Friday, January 27, 2017

ජනාධිපති ට්‍රම්ප් ඉතිහාසගතවන හේතු අටක්..


ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු අටක් හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනු ඇත.
ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආදරය කළද නොකලද ඔහුගේ වයස, බැංකුවේ ඇති තැන්පතුව, සුරතල් සතුන් ඇති නොකිරීම වැනි 'ඉතිහාසයේ පළමු ස්ථානය' හිමිකරගන්නා හේතු අටක් විස්තර වන්නේ මතු සඳහන් අයුරිනි.

1.පදවියේ දිවුරුම් දෙන වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපති

එළැඹෙන ජූනි මස 14 වැනිදා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 70 වැනි උපන්දිනය සමරයි. ඒ අනුව පදවියේ වැඩ භාරගත් වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඔහුය.
මින් පෙර එම වාර්තාව තබා තිබුණේ රොනල්ඩ් රේගන්ය. 1981 දී ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙනවිට ඔහුගේ වයස 69 ක් විය.
කෙසේවුවද ට්‍රම්ප් ගේ වෛද්‍යවරයා පවසන්නේ 'ජනාධිපති පදවියට පත් වඩාත්ම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් විය හැකි' බවය.
වාර්තාවන ආකාරයට මින්පෙර සිටි ඇමරිකානු ජනාධිපතිවරුන් 44 දෙනාගේ වයසෙහි සාමාන්‍ය අගය වන්නේ අවුරුදු 55 කි.
එරට ජනාධිපති පදවියට පත් ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසගතවී ඇති තියඩෝර් රුස්වෙල්ට් තනතුරේ දිවුරුම්දෙනවිට ඔහුගේ වයස අවුරුදු 42 ක් සහ දින 322 ක් විය.
ඔහු ජනාධිපති පදවියට පත්වූයේ 1901 දී එවක ජනාධිපතිව සිටි විලියම් මැකින්ලි ඝාතනයට ලක්වීම හේතුවෙනි.
 
අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප

2.ඩොලර් බිලියනයකට වැඩි ධනයක් ඇතිව පදවියට පත් ප්‍රථම ජනාධිපති

පදවියට පත්වනවිට ඩොලර් බිලියනයකට වැඩි ධනයකට හිමිකම් කී ප්‍රථම ජනාධිපති වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ෆොර්බ්ස් වාර්තාවට අනුව ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 3.7 ඉක්මවන අතර ට්‍රම්ප් පවසන ආකාරයට එය ඩොලර් බිලියන දහයක් වේ.
ට්‍රම්ප් පමණක් නොව තවත් බොහෝ ඇමරිකානු ජනාධිපතිවරු ධනපතියන් ලෙස ප්‍රසිද්ධවී සිටියහ. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ගේ දේපළ වටිනාකම ඩොලරයේ අද තත්වය අනුව බිලියන භාගයකි.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට ලක්වෙද්දී ධනපතියෙකු වූ තම පියාගේ ව්‍යාපාරවලින් උරුම වූ ඇමරිකානු ඩොලර් මිලියන 10 ක උරුමකරුවෙක් විය.
කෙසේවුවද, හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා වන අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප
ලෙස රජයෙන් ලබාගන්නා බවය.

3.ධනවත්ම කැබිනට් මණ්ඩලය

ඩොනල්ඩ් ට්‍රම්ප් තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නම් කරද්දී එය එසැනින්ම ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන්ගේ විවේචනයට ලක්විය.
ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ බර්නි සැන්ඩර්ස් පවසා තිබුණේ "ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ධනපතියන් විසින් ධනපතියන් සඳහා කෙරෙන පාලනයක්" ලෙසය.
යහපතට හෝ අයහපතට හේතුවක් විය හැකි වුව ද, නූතන ඇමරිකානු ඉතිහාසයේ ධනවත්ම පාලනතන්ත්‍රය වන්නේ ට්‍රම්ප් පාලනාධිකාරිය වේ.
2001 වසරේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ කැබිනට් මණ්ඩලය හැඳින්වුයේ 'දසලක්ෂපතියන්ගේ කැබිනට් මණ්ඩලය' යනුවෙනි. එහෙත් එහි සාමාජිකයන්ගේ මුළු වටිනාකම මෙන් දස ගුණයක් ලෙස සැලකෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක වත්කමක් මෙවර වාණිජ ලේකම් ලෙස නම් කොට ඇති විල්බර් රොස්ට ඇති බව 'වොෂිංටන් පොස්ට්' පුවත්පත කියයි.
භාණ්ඩාගාරය සඳහා නම්කොට ඇති ස්ටීවන් නුචින් වසර දාහතකට පසු ගොල්ඩ්මන් සැච් හිදී බැංකුවක් මිලදීගෙන ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් මිලියන 40 කට වඩා වැඩි බව වාර්තාවේ.
'ක්වාර්ට්ස්' වෙබ් අඩවිය පෙන්වාදෙන ආකාරයට ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය ඩොලර් බිලියන 35 ක වත්කමින් යුතුවන අතර එම ප්‍රමාණය බොලීවියාවේ දළ ජාතික නිෂ්පාදිතයටත් වඩා වැඩිවේ.
 
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ

4.අවම දේශපාලන අත්දැකීම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සුවිශේෂීවන තවත් හේතුවක් ඇත. එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් හැරෙන්නට අවම වශයෙන් පළාත් ආණ්ඩුකාරවරයෙකු හෝ කොංග්‍රස් සභිකයෙකු ලෙස අත්දැකීම් ඇති අයෙකු මිස වෙනත් අයෙකු වසර හැටකින් මෙපිටදී ඇමරිකානු ජනාධිපති පදවියට පත්වී නොමැතිවීමය.
ට්‍රම්ප්ට පෙර දේශපාලන අත්දැකීම්වලින් තොරව ජනාධිපති පදවියට පත් අවසාන ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩ්වයිට් අයිසන්හවර්ය.දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර හමුදාවන්ගේ ප්‍රධාන අණදෙන නිලධාරියාවූ ඔහු 1953 දී ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
කෙසේවුවද, ට්‍රම්ප් පවසන්නේ වොෂින්ටන් පාලනාධිකාරය පිලිබඳ අත්දැකීම් නොමැතිවීම යහපත් දෙයක්වන අතර තමා අත්දැකීම් බහුල ගනුදෙනුකරුවෙකු බවය.

5.ප්‍රබල පවුල් සාමාජිකයන් සිටීම

ට්‍රම්ප්, තම දියණියගේ ස්වාමිපුරුෂයා වන නිවාස ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන තිස් හය හැවිරිදි ජාඩ් කුෂ්නර් ප්‍රධාන උපදේශක තනතුරකට පත්කළේ විරුද්ධවාදීන්ගේ දැඩි විවේචනය මධ්‍යයේය.
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ.
සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.

6.අවම සුරතල් සතුන්

.
සියවසකට අධික කාලයක් තුළ ධවලමන්දිරයට සුරතල් සතෙකු නොගෙනා පළමු ජනධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවන අතර ඔහු 'ගෝල්ඩන් ඩුඩල්' සුනඛයෙකු රැගෙන ඒමට පැවතී සැලසුමක්ද අත්හැර දැමූ බව කියැවේ.
ජනාධිපතිවරුන්ගේ සුරතල් සතුන් පිළිබඳ කෞතුකාගාරය පවසන ආකාරයට සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මේ අතරින් කැපී පෙනෙන්නේ 'සාසා' නමැති හාවෙකුගේ සිට කැනේරි කුරුල්ලෙකු දක්වා විවිධ සතුන් ඇතිකිරීම හේතුවෙනි.
එහෙත් 1923 සිට 1929 දක්වා ධවල මන්දිරයේ වාසය කළ කැල්වින් සහ ග්‍රේස් කූලිජ් යුවලට 'සත්වෝද්‍යානයක්' වැනි විශාල සත්ව සංඛ්‍යාවක් සිටි බැවින් මේ කරුණේදී ඔවුන් පෙරමුණ ගන්නා බව කෞතුකාගාරය පවසයි.
ඒ අනුව සුනඛයන් දහ දොළොස් දෙනෙකු, එබිනීසර් නම්වූ බූරුවෙකු, විදේශවලින් තෑගී ලෙස ලැබුණු සිංහ පැටව්, ඕස්ට්‍රේලියානු වොලබියෙකු, බිලී නම්වූ හිපොපොටේමසකු සහ කළු වලසෙකුද ඔවුන් සතුව සිටි බව සඳහන් වේ.

7.නිදහස් වෙළෙඳාමට දැඩි ලෙස විරුද්ධවීම

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ රැකියා අවස්ථා උදාකිරීමේ පොරොන්දුව මත වූ අතර ඇමරිකානු නිෂ්පාදන නවතාදැමීමට හේතුවූ නිදහස් වෙළඳාම දැඩිලෙස විවේචනය කළේය.
ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුර්ලභ ලක්ෂණයක් වූ මෙය අවසාන වරට දක්නට ලැබුණේ 1930 දී හර්බර්ට් හූවර් ජනාධිපතිවරයාගෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී 'ඉකොනොමිස්ට්' සඟරාවට ප්‍රකාශ කළේ "චීනය අපව විනාශ කරමින් සිටිනවා ඇමරිකානුවන්ට මේ කොල්ලකෑම එපාවෙලා" යනුවෙනි.
චීන ආනයනවලට වැට බැඳීම පිණිස 12% ක ආනයන බද්දක් පැනවීමට අදහස් කරන බවද ඔහු පවසා තිබුණි.
එසේම තම ඡන්ද ව්‍යාපාරය තුළදී ඔහු අනතුරු ඇඟවූයේ කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල් වසර විසි තුනක කාලයක් සඳහා එකඟතාවට පැමිණ ඇති නැෆ්ටා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉරා දමන බවය.
ඒ ආකාරයටම ඇමරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් තබා ඇති පැසිෆික් වෙළෙඳ ගිවිසුම ධවල මන්දිරයට යන මුල්දිනයේදීම අවලංගු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
Image copyright Scott olson
Image caption වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ

8.විවිධාකාරයෙන් පළමු තැනගත් ආර්යාව

ස්ලෝවෙනියාවෙන් පැමිණ ජනපති බිරියක් වූ පළමු කාන්තාව වන මෙලනියා ට්‍රම්ප් උපතින් ඉංග්‍රීසි බස කතා නොකරන පළමු ජනපති ආර්යාව වේ.
ඇමරිකාවෙන් පිටතදී උපත ලද දෙවෙන ජනපති ආර්යාවවන ඇය දෙවැනි වන්නේ 1825 සිට 1829 දක්වා ඇමරිකාවේ හයවෙනි ජනපති පදවිය හෙබවූ ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ බිරිඳටය. ඇය ඉපදී ඇත්තේ ලන්ඩන් නුවරදීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර දෙවරක් විවාහවී ඇති බැවින් ධවල මන්දිරයට පැමිණෙන ප්‍රථම 'තෙවන බිරිය' වන්නේ මෙලනියා ට්‍රම්ප් වේ.
දික්කසාදව සිටි අනෙක් එකම ඇමරිකානු ජනාධිපතිවරයාවන රොනල්ඩ් රේගන් සිය පළමු බිරිය වූ ජේන් වයිමන් නම් නිළියගෙන් වෙන්වී තිබුණේ ජනාධිපති පදවියට පත්වීමට පෙරය.
වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ. ඇයට ස්ලෝවේනියානු භාෂාව, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ සර්බියානු භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව ඇත.
එසේම නිරුවත් නිරූපිකාවකව සිට ජනාධිපති ආර්යාව බවට පත්වූ පළමුවැනියා වන්නේද ඇය වේ. වසර 2000 දී ඇය GQ සඟරාව සහ තවත් සඟරා කිහිපයක් සඳහා නිරුවත්ව පෙනී සිටියාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ද 1990 වසරේදී පිරිමින් සඳහා වූ 'ප්ලේ බෝයි' සඟරාවේ පෙනීසිටි අතර "ඉතා හොඳ සඟරාවක්. එය අලෙවිකරන්න කැමති ද?" යන වැකිය සමග ඔහුගේ රුව එහි පළවී තිබුණි.

No comments:

Post a Comment