සහල් වර්ග කිහිපයක් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවා තිබේ.
ඒ අනූව සුදු කැකුළු කිලෝවක් රුපියල් 66ක්, රතු කැකුළු කිලෝවක් රුපියල් 60ක්, සුදු නාඩු කිලෝවක් රුපියල් 68ක්, රතු නාඩු කිලෝවක් රුපියල් 66ක්, සම්බා කිලෝවක් රුපියල් 77ක් වශයෙන් පාලන මිලකට යටත් කර ඇත.
අද මධ්‍යම රාත්‍රියේ සිට එම පාලන මිල ගණන් ක්‍රියාත්මකය.
උත්සව සමයේදී වෙළඳුන් විසින් හිතු මතේට සිදුකරන මිල වැඩි කිරීම් පාලනය කිරීම සඳහා මෙලෙස පාලන මිලක් පනවා ඇත.
මේ අතර ආනයනික සහල් සඳහා දැනට පනවා තිබෙන සියලු බදු ඉවත් කිරීමට ද තීරණය කර තිබේ.
ඒ වෙනුවට ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 5ක විශේෂ බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

No comments:
Post a Comment