පසුගිය අපේ‍්‍රල් මස 10වනදා ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ජනාධිපති
ආර්යාව වන මිෂෙල් ඔබාමාද කැටුව ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්හි ලින්ඩන් බී.
ජොන්සන් ජනාධිපති පුස්තකාලයේ පැවති දේශනයකට සහභාගී වී තිබේ.
සිවිල් අයිතීන් සුරැකීමේ පණත සමරනු වස් සංවිධානය කර තිබූ එම උත්සවයට යෑම
සඳහා ගුවන් යානයෙන් බසින විටත් පෙරළා ආපසු යෑම සඳහා නැවත ගුවන් යානයට නගින
විටත් ජනපති ආර්යාව ඇබැද්දියකට මුහුණ දුන් බව සිදුවීම ආවරණය තිරීමට ගිය
මාධ්‍යවේදීන් විසින් වාර්තා කර ඇත.
එදින ඔස්ටින් ප්‍රදේශයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර මිෂෙල් ඔබාමා
ඇඳ සිටි නිල් සහ කළු ඉරි සහිත කොට සාය සුළග මගින් එසවීමට ගොස් තිබේ.
වාර්තාකරුවන් පවසන්නේ මැරිලින් මොන්රෝ දසුනක් ජනපති ආර්යාවක් වෙතින්
දැකගන්නට තිබූ අවස්ථාව ඔබාමාගේ ක්‍රියාකලාපය නිසා වැළකුණු බවයි.
තම බිරිඳ අමාරුවේ වැටී සිටිනු දුටු ජනාධිපතිවරයා මිෂෙල් ආසන්නයෙන්ම ගමන් කරමින් සාය ඉහළට එසවීම බේරාගෙන තිබේ.
මාධ්‍යවේදීන් පවසන්නේ එම හදිසි සිදුවීමේදී ඔබාමා ඉතා විචක්ෂණ ලෙෂ කටයුතු කරමින් ආර්යාවගේ ගෞරවය බේරාගත් බවයි.
No comments:
Post a Comment