කොළොන්නාවේ සිට මත්තල ගුවන් තොටුපළට තෙල් ලීටර් 33,000ක් රැගෙන ගිය
බවුසරයක් සූරියවැව, මීගහපුර ප්රදේශයේ දී පාරේ නවතා තිබු බසයක ගැටී
පෙරළීමෙන් මහා විශාල ගිනි ජාලාවක් ඇති විය. අද අලුයම 01ට පමණ වූ මෙම
අනතුරින් එකී බවුසරයත්, අසල වෙළඳසැලක් මෙන්ම විදුලි රැහැන් පද්ධතිද විනාශ
විය. සිද්ධිය වූ ස්ථානයට වීරවිල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් ද පැමිණ
ගින්න නීවීමට අද උදෑසන වන තුරුම උත්සාහ කරන අයුරු දැකගත හැකිවිය.
ගුවන් යානා සඳහා භාවිතා කරන තෙල් එම බවුසරයේ තිබූ බව කියැවෙයි.ගින්නෙන්
බවුසරය සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර ජීවිත හානි කිසිවක් සිදුව
නොමැත.සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නැත.සිද්ධිය සම්බන්ධයෙන් සුරියවැව
පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment