියාවෙන් පැමිණ ජනපති බිරියක් වූ පළමු කාන්තාව වන මෙලනියා ට්‍රම්ප් උපතින් ඉංග්‍රීසි බස කතා නොකරන පළමු ජනපති ආර්යාව වේ.
ඇමරිකාවෙන් පිටතදී උපත ලද දෙවෙන ජනපති ආර්යාවවන ඇය දෙවැනි වන්නේ 1825 සිට 1829 දක්වා ඇමරිකාවේ හයවෙනි ජනපති පදවිය හෙබවූ ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ බිරිඳටය. ඇය ඉපදී ඇත්තේ ලන්ඩන් නුවරදීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර දෙවරක් විවාහවී ඇති බැවින් ධවල මන්දිරයට පැමිණෙන ප්‍රථම 'තෙවන බිරිය' වන්නේ මෙලනියා ට්‍රම්ප් වේ.
දික්කසාදව සිටි අනෙක් එකම ඇමරිකානු ජනාධිපතිවරයාවන රොනල්ඩ් රේගන් සිය පළමු බිරිය වූ ජේන් වයිමන් නම් නිළියගෙන් වෙන්වී තිබුණේ ජනාධිපති පදවියට පත්වීමට පෙරය.
වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ. ඇයට ස්ලෝවේනියානු භාෂාව, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ සර්බියානු භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව ඇත.
එසේම නිරුවත් නිරූපිකාවකව සිට ජනාධිපති ආර්යාව බවට පත්වූ පළමුවැනියා වන්නේද ඇය වේ. වසර 2000 දී ඇය GQ සඟරාව සහ තවත් සඟරා කිහිපයක් සඳහා නිරුවත්ව පෙනී සිටියාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ද 1990 වසරේදී පිරිමින් සඳහා වූ 'ප්ලේ බෝයි' සඟරාවේ පෙනීසිටි අතර "ඉතා හොඳ සඟරාවක්. එය අලෙවිකරන්න කැමති ද?" යන වැකිය සමග ඔහුගේ රුව එහි පළවී තිබුණි.

සමලිංගිකත්වය:-'රාජ්‍යය මැදිහත්විය යුතු නෑ


වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින 'උත්ප්‍රාසය' බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.
"අද දවසේ තියන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව," ඇය සඳහන් කළාය.
නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් 'ප්‍රගතිශීලී' පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය.
සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

විශ්‍රාම ගන්න හිටපු මාව ඇදලා ගත්තේ මෛත්‍රී!

 
 විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සි‍ටියේ අද(27) නුගේගොඩදී පැවති රැළියට එක් වෙමිනි.

ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත්, එයට විරෝධීව නැඟී සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම වර්තමානය වන විට විශාල ණය අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති බවත්, එයට තමන්ට චෝදනා නඟන බවත් ඒ  ඔහු කියා සිටියේය.

තමා ණය ලබා ගත්තේ රට සංවර්ධනය කිරීමට බවත්, එහි ප්‍රතිඵල ජනතාව දැන් භුක්ති විදින බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව විසින් විශාල වශයෙන් ණය ලබා ගත්තද කළ කිසිවක් නොමැති බවයි.

වර්තමානණයේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථිකයේ අවපාතය හේතුවෙන් තමන් හිතා මතා මැතිවරණයෙන් පරාජය වූ බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත්, එසේ ඔවුන් දැන සිටියේ නම් ආණ්ඩුව භාර ගත්තේ ඇයිද යන්න ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම රට තුළ ඇති රාජ්‍ය මෙන්ම පෞද්ගලික සම්පත් විකුණමින් රට දිනෙන් දින කාබාසිනියා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

හම්බන්තොට පමණක් නොව කොළඹින්ද අක්කර 8ක ප්‍රදේශයක් විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ.

විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි. මේ ආණ්ඩුවට පුළුවන් එච්චරයි

වාහන අවභාවිත කරන්න අනුබල දුන්නා කියා විමල් හිරේ දැම්මා. දැන් වාහන නෙමෙයි. හෙළිකොප්ටරත් තියෙනවා. මොන්ටිසෝරි සිලබස් එකටත් සමලිංගික කතා දාන්න යනවා. අපේ දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ. අපේ සංස්කෘතිය සෞඛ්‍යත්වය රැකගන්න ඕනෑ. මේ රැස්වීම සංවිධානය කරලා අපි කියන්නේ මේ ආණ්ඩුව ගෙදර පලයං කියලයි.

මේ රටේ මහා මංකොල්ලයෙන්  පිරිලා. සමහර ආයතන දැන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා ගන්නවාලු. ඒ හොරකම් කළ සල්ලිවලින් ගත්තු දේපොළ අපි බලයට ආවම රාජ සන්තක කරනවා. දූෂණ වැඩිවෙලා කියලා ට්‍රාන්පේරන්සි වාර්තාවේ තිබෙනවා. රට බේරාගත්තු රණවිරුවන් අද මහපාරේ ගුටි කනවා. කොස්කොළ කාපන් කියා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා නම් වැරදි. අද හාල් කියද? මේකටද අපි ඡන්දේ දුන්නේ? මේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ තණ කොළ "





Monday, November 28, 2016

නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් -පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි .


නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් ජනතා විරෝධී රැළි මාලාවක් සංවිධානය කරන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම උතුරේ සුළු සිදුවීමක් වුවත් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් දකුණේ සුළු සිදුවීමකදී පිරිස් අත්අඩංගුවට ගන්නා බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.

උතුරේ බෞද්ධ වෙහෙර විහාර 270 වඩා ඇති බවත්, ඒ පිළිබඳව විග්නේෂ්වරන් නොදන්නවා විය නොහැකි බවත්, ඒ පිළිබඳව පිරිස් දැනුවත් කර ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසයි.

උතුරේ ඇති වෙහෙර විහාරයන් පිළිබඳව සොයා බලා ඒවා සංරක්ෂණය කර ස්වාමීන් වහන්සේලා නැවත පදිංචි කළ යුතු බවත්,  එසේ නොකළහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැටලීමට කටයුතු කරන බවත්  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි  පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ ආගමික ස්ථානයන් පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දී ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා උතුරේ මහවිරු දිනය සැමරීමට ඉඩ ලබා නොදෙන බවට අභියෝග කළ බවත්, එසේ වුවද උතුරේ මහවිරු දිනය සැමරූ බවත්, ඊට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දිය යුතු බවත් උන්වහන්සේ පවසයි.

මෙවන් වටපිටාවක් තුළ මහවිරු දිනය සැමරූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය අක්මීමන සද්ධාතිස්ස හිමි පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම රජයට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමට බවත් උන්වහන්සේ ‍පවසයි.

මහ නායක හිමිවරුන්ගේ මතයට ගරු කරමින් රට ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරිය ගැන පරීක්ෂණයක් ඉල්ලති [ ලංකා ඊ නිව්ස්]


ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර විවේචනය කරමින් ලිපි පළ කළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් ඇය විසින්ම නියෝග නිකුත්කරනු ලැබීම පිළිබඳව විමර්ශනයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
කොමිසමේ ලේකම් ජීඑම්ඩබ්පී ජයතිලක වෙත දීර්ඝ ලිපියක් යොමු කරන එම සංගමය, රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පිළිබඳව කරුණු සොයා බලන මෙන් රහස් පොලිසියට නියෝග කිරීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ සැකකරුගේ ඡායාරූපය පළකරනු ලැබුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පමණක් නොවන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම ඡායාරූපය පළකළ පුවත්පතකට එරෙහිව මහේස්ත්‍රාත්වරිය වෙනස් ක්‍රියාපිළිවෙතක් අනුගමනයකර ඇති ආකාරය පැහැදිලි කරයි.

මාධ්‍ය මර්දනය

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අය වැය විවාදයේදී වෙබ් මාධ්‍ය පිළිබඳව කළ සඳහන මාධ්‍ය මර්දනය පිණිස පසුබිම සකස් කිරීමේ උත්සාහයක් බව පවසන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, එවන් පසුබිමක් තුළ ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම බරපතල තත්වයක් බව සඳහන් කරයි.

Sunday, October 30, 2016

වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි

වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි



මහමඟ දමා ගොස් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කිරීමට නීති සකස් කළ යුතු බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන ඇතැම් වැඩිහිටියන්ගේ දේපලවලට ඔවුන් මියගිය පසු ඥාතීන් හිමිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පවසයි.

බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වයේ වැඩි ප්‍රවණතාවක් වාර්තා වන බවට  බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරීන් විසින් සමාජ සේවා අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති පළාත් සමාජ සේවා අමාත්‍යවරුන්ගේ සමුළුවකදී ඔවුන් මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

භාරකරුවන් නොමැතිව මහමඟ දමා ගොස් සිටියදී හමුවන වැඩිහිටියන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් වැඩිහිටි නිවාස යටතට පත් කළ පසුව ඔවුන් භාරගැනීමට යම් ඥාතියෙකු ඇත්දැයි මූලික සොයා බැලීමක් සිදුකළ යුතු බව එස්.බී.දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර ප්‍රසිද්ධ කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේ ඉදිරිපත් නොවන ඥාතීන්ට අදාළ වැඩිහිටියන් මියගිය පසුව දේපළ වලට හිමිකම් කිව නොහැකි වන පරිදි නීති රීති සකස් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.

Friday, October 21, 2016

GSM Module to Arduino- interface

in this article, we are going to see how to interface GSM Module to Arduino. There are different kinds of GSM modules available in market. We are using the most popular module based on Simcom SIM900 and Arduino Uno for this tutorial. Interfacing a GSM module to Arduino is pretty simple. You only need to make 3 connections between the gsm module and arduino. So lets get to business!
A GSM Module is basically a GSM Modem  (like SIM 900) connected to a PCB with different types of output taken from the board – say TTL Output (for Arduino, 8051 and other microcontrollers) and RS232 Output to interface directly with a PC (personal computer). The board will also have pins or provisions to attach mic and speaker, to take out +5V or other values of power and ground connections. These type of provisions vary with different modules.
Lots of varieties of GSM modem and GSM Modules are available in the market to choose from. For our project of connecting a gsm modem or module to arduino and hence send and receive sms using arduino – its always good to choose an arduino compatible GSM Module – that is a GSM module with TTL Output provisions.
GSM Module – Buyers Guide – are you looking to buy a GSM module? There are a handful of product variants for GSM module – like SIM900, SIM300, SIM800 etc. We have created this buyers guide to help you select the right GSM module for your project needs.

Notes on GSM Module

1. We use SIM900 GSM Module – This means the module supports communication in 900MHz band. We are from India and most of the mobile network providers in this country operate in the 900Mhz band. If you are from another country, you have to check the mobile network band in your area. A majority of United States mobile networks operate in 850Mhz band (the band is either 850Mhz or 1900Mhz). Canada operates primarily on 1900 Mhz band. Please read this wiki entry on GSM Frequency Bands around the World.
2. Check the power requirements of GSM module – GSM modules are manufactured by different companies. They all have different input power supply specs. You need to double check your GSM modules power requirements. In this tutorial, our gsm module requires a 12 volts input. So we feed it using a 12V,1A DC power supply. I have seen gsm modules which require 15 volts and some other types which needs only 5 volts input. They differ with manufacturers. If you are having a 5V module, you can power it directly from Arduino’s 5V out.
Note:- GSM Modules are manufactured by connecting a particular GSM modem to a PCB and then giving provisions for RS232 outputs, TTL outputs, Mic and Speaker interfacing provisions etc. The most popular modem under use is SIM 900 gsm modem from manufacturer SIMCom. They also manufacture GSM Modems in bands 850, 300 and other frequency bands.
3. Check for TTL Output Pins in the module – You can feed the data from gsm module directly to Arduino only if the module is enabled with TTL output pins. Otherwise you have to convert the RS232 data to TTL using MAX232 IC and feed it to Arduino. Most of the gsm modules in market are equipped with TTL output pins. Just ensure you are buying the right one.
So that’s all about the gsm module basics. Now lets power it up!



Booting the GSM Module!

1. Insert the SIM card to GSM module and lock it.
2. Connect the adapter to GSM module and turn it ON!
3. Now wait for some time (say 1 minute) and see the blinking rate of ‘status LED’  or ‘network LED’ (GSM module will take some time to establish connection with mobile network)
4. Once the connection is established successfully, the status/network LED will blink continuously every 3 seconds. You may try making a call to the mobile number of the sim card inside GSM module. If you hear a ring back, the gsm module has successfully established network connection.
Okay! Now let’s see how to connect a gsm module to Arduino!

Connecting GSM Module to Arduino

There are two ways of connecting GSM module to arduino. In any case, the communication between Arduino and GSM module is serial. So we are supposed to use serial pins of Arduino (Rx and Tx). So if you are going with this method, you may connect the Tx pin of GSM module to Rx pin of Arduino and Rx pin of GSM module to Tx pin of Arduino. You read it right ? GSM Tx –> Arduino Rx and GSM Rx –> Arduino Tx. Now connect the ground pin of arduino to ground pin of gsm module! So that’s all! You made 3 connections and the wiring is over! Now you can load different programs to communicate with gsm module and make it work.
Note:- The problem with this connection is that, while programming Arduino uses serial ports to load program from the Arduino IDE. If these pins are used in wiring,  the program will not be loaded successfully to Arduino. So you have to disconnect wiring in Rx and Tx each time you burn the program to arduino. Once the program is loaded successfully, you can reconnect these pins and have the system working!
To avoid this difficulty, I am using an alternate method in which two digital pins of arduino are used for serial communication. We need to select two PWM enabled pins of arduino for this method. So I choose pins 9 and 10 (which are PWM enabled pins). This method is made possible with the SoftwareSerial Library of Ardunio. SoftwareSerial is a library of Arduino which enables serial data communication through other digital pins of Arduino. The library replicates hardware functions and handles the task of serial communication.
I hope you understood so far!  Lets get to the circuit diagram! So given below is the circuit diagram to connect gsm module to arduino – and hence use the circuit to send sms and receive sms using arduino and gsm modem.

Make the connections as shown! Now lets get to the coding part. The program has two objectives as described below:-
1) Send SMS using Arduino and GSM Module – to a specified mobile number inside the program
2) Receive SMS using Arduino and GSM Module – to the SIM card loaded in the GSM Module.
The Program
 #include <SoftwareSerial.h>

SoftwareSerial mySerial(9, 10);

void setup()
{
  mySerial.begin(9600);   // Setting the baud rate of GSM Module  
  Serial.begin(9600);    // Setting the baud rate of Serial Monitor (Arduino)
  delay(100);
}


void loop()
{
  if (Serial.available()>0)
   switch(Serial.read())
  {
    case 's':
      SendMessage();
      break;
    case 'r':
      RecieveMessage();
      break;
  }

 if (mySerial.available()>0)
   Serial.write(mySerial.read());
}


 void SendMessage()
{
  mySerial.println("AT+CMGF=1");    //Sets the GSM Module in Text Mode
  delay(1000);  // Delay of 1000 milli seconds or 1 second
  mySerial.println("AT+CMGS=\"+91xxxxxxxxxx\"\r"); // Replace x with mobile number
  delay(1000);
  mySerial.println("I am SMS from GSM Module");// The SMS text you want to send
  delay(100);
   mySerial.println((char)26);// ASCII code of CTRL+Z
  delay(1000);
}


 void RecieveMessage()
{
  mySerial.println("AT+CNMI=2,2,0,0,0"); // AT Command to receive a live SMS
  delay(1000);
 }
 

so that’s the program/code to make arduino send sms and receive sms using gsm module! Let’s get to explanation of program!
The Program Explanation
We begin by including SoftwareSerial library into the program.  In the next line, we create a constructor of SoftwareSerial with name mySerial and we pass the digital pin numbers as parameters. The actual format is like SoftwareSerial mySerial (Rx, Tx);
So in our code, pin number 9 will act as Rx of Arduino and 10 will act as Tx of Arduino.  Lets get to the configuration part of program inside setup. The first task is to set baud rates of SoftwareSerial library to communicate with GSM module. We achieve this by invoking mySerial.begin function. Our second task is to set the baud rate of Arduino IDE’s Serial Monitor. We do this by invoking Serial.begin function. Both should be set at the same baud rate and we use 9600 bits/second here in our tutorial.  Configuration part is over with setting baud rates and its good to give a small delay of 100 milli seconds.
Now lets get to the actual program inside loop(). To make things simpler, I have developed a user input based program. The program seeks user input via serial monitor of Arduino. If the input is ‘s’ the program will invoke function to send an sms from GSM module. If the user input is ‘r’, the program will invoke the function to receive a live SMS from GSM module and display it on serial monitor of Arduino. The whole program is as simple as that!
Serial.available() – checks for any data coming through serial port of arduino. The function returns the number of bytes available to read from serial buffer. If there is no data available, it returns a -1 (value less than zero).
Serial.read() – Reads all the data available on serial buffer (or incoming serial data if put otherwise). Returns the first byte of incoming serial data.
mySerial.available() – checks for any data coming from GSM module through the SoftwareSerial pins 9 and 10. Returns the number of bytes available to read from software serial port. Returns a -1 if no data is available to read.
mySerial.read() – Reads the incoming data through software serial port.
Serial.write() – Prints data to serial monitor of arduino. So the function Serial.write(mySerial.read()) – prints the data collected from software serial port to serial monitor of arduino.
Lets get the functions SendMessage()  and RecieveMessage()
These are the functions in which we actually send commands to GSM module from Arduino. These commands to communicate with GSM module are called AT Commands. There are different commands to perform different tasks using the GSM module. You can read complete AT Commands Library to understand all that is possible with GSM module.
SendMessage() – is the function we created in our arduino sketch to send an SMS. To send an SMS, we should set our GSM module to Text mode first. This is achieved by sending an AT Command “AT+CMGF=1”  We send this command by writing this to SoftwareSerial port. To achieve this we use the mySerial.println() function. mySerial.println writes data to software serial port (the Tx pin of our Software Serial – that is pin 10) and this will be captured by GSM module (through its Rx pin). After setting the GSM module to Text mode, we should the the mobile number to which we shall send the SMS. This is achieved with AT command “AT+CMGS=\”+91xxxxxxxxxx\”\r” – where you may replace all x with the mobile number.
In next step, we should send the actual content of SMS. The end of SMS content is identified with CTRL+Z symbol. The ASCII value of this CTRL+Z is 26. So we send a char(26) to GSM module using the line mySerial.println((char)26); Each and every AT command may be followed by 1 second delay. We must give some time for GSM module to respond properly. Once these commands are send to GSM module, you shall receive an SMS in the set mobile number.
RecieveMessage() – is the function to receive an SMS (a live SMS). The AT command to receive a live SMS is “AT+CNMI=2,2,0,0,0” – we just need to send this command to GSM module and apply a 1 second delay. Once you send this command, try sending an SMS to the SIM card number put inside GSM module. You will see the SMS you had sent displayed on your Arduino serial monitor.
There are different AT commands for different tasks. If you want to read all SMS’s stored in your SIM card, send the following AT Command to gsm module – “AT+CMGL=\”ALL\”\r”
Okay! That’s all and you are done. And you have learnt how to use arduino to send sms and receive sms message with example code.
I shall summarize this tutorial on how to send/receive a text message using arduino and gsm module with the following notes:-
AT Commands to Send SMS using Arduino and GSM Module
AT+CMGF=1 // Set the GSM module in text mode
AT+CMGS=\"+YYxxxxxxxxxx\"\r // Input the mobile number| YY is country code
“the message” with stopping character (char)26 // ASCII of ctrl+z
AT Commands to Receive SMS using Arduino and GSM Module
AT+CMGF=1 // Set the GSM Module in text mode
AT+CNMI=2,2,0,0,0 // AT Command to receive live sms
Read the AT commands library and start playing with your GSM module and Arduino! If you have any doubts please ask in comments.

Thursday, October 13, 2016

රක්ෂිත 2ක් ගිනි ගනියි


ගම්පොළ ප්‍රදේශයේ කැලෑවක ගින්නක් හටගෙන තිබේ.

මහනුවර නගර සභා ගිනි නිවීම් නිලධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්ය.

ගින්නෙන් අක්කර 05ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් සිදුව නොමැත.

මේ අතර මොණරාගල, තෙනගල්ලන්ද කැලෑ ප්‍රදේශයේද ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නෙන් අක්කර 04ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලීසිය පැවසුවේය.

Monday, October 10, 2016

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.






කුරුණෑගල, අරලිය උයන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියක අදාළ ත්‍රීරෝද රථය ගැටීමෙන් අද (10) දහවල් මෙම අනතුර සිදුවී ඇති බව වැල්ලව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ දුම්රිය හරස් මාර්ගයේ සේවය සඳහා සේවකයින් තිදෙනෙකු යොදවා තිබුණ ද වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් කිසිවෙකුත් අද (10) රාජකාරියට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

Saturday, October 8, 2016

එදත් අදත් හෙටත් මහින්ද සමග- ප්‍රසන්න රණතුංග


අලුතින් පක්ෂයක් හදනවාදැයි නැද්දැයි තීරණය වන්නේ ජනතාවගේ තීරණය මත බව පා.ම ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රත්නපුරේ අද පැවැත්වෙන රැළිය අලුතින් පක්ෂයක් හැදීම සඳහා පවත්වන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව පැවසීය.

අපිට පක්ෂයක් හදන්න කියන්නේ ජනතාව බවත්, එසේ වුවද දැන්ම එය සිදුනොකරන බවත්, මැතිවරණයක් ආ සැණින් එම පක්ෂය හදා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවත්, හෙතෙම කීවේය.

රණතුංග පවුලේ සාමාජිකයින් එක් එක් පක්ෂ නියෝජනය කිරීම ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පැවසුවේ බණ්ඩාරනායක පවුලේ අයද එසේ සිටි බවයි.

අතේ ඇඟිලි 5 එක සමාන නැත්තා සේ තමන් සිටගෙන මහින්ද  සමග බවත්, එදත් අදත් හෙටත් එය එසේම බවත්, ‍ඔහු පැවසීය.

මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ - දෙන ගේම් එක එළියේ තමයි!


"අද මෙයාලා දෙන්නා එක්වෙලා මේ රට දෙකඩ කඩන්න කෑලිවලට කඩන්න හදනවා" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා. මම කිව්වා ඇවිල්ලා පුටුවක් තියලා ලියා ගන්නවා කියලා. මොකද මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගුරු කරලා එළියේ ගහන්නේ. ඒ නිසා ඒ ගැරන්ටිය අපිට දෙන්න පුළුවන් රෑට ආප්ප කාලා ‍කරන්නේ නෑ " යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රත්නපුරේදී අද පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය අමතමින් කියා සිටියේය.

රණවිරුවන් බේරාදුන් රට බෙදන්න - විනාශ වෙන්න නොදී රැකගත යුතු බව ද බණ්ඩාරනායක මහතා හැදූ පක්ෂය අද අලියාගේ පස්ස පැත්තේ එල්ලා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

සිරිසේන ජනාධිපතිවරයා මේ සෙනඟ දුටුවානම් පවිත්‍රා ඉවත් කිරීම ගැන කනගාටුවනු ඇතැයිද "ඔබට ඕනදේ දෙන්න මම ලෑස්තියි" යැයිද ආණ්ඩු පක්ෂයට ගිය අය වැඩිකල් යාමට කලින් අපේ පැත්තට ඇවිත් ඉඳගන්නා බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන වෙනස් කිරීම එතරම් කජ්ජක් නොවේ යැයිද වැඩිකල් යාමට කලින් එය සිදුවේවී යැයිද හෙතෙම පැවසීය.

"අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" නමින් ඒකාබද්ධ විපක්ෂය මෙම රැළිය සංවිධානය කර තිබිණ.

මහ සංඝරත්නය ඇතුළුව  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, රංජිත් සොයිසා, උදය ගම්මන්පිල, පවිත්‍රාවන්නි ආරච්චි, වාසුදේව නානායක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිලුම් අමුණුගම, සී.බී රත්නායක, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් ජනරැළියට එක්ව සිටියහ.

එම රැළිය අමතා කතිකයින් ගණනාවක් අදහස් පළ කළ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත පරිදිය.

අසනීප තත්ත්වයෙන් සිටි තමන් පවිත්‍රදේවී මැතිනියගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ නොහැකි නිසාත්, රට බේරාගැනීමේ අරමුණ නිසාත්, රත්නපුරට පැමිණි බව එම රැස්වීම ඇමතු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාරගත යුතු යැයි ද ඔහු සමග එක්වී මේ ආණ්ඩුව පළවා හැරීමට කටයුතු කරමු යැයිද උන්වහන්සේ එහිදී පැවසීය.

මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට යමු යැයි එම රැස්වීම ඇමතු හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

බුද්ධ චීවරය දරාගත් හිමිවරුන් හා රණවිරුවන් අද සිටින්නේ හිරගෙවල් වල යැයි එහිදී ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

රැස්වීම ඇමතු පා.ම ජානක වක්කුඹුර මහතා කියා සිටියේ විග්නේෂ්වරන්ට එක නීතියක් අනෙක් අයට තව නීතියක් ක්‍රියාත්මක වන බවයි.

මේ නිසා මහින්ද සමග නව යුගයක් අරඹමු යැයි එහිදී ඔහු පැවසුවේය.

මෙය සැබවින්ම මෛත්‍රීට එරෙහි විරෝධතා රැළියක් යැයිද එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක හැදූ පක්ෂය අවසන් ගමන් ගෙන යන පිරිසට එරෙහිව මෙම රැළිය හැඳින්විය හැකි බව රැස්වීම ඇමතු පා.ම රංජිත් සොයිසා මහතා කියා සිටියේය.

ජූතක බමුණා ජාලිය - ක්‍රිෂ්ණජිනා දන් දුන්නා සේ ශ්‍රීලනිපය රනිල්ගේ දෙපා මුල තබා  දන්දීමට එරෙහිව මෙම රැළිය පවත්වන බව ඔහු පැවසුවේය.

2001 ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැසූ රනිල් මේ රටේ බලයට පත්වුවහොත් නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිවිය හැකි යැයි එදා අපි කියූ බවද විග්නේෂ්වරන්‍ට එරෙහි ක්‍රියාමාර්ගයක් ගැනීමට යහපාලන ආණ්ඩුවට කොන්ද පණ නැති බවද එම රැස්වීම ඇමතු ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

නිල් අලි ටික මහින්ද සමග සංහිඳියාවක් ඇති කර ගැනීමට කැමති නැති බවද අද රටේ ජනතාව ඉල්ලන්නේ මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් පිහිටුවන්න යැයිද ඒ මහතා පැවසීය.

රැළිය ඇමතු පා.ම කුමාර වෙල්ගම මහතා පැවසුවේ "එද මම යූන්පී ආණ්ඩුවට ‍ගියෙත් නෑ. අදත් මම යන්නේ නෑ හෙටත් යන්නේ නැ" යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අපල දැන් හොඳටම හොඳ බවත්, අපේ නායක හාමුදුරුවන් කේන්දරේ බලලා අවසන් බවත්, ඔහු කියා සිටියේය.

නුදුරු අනාගතයේදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ස්වර්ණමය යුගය එන බවත්, ඡන්දයක් තිබුණොත් පරාජය වී ගෙදරයාමට සිදුවන නිසා  මෛත්‍රී - රනිල් තරඟයට ලෝකය බලන්න යන බවත්,  එයා  යනකුට මෙයා එන බවත්, මෙයා යනකුට එයා එන බවත්, ඒ මහතා
පා.ම උදය ගම්මන්පිල මහතා කීවේය.

ජනාධිපති සිරිසේන පසුගියදා අමෙරිකාවේ ගියේ 73ක් අරගෙන බවත්, ඔහු අමෙරිකාවේ සිට එද්දී රනිල් නවසීලන්තයට යන බවත්, රනිල් එද්දී මෛත්‍රී තායිලන්තයේ ගිය බවත්, මෛත්‍රී එද්දී රනිල් බෙල්ජියමේ යාමට සිටින බවත්, හෙතෙම පැවසීය.

රැස්වීම ඇමතු පා.ම වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ ආණ්ඩුවක් බවට පත්කිරීමේ ගමනට අප මුලපුරා සිටින බවයි.

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැරීමේ ගමනට එක්වන්නැයි ද එහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බුලත් කොළෙන් ඡන්ද අරන් අලියාගේ වල්ගය එල්ලී සිටින මැති ඇමතිවරුන් බුලත් කොළේ ජනතාවගෙන් පණිවිඩයක් ළඟදීම ලැබෙනු ඇතැයි රැළිය ඇමතු පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මහින්ද ජනපති කාලයේ තිබූ ආර්ථික සංවර්ධනය දැන් කඩා වැටී ඇති බවත්, දේශපාලන ආර්ථික සෑම අතින්ම රට කඩා වැටී ඇති බවත්, ‍හෙතෙම කීවේය.

තමන් සංවිධායක තනතුරින් ඉවත් කළාට "මෛත්‍රී ඔයා මට ක‍ළ අභියෝගයට මම කළේ මේ සුළු සියුම් අභියෝගයක්" යැයි රැළිය ඇමතු පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පැවසුවාය.

ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ හදවත් තුළ ජීවත්වන්නේ ඔබදැයි මහින්දදැයි මෙම ජනතාවගෙන් බලාගත හැකි බවද ඇය පැවසුවාය.

වික්‍රමසිංහ - සිරිසේන - සම්බන්ධන් - විග්නේෂ්වරන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනඑන බවත්, විදේශ ඒජන්තවරු ඊට සහය දෙන බවත්, හූ කියා විසිල් ගසා සිටිය යුතු කාලය මෙය නොවන බවත්, ඊට එරෙහිව කාඩර්වරු ලෙස දිවුරුම්දීමට මෙය අවස්ථාවක් කරගත  යුතු බවත් ඇය කියා සිටියාය.

රැළිය ඇමතු පා.ම විමල් වීරවංශ මහතා පැවසුවේ දේශද්‍රෝහි හවුල පළවා හැරීමට ජනතාවට එක්විය යුතු බවයි.

හිටංට හුටංට අවශ්‍ය පරිදි මේ රට බෙදා වෙන්කිරීමට ඉඩනොදෙන බවත්, සියවස් ගණනාවක් රැකගත් මාතෘ භූමියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත්, ඔහු කියා සිටියේය.

එට්කා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලණියක් වීමට ඉඩනොදිය යුතු බවත්, රනිල් හාමුට විරුද්ධව අනුර මල්ලි කතා නොකරන බවත්, ඔහු පැවසුවේය.

දේශපාලන දඩයම කර මේ සටන නතර කළ නොහැකි බවත්, ජාතියේ නූතන නිදහස් අරගලය මහින්ද රාජපක්ෂ සමග ආරම්භ කළ යුතු බවත්, හෙතෙම අවධාරණය කළේය.

Wednesday, October 5, 2016

රාත්‍රී අහස කාණ්ඩය යටතේ ජයග්‍රහණය ලැබූ ඡායාරූප

Photos



Toyota baby robo රොබෝ බබෙක්

 රොබෝ බබෙක්

මිනිස් අත්ලයක් මත තැබිය හැකි ප්‍රමාණයේ කුඩා රොබෝ බබෙක් එළඹෙන වසරේ ජපාන වෙළඳපොළට නිකුත් කරන බව ටොයෝටා සමාගම නිවේදනය කරයි.
මෙම කුඩා ප්‍රමාණයේ රොබෝ දරුවා සමග සංවාදයක් පවා පැවැත්වීමට ඔහුගේ හිමිකරුට අවස්ථාව සැලසෙන බවයි එම සමාගම පවසන්නේ.
'කිරොබෝ මිනි' යනුවෙන් නම් කර ඇති මෙම නව නිර්මාණය සෙන්ටිමීටර දහයක උසින් යුතු වන අතර දරුවන් අහිමි කාන්තාවන්ගේ හුදෙකලාව තුරන් කිරීමේ පරමාර්ථයෙන් නිපදවන ලද්දකි.
හිමිකරු හෝ හිමිකාරිය සමග කාරයේ ගමන් කරන අවස්ථාවක කාරයේ සවි කර ඇති මාර්ගෝපදේශක පද්ධතියෙන් තොරතුරු ලබා ගන්නා මෙම රොබෝ බබාට ඔවුන් නිරතව සිටින ගමන පිළිබඳ කෙටි සංවාද පැවැත්වීමේ හැකියාවද පවතියි.
කෙසේ වෙතත් දරුවකුට ලැබෙන ස්ථානය මෙම රෝබෝවරුන්ට කිසි දිනක සැපිරිය නොහැකි බවයි රොබෝවරු පිළිබඳ විශේෂඥයකු බීබීසිය සමග සිය අදහස් පළ කරමින් කියා සිටියේ.

රාත්‍රී අහසේ සුන්දරත්වය

THOL PETI ATARIN “තොල්පෙති අතරින්“වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියේ රඟපෑ නිළියගේ තොරතුරු මෙන්න

“තොල්පෙති අතරින්“වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියේ රඟපෑ නිළියගේ තොරතුරු මෙන්න


පසුගිය දිනවල අපේ රටේ රූගත කළ බව කියන ‘‘තොල්පෙති අතරින් “ නමැති වැඩිහිටියන්ට පමණයි  චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්තානේ.
ඒ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නළු නිළියන් පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමගයි.
මෙම චිත්‍රපටයේ සම්පූර්ණ නිරුවත් දර්ශන සහිත ඇතුළත් වී ඇති අතර  වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක මෙය රූගත කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මෙහි ප්‍රධාන චරිතයයට පණ පොවමින් නිරුවත් ලිංගික දර්ශනවලට පෙනී සිටින නිළිය ප්‍රකට නිරූපිකාවක් වන අතර ඇය ටෙලිනාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා.
ඇය  කුමාරි නම් වෙයි.

scores highest at Scholarship exam 2016 පහේ පළමු තැන මාතරට - දිස්ත්‍රීක් කඩඉම් ලකුණු මෙන්න


පහේ පළමු තැන මාතරට - දිස්ත්‍රීක් කඩඉම් ලකුණු මෙන්න

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු තැන හිමිකර ගැනීමට මාතර මෙතොදිස්ත විදුහලේ එස්. නිරාන් සමරවික්‍රම සිසුවා සමත්ව තිබේ.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196කි.

එසේම ලකුණු 195ක් ලබාගත් කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ට විද්‍යාලයේ රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවිය සහ වව්නියාව රම්බේකුලම් රජයේ මහා විද්‍යාලයේ කෝකුලතාසන් අභිසිගන් සිසුවා දෙවන ස්ථානයට පත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ලකුණු 194 බැගින් ලබාගත් සිසු සිසුවියන් 09 දෙනෙකු තෙවන ස්ථානයට පත්ව ඇත.

කෑගල්ල. දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ නදිනි සඳෙස්නා රාජපක්ෂ.

කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ තේජන කෞසිත් විජේකෝන්.

කුරුණෑගල ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ නෙත්මි සුබෝධිනී.

ත්‍රිකුණාමලය ශ්‍රී කෝනේෂ්වර හින්දු විද්‍යාලයේ උදයරාජන් කෝෂිකන්

කුලියාපිටිය. ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ සෙනිත් දිල්වාන් රාජපක්ෂ.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි.

හොරණ රාජකීය විද්‍යාලයේ ලිසඳි ඉමෙත්මා හඳපාන්ගොඩ.

කඩුවෙල බෝමිරිය මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලයේ රෙහාරා බිනෝලි.

යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ උමාශංකර් ජයෙණි යන සිසු සිසුවියන් ද තෙවන ස්ථානයට පත්ව තිබේ.


මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ දිස්ත්‍රීක් පදනම මත කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

ඒ අනූව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල  කඩඉම් ලකුණු 159ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හම්බන්තොට, පුත්තලම, රත්නපුර යන දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 156ක් වන අතර අනුරාධපුර පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්ක තුනෙහි කඩඉම් ලකුණු වන්නේ 154ක් බව සඳහන්ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 153ක් වන අතර හා මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 151කි.

වව්නියාව දිස්ත්‍රික්කයේ  කඩඉම් ලකුණු වන්නේ 142ක් වන අතර එය අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

පහත දැක්වෙන්නේ 2016 අගෝස්තු මස 21දා පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රීක්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුය.