කිළිනොච්චියේ උරුතිරපුරම් ගම්මානයේ පදිංචි හැටහතර
හැවිරිදි එස්.පද්මාවතී නැමති කාන්තාව ඊයේ රාත්‍රියේදී පොලිස් ත්‍රස්ත මර්දන
අංශය විසින් අත් අඩංගුවට ගත් බව ඇගේ පවුලේ ඥාතීහු ප්‍රකාශ කරති.
එහෙත් ඔවුන් අප වාර්තාකරු දිනසේන රතුගමගේ හා කියා
සිටියේ ඇය අත් අඩංගුවට ගැනීමට හේතුව කුමක්දැයි පවුලේ කිසිදු අයෙක් මෙතෙක්
නොදන්නා වගයි.
මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මෙම කාන්තාවගේ නමින් වවුනියාවේදී ඉඩමක් මිලට ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට නව පණක් දීමට උත්සාහ කරන පිරිසක් විසින් බවයි.
එම සංවිධානයේ මතු බලාපොරොත්තු වෙනුවෙන් මෙම ඉඩම මිලට ගැනීමට එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ පිරිස ඇයට මුදල් ලබා දී ඇතැයිද පොලිස් ප්‍රකාශකයා පැවසුවේය.
අත් අඩංගුවට ගත් කාන්තාව වවුනියාවේ පිහිටි ත්‍රස්ත මර්දන ඒකකයේ රදවාගෙන ප්‍රශ්න කරගෙන යන්නේ අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝගයක් මත යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.
No comments:
Post a Comment