Showing posts with label විදෙස් පුවත්. Show all posts
Showing posts with label විදෙස් පුවත්. Show all posts

Friday, January 27, 2017

ජනාධිපති ට්‍රම්ප් ඉතිහාසගතවන හේතු අටක්..


ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු අටක් හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනු ඇත.
ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආදරය කළද නොකලද ඔහුගේ වයස, බැංකුවේ ඇති තැන්පතුව, සුරතල් සතුන් ඇති නොකිරීම වැනි 'ඉතිහාසයේ පළමු ස්ථානය' හිමිකරගන්නා හේතු අටක් විස්තර වන්නේ මතු සඳහන් අයුරිනි.

1.පදවියේ දිවුරුම් දෙන වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපති

එළැඹෙන ජූනි මස 14 වැනිදා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 70 වැනි උපන්දිනය සමරයි. ඒ අනුව පදවියේ වැඩ භාරගත් වයසින් වැඩිම ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඔහුය.
මින් පෙර එම වාර්තාව තබා තිබුණේ රොනල්ඩ් රේගන්ය. 1981 දී ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙනවිට ඔහුගේ වයස 69 ක් විය.
කෙසේවුවද ට්‍රම්ප් ගේ වෛද්‍යවරයා පවසන්නේ 'ජනාධිපති පදවියට පත් වඩාත්ම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් විය හැකි' බවය.
වාර්තාවන ආකාරයට මින්පෙර සිටි ඇමරිකානු ජනාධිපතිවරුන් 44 දෙනාගේ වයසෙහි සාමාන්‍ය අගය වන්නේ අවුරුදු 55 කි.
එරට ජනාධිපති පදවියට පත් ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසගතවී ඇති තියඩෝර් රුස්වෙල්ට් තනතුරේ දිවුරුම්දෙනවිට ඔහුගේ වයස අවුරුදු 42 ක් සහ දින 322 ක් විය.
ඔහු ජනාධිපති පදවියට පත්වූයේ 1901 දී එවක ජනාධිපතිව සිටි විලියම් මැකින්ලි ඝාතනයට ලක්වීම හේතුවෙනි.
 
අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප

2.ඩොලර් බිලියනයකට වැඩි ධනයක් ඇතිව පදවියට පත් ප්‍රථම ජනාධිපති

පදවියට පත්වනවිට ඩොලර් බිලියනයකට වැඩි ධනයකට හිමිකම් කී ප්‍රථම ජනාධිපති වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ෆොර්බ්ස් වාර්තාවට අනුව ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 3.7 ඉක්මවන අතර ට්‍රම්ප් පවසන ආකාරයට එය ඩොලර් බිලියන දහයක් වේ.
ට්‍රම්ප් පමණක් නොව තවත් බොහෝ ඇමරිකානු ජනාධිපතිවරු ධනපතියන් ලෙස ප්‍රසිද්ධවී සිටියහ. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ගේ දේපළ වටිනාකම ඩොලරයේ අද තත්වය අනුව බිලියන භාගයකි.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට ලක්වෙද්දී ධනපතියෙකු වූ තම පියාගේ ව්‍යාපාරවලින් උරුම වූ ඇමරිකානු ඩොලර් මිලියන 10 ක උරුමකරුවෙක් විය.
කෙසේවුවද, හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා වන අර්නෝල්ඩ් ශ්වෝට්සෙනගර් අනුගමනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සංකේතාත්මකව එක් ඩොලරයක් පමණක් ජනපති වැටුප
ලෙස රජයෙන් ලබාගන්නා බවය.

3.ධනවත්ම කැබිනට් මණ්ඩලය

ඩොනල්ඩ් ට්‍රම්ප් තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නම් කරද්දී එය එසැනින්ම ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන්ගේ විවේචනයට ලක්විය.
ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ බර්නි සැන්ඩර්ස් පවසා තිබුණේ "ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ධනපතියන් විසින් ධනපතියන් සඳහා කෙරෙන පාලනයක්" ලෙසය.
යහපතට හෝ අයහපතට හේතුවක් විය හැකි වුව ද, නූතන ඇමරිකානු ඉතිහාසයේ ධනවත්ම පාලනතන්ත්‍රය වන්නේ ට්‍රම්ප් පාලනාධිකාරිය වේ.
2001 වසරේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ කැබිනට් මණ්ඩලය හැඳින්වුයේ 'දසලක්ෂපතියන්ගේ කැබිනට් මණ්ඩලය' යනුවෙනි. එහෙත් එහි සාමාජිකයන්ගේ මුළු වටිනාකම මෙන් දස ගුණයක් ලෙස සැලකෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක වත්කමක් මෙවර වාණිජ ලේකම් ලෙස නම් කොට ඇති විල්බර් රොස්ට ඇති බව 'වොෂිංටන් පොස්ට්' පුවත්පත කියයි.
භාණ්ඩාගාරය සඳහා නම්කොට ඇති ස්ටීවන් නුචින් වසර දාහතකට පසු ගොල්ඩ්මන් සැච් හිදී බැංකුවක් මිලදීගෙන ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් මිලියන 40 කට වඩා වැඩි බව වාර්තාවේ.
'ක්වාර්ට්ස්' වෙබ් අඩවිය පෙන්වාදෙන ආකාරයට ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය ඩොලර් බිලියන 35 ක වත්කමින් යුතුවන අතර එම ප්‍රමාණය බොලීවියාවේ දළ ජාතික නිෂ්පාදිතයටත් වඩා වැඩිවේ.
 
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ

4.අවම දේශපාලන අත්දැකීම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සුවිශේෂීවන තවත් හේතුවක් ඇත. එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් හැරෙන්නට අවම වශයෙන් පළාත් ආණ්ඩුකාරවරයෙකු හෝ කොංග්‍රස් සභිකයෙකු ලෙස අත්දැකීම් ඇති අයෙකු මිස වෙනත් අයෙකු වසර හැටකින් මෙපිටදී ඇමරිකානු ජනාධිපති පදවියට පත්වී නොමැතිවීමය.
ට්‍රම්ප්ට පෙර දේශපාලන අත්දැකීම්වලින් තොරව ජනාධිපති පදවියට පත් අවසාන ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩ්වයිට් අයිසන්හවර්ය.දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර හමුදාවන්ගේ ප්‍රධාන අණදෙන නිලධාරියාවූ ඔහු 1953 දී ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
කෙසේවුවද, ට්‍රම්ප් පවසන්නේ වොෂින්ටන් පාලනාධිකාරය පිලිබඳ අත්දැකීම් නොමැතිවීම යහපත් දෙයක්වන අතර තමා අත්දැකීම් බහුල ගනුදෙනුකරුවෙකු බවය.

5.ප්‍රබල පවුල් සාමාජිකයන් සිටීම

ට්‍රම්ප්, තම දියණියගේ ස්වාමිපුරුෂයා වන නිවාස ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන තිස් හය හැවිරිදි ජාඩ් කුෂ්නර් ප්‍රධාන උපදේශක තනතුරකට පත්කළේ විරුද්ධවාදීන්ගේ දැඩි විවේචනය මධ්‍යයේය.
මෙවැනි බලවත් තනතුරක් ජනාධිපතිවරයෙකුගේ බෑණා කෙනෙකුහට ලැබී ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ පළමුවතාවට බව ඇතැමුන්ගේ මතය වේ.
සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.

6.අවම සුරතල් සතුන්

.
සියවසකට අධික කාලයක් තුළ ධවලමන්දිරයට සුරතල් සතෙකු නොගෙනා පළමු ජනධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවන අතර ඔහු 'ගෝල්ඩන් ඩුඩල්' සුනඛයෙකු රැගෙන ඒමට පැවතී සැලසුමක්ද අත්හැර දැමූ බව කියැවේ.
ජනාධිපතිවරුන්ගේ සුරතල් සතුන් පිළිබඳ කෞතුකාගාරය පවසන ආකාරයට සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.
ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මේ අතරින් කැපී පෙනෙන්නේ 'සාසා' නමැති හාවෙකුගේ සිට කැනේරි කුරුල්ලෙකු දක්වා විවිධ සතුන් ඇතිකිරීම හේතුවෙනි.
එහෙත් 1923 සිට 1929 දක්වා ධවල මන්දිරයේ වාසය කළ කැල්වින් සහ ග්‍රේස් කූලිජ් යුවලට 'සත්වෝද්‍යානයක්' වැනි විශාල සත්ව සංඛ්‍යාවක් සිටි බැවින් මේ කරුණේදී ඔවුන් පෙරමුණ ගන්නා බව කෞතුකාගාරය පවසයි.
ඒ අනුව සුනඛයන් දහ දොළොස් දෙනෙකු, එබිනීසර් නම්වූ බූරුවෙකු, විදේශවලින් තෑගී ලෙස ලැබුණු සිංහ පැටව්, ඕස්ට්‍රේලියානු වොලබියෙකු, බිලී නම්වූ හිපොපොටේමසකු සහ කළු වලසෙකුද ඔවුන් සතුව සිටි බව සඳහන් වේ.

7.නිදහස් වෙළෙඳාමට දැඩි ලෙස විරුද්ධවීම

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ රැකියා අවස්ථා උදාකිරීමේ පොරොන්දුව මත වූ අතර ඇමරිකානු නිෂ්පාදන නවතාදැමීමට හේතුවූ නිදහස් වෙළඳාම දැඩිලෙස විවේචනය කළේය.
ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුර්ලභ ලක්ෂණයක් වූ මෙය අවසාන වරට දක්නට ලැබුණේ 1930 දී හර්බර්ට් හූවර් ජනාධිපතිවරයාගෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී 'ඉකොනොමිස්ට්' සඟරාවට ප්‍රකාශ කළේ "චීනය අපව විනාශ කරමින් සිටිනවා ඇමරිකානුවන්ට මේ කොල්ලකෑම එපාවෙලා" යනුවෙනි.
චීන ආනයනවලට වැට බැඳීම පිණිස 12% ක ආනයන බද්දක් පැනවීමට අදහස් කරන බවද ඔහු පවසා තිබුණි.
එසේම තම ඡන්ද ව්‍යාපාරය තුළදී ඔහු අනතුරු ඇඟවූයේ කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල් වසර විසි තුනක කාලයක් සඳහා එකඟතාවට පැමිණ ඇති නැෆ්ටා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉරා දමන බවය.
ඒ ආකාරයටම ඇමරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් තබා ඇති පැසිෆික් වෙළෙඳ ගිවිසුම ධවල මන්දිරයට යන මුල්දිනයේදීම අවලංගු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
Image copyright Scott olson
Image caption වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ

8.විවිධාකාරයෙන් පළමු තැනගත් ආර්යාව

ස්ලෝවෙනියාවෙන් පැමිණ ජනපති බිරියක් වූ පළමු කාන්තාව වන මෙලනියා ට්‍රම්ප් උපතින් ඉංග්‍රීසි බස කතා නොකරන පළමු ජනපති ආර්යාව වේ.
ඇමරිකාවෙන් පිටතදී උපත ලද දෙවෙන ජනපති ආර්යාවවන ඇය දෙවැනි වන්නේ 1825 සිට 1829 දක්වා ඇමරිකාවේ හයවෙනි ජනපති පදවිය හෙබවූ ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ බිරිඳටය. ඇය ඉපදී ඇත්තේ ලන්ඩන් නුවරදීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර දෙවරක් විවාහවී ඇති බැවින් ධවල මන්දිරයට පැමිණෙන ප්‍රථම 'තෙවන බිරිය' වන්නේ මෙලනියා ට්‍රම්ප් වේ.
දික්කසාදව සිටි අනෙක් එකම ඇමරිකානු ජනාධිපතිවරයාවන රොනල්ඩ් රේගන් සිය පළමු බිරිය වූ ජේන් වයිමන් නම් නිළියගෙන් වෙන්වී තිබුණේ ජනාධිපති පදවියට පත්වීමට පෙරය.
වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ. ඇයට ස්ලෝවේනියානු භාෂාව, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ සර්බියානු භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව ඇත.
එසේම නිරුවත් නිරූපිකාවකව සිට ජනාධිපති ආර්යාව බවට පත්වූ පළමුවැනියා වන්නේද ඇය වේ. වසර 2000 දී ඇය GQ සඟරාව සහ තවත් සඟරා කිහිපයක් සඳහා නිරුවත්ව පෙනී සිටියාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ද 1990 වසරේදී පිරිමින් සඳහා වූ 'ප්ලේ බෝයි' සඟරාවේ පෙනීසිටි අතර "ඉතා හොඳ සඟරාවක්. එය අලෙවිකරන්න කැමති ද?" යන වැකිය සමග ඔහුගේ රුව එහි පළවී තිබුණි.

Wednesday, March 23, 2016

බ්‍රසල්ස් ප්‍රහාරයට සම්බන්ධ 1ක් අල්ලයි


බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදුවු පිපිරීම් මාලාවට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පුවත්පත් විසින් අනාවරණය කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නජීම් ලා චෞරොයි නමැති 25 හැවිරිදි තරුණයෙකු බවත්, ඇන්ඩලෙච් දිස්ත්‍රික්කයේදී හෙතෙම ආරක්ෂක අංශ වලට හසු වී ඇති බවත් DH NEWS PAPERS උපුටා දක්වයි.

ඊයේ දිනයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදුවු පිපිරීම් මාලාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා එරට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

Monday, February 1, 2016

දූෂණයට ලක් වූ ඉන්දීය තරුණියන්ගේ කටුක අත්දැකීම්

දූෂණයට ලක් වූ ඉන්දීය කාන්තාවන් සහ දැරියන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳ ඡායාරූප ශිල්පිනී ස්මිතා ෂර්මා වාර්තාකරණයේ යෙදී සිටින්නේ වසර ගණනාවක සිටයි.
ලිංගික ගොදුරු බවට පත්ව ජීවත් වීමට වරම් ලද පිරිස් සොයා ඔවුන්ගේ කටුක අත්දැකීම් ලොවට හඬ ගා පවසනු වස් ඇය ඉන්දියාව පුරා ඇවිද යන්නීය.
ඒ සඳහා ඇයට සෞඛ්‍ය සේවකයන්ගේ සහ රජයේ නොවන ආයතනවල සහාය ලැබෙති.
ඇගේ කැමරා කාචයේ සටහන් වූ බොහොමයක් දෙනා දැරියන්.
ලිපිය තුළ ඔවුන්ගේ නම් ගම් වෙනස් කොට ඇත්තේ අනන්‍යතාවය හෙළි නොකර සිටීමේ අරමුණින්.
2012 වසරේදී දිල්ලි සිසුවියක් බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව පවතින නීති තර කොට ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල විය.
කෙසේ වෙතත් කාන්තාවන්ට සහ දැරියන් වෙත එල්ල වන ලිංගික ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ සිදුවීම් ඉන්දියාවෙන් තවදුරටත් වාර්තා වේ.
2014 වසරේදී ඉන්දියාවෙන් වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 35,000 කට අධිකයි.

මිනාලි වයස 13





 


උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් මිනාලිගේ ගමට අසල්වැසි ගමක විසූ පුද්ගලයකු විසින් ඇය පැහැර ගනු ලැබිණි.
මුදල් බලය හිමි යාදව් වාර්ගික ජන කොට්ඨාශයට අයත් ඉහත කී පුද්ගලයා විසින් ඇය දූෂණයට ලක් කොට තිබුණේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ දුම්රියපොළක් අසලදීයි.
ගණිකා වෘත්තිය සඳහා විකිණීමට පෙර ජාවාරම්කරුගේ ග්‍රහණයෙන් මිදුණු ඇය දුම්රියපළ පොලිස් ඒකකයේ සහාය පතන්නීය.
ඇය වෙනුවෙන් පියවර ගනු වෙනුවට දින 12 ක් පොලිස් රැඳවුම් භාරයේ තබා ගනු ලබන මිනාලිට සිය පැමිණිල්ල ඉවත් කර ගන්නා මෙන් බලපෑම් එල්ල විය.

රිතිකා වයස 15

 

 


ශරීර කෘත්‍ය සඳහා වන ළැහැබක් වෙත ගිය රිතිකා නොනවත්වා නැවත නැවතත් දූෂණයට ලක් කොට ඇත්තේ ගම්වැසියෙක් විසින්.
ඒ 2011 වසරේදීයි.
රුධිරය වහනය වෙමින් සිටි රිතිකා ඇයගේ මව විසින් සොයා ගනු ලැබ ඇති අතර වහා පොලිස් ස්ථානය කරා ඇය රැගෙන ගොස් තිබේ.
නමුත් පැමිණිල්ල ලියා ගැනීම පොලිසිය ප්‍රතික්ෂේප කොට ඇත.
මානසික ආතතියෙන් පීඩා විඳින ඇය එතැන් පටන් මේ දක්වා වචනයකදු කතා කොට නොමැත.
ඉන්දියාවේ පිටිසර බද පෙදෙස්වල පිහිටි නිවෙස්වලින් 60% ප්‍රමාණයකට වැසිකිළි පහසුකම් නොමැති අතර ඒ හේතුවෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට කාන්තාවන් ගොදුරු වීමේ ඉඩකඩක් ඇත.

විද්‍යා වයස 17

 

 


කුලයෙන් උසස් යැයි සැලකෙන බ්‍රහ්ම කුලයට අයත් පුද්ගලයකු විසින් විද්‍යා පැහැර ගනු ලැබුවේ පාසල නිම වී නිවස කරා පිය නගිමින් සිටින අතරතුරදීයි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අසල පිහිටි පොකුණක් අසල දී ඇය දූෂණයට ලක් විය.
විද්‍යාගේ පවුලේ මැදිහත් වීමෙන් ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණු අතර සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමටත් පියවර ගෙන තිබේ.
අපරාධකරු මේ දක්වා පොලිසිය මග හරිමින් සිටියි.
විද්‍යාගේ පාසල් ගමනට තිත තැබෙන්නේ ඇයට මුහුණ දීමට සිදු වූ කටුක අත්දැකීමෙන් ලද මානසික පීඩාව හේතුවෙන්.

කරිෂ්මා වයස 17

 


2008 වසරේදී කරිෂ්මා දූෂණයට ලක් කෙරුණේ නිවසේ හිමිකරුගේ පුතු විසින්.
ඇය නිහඬව සිය වේදනාව සඟවා ගනු ලැබුවේ ලැජ්ජාව සහ බිය හේතුවෙන්.
නමුත් කරිෂ්මාගේ මව ඇය නිවසෙන් නෙරපා දමනු ලබන්නේ ඇය ගැබ් ගැනීමත් සමගයි.
තමා දූෂණයට ලක් කළ පුද්ගලයා හා විවාහ වන ලෙස ප්‍රදේශයේ දේශපාලන කණ්ඩායමක් ඇයට බලපෑම් එල්ල කරන්නේ ඉන් අනතුරුවයි.
දූෂකයා හා විවාහ වීම ප්‍රතික්ෂේප කළ ඇය බටහිර බෙංගාලයේ උපන් නගරය අතහැර සිය පුතු සමග කල්කටාව වෙත පැමිණ කොණ්ඩා සැකසුම් ශිල්පිනියක ලෙස රැකියාව අරඹයි.

නේහා වයස 20


සිය ජනවර්ගයට අයත් පුද්ගලයකු අතින් වසර අටකට ඉහතදී දූෂණයට ලක් වන නේහාට ඔහු හා විවාහ වන ලෙස පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් බල කොට තිබේ.
දූෂණයට ලක් වීමේ ප්‍රතිපලයක් ලෙස ඇය පුතකු බිහි කරන්නීය.
නමුත් ඇය සිය බිරිඳ වශයෙන් පිළිගැනීම ප්‍රහාරකයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
ඔහු අධිකරණය වෙත පමුණුවනු ලබන්නේ සිදුවීමෙන් වසරකට පසු ඇය ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි.
ස්වයං රැකියාවක නිරත ඇය දිනකට පැය දාසයක් සේවයේ යෙදෙන්නීය.
ඇයගේ සතියක අදායම ඉන්දීය රුපියල් හාරසියයක්.

වර්ෂා වයස 15


ඉහත දැක්වෙන ඡායාරූපය කැමරා කාචයේ සටහන් වූයේ පොලිස් කාන්තාවක් විසින් වර්ෂා රාජ්මහල් නගරයේ දිස්ත්‍රික් අධිකරණය වෙත රැගෙන යමින් සිටින අතරතුරදීයි.
එහිදී ඇය සිය වේදනාබර කටුක අත්දැකීම විස්තර කිරීමට නියමිතයි.
වර්ෂා දූෂණයට ලක් කරනු ලැබූ පුද්ගලයා ඇයට නිහඬව සිටින ලෙස තර්ජනය කොට තිබේ.
ඇයගේ නිහඬතාව ප්‍රයෝජනයට ගත් අපරාධකරු ඇය නැවතත් දූෂණයට ලක් කරයි.
වර්ෂා තම වේදනාව පවුලේ සාමාජිකයන් හා පැවසීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරයි.
(BBC News වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක් ඇසුරෙන්)

Saturday, November 29, 2014

මධුසමය ගතකරන්නත් වෙලාවක් නැති නිළියක්

මධුසමය ගතකරන්නත් වෙලාවක් නැති නිළියක්

බොලිවුඩ් නිළි දියා මිර්සා විවාහ වෙලා දැන් මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඇයට තවමන් මධුසමයගත කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා.


එයට හේතුව වී ඇත්තේ දියාගේ පියාගේ යුතුකම් කිරීමට මේ වන විට ඇයට සහ අයගේ සැමියා වන සහීල් සංගාට කාල වෙලාවක් නොමැති වීම බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. කොහොම වුණත් අය නම් කියන්නේ පියාගේ යුතුකම් ඉටු කළ වහාම මධුසමය ගත කිරීම කාල වේලාවක් ලබා ගන්නා බවයි.





2000 වසරෙ Miss Asia Pacific International තරඟයෙන් ජයග‍්‍රහණය කළ දියා මිර්සා විවාහවූයේ චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන සහීල් සංගා සමගින්. 32 හැවිරිදි ඇය දැන් චිත‍්‍රපට නිෂ්පාදිකාවකි. විද්‍යා බාලන් ප‍්‍රධාන චරිතය රඟපෑ ‘Bobby Jasoos’ චිත‍්‍රපටය දියා මිර්සාගේ හා සංගාගේ සම නිෂ්පාදනයක්. එමෙන්ම දියා මිර්සා ප‍්‍රධාන චරිතයක් රඟපෑ ‘Love Breakups Zindagi’ චිත‍්‍රපටය සහේල් සංගාගේ අධ්‍යක්ෂණයකි.

wg2

Thursday, May 15, 2014

ප්‍රභාකරන් සමරන්න හදන්න එපා - ඉන්දියාව ලාංකික සරණාගතයින්ට කියයි

ප්‍රභාකරන් සමරන්න හදන්න එපා - ඉන්දියාව ලාංකික සරණාගතයින්ට කියයිඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සිහිපත් කරන වැඩසටහන් නොපවත්වන්නැයි එරට වෙරළාරක්ෂක බලකාය ශ්‍රී ලාංකික සරණතාගතයින්ට උපදෙස් ලබා දී තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩුවට ආසන්න කේස්පුදුපත්තු ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකට පැමිණි ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මීට අදාළ වැඩමුළුවක් පවත්වමින් මෙම උපදෙස් ලබා දී ඇත.

එම වැඩමුළුවේ ප්‍රධානියෙකු වූ ආර්. සේකර් ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පතට පවසා ඇත්තේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් කිසිදු වැඩසටහනක් ‍එළඹෙන 18 හා 19 දිනවල සංවිධානය නොකරන්නැයි සරණාගතයින්ට දැනුම්දුන් බවයි.

කඳවුරුවල වෙසෙන ජනතාව අතර අසමගිය ඇති වන ආකාරයේ කිසිවක් නොකරන බව එකී සරණාගතයින් පැවසුවේ යැයි ආරක්ෂක නිලධාරීයා වැඩිදුරටත් පුවත්පතට පවසා තිබේ.

එසේම එකී ප්‍රදේශයට නාදුනන කවරෙකු හෝ පැමිණියහොත් පොලීසියට මෙන්ම වෙරළාරක්ෂක නිලධාරීන්ට කඩිනමින් දැනුම්දෙන ලෙසට සරණාගතයින් දැනුවත් කළ බව හෙතෙම පවසා ඇත.

කේස්පුදුපත්තු සරණාගත කඳවුරේ පවුල් 454ක් පමණ ජීවත් වන බවත් ඔවුන්ගේ ප්‍රධාන රැකියාව ධීවර කර්මාන්තය වුවද මේවන විට දින 45 ක කාලයක් එම කටයුතු අත්හිටුවා ඇති බැවින් විවිධ රැකියා කරමින් සිය ජීවනෝපාය සලසා ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ තහනම තවත් වසර 5න් දිගුකරයි

 ඉන්දියාවේ  එල්.ටී.ටී.ඊ  තහනම තවත් වසර 5න් දිගුකරයිඑල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉන්දියාව තුළ පනවා ඇති තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

ඒ අනූව 2014.05.14 සිට ඉදිරියට තවත් වසර 5ක් ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා ඇති තහනම දීර්ඝ වනු ඇත.

ඉන්දියාව තුළ නීති විරෝධි ක්‍රියා වැළැක්වීම සඳහා වන 1967 පනත පදනම් කර ගනිමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම තහනම පනවා තිබේ.

ඉන්දියාව තුළ මුල්වරට ඉන්දියාව තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත්තේ 1991 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමෙන් පසුවය.

අවසන් වරට ඉන්දියාව තුළ එම සංවිධානයට ඇති තහනම 2012 මැයි මස සිට යළි සිව්වසරකට දිගු කෙරිණි.

2009 වසරේදී එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුදමය වශයෙන් පරාජයට පත්වුවද වෙනම රාජ්‍යයක් සඳහා වන ඔවුන්ගේ “ඊළාම්“ සංකල්පය තවමත් බැහැරව ගොස් නැත.

එම සංවිධානය යළි ගොඩනැඟීම සඳහා මූල්‍යාධාර රැස්කරන පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ විසින් පසුගිය කාලයේදී අනාවරණය කර ගෙන ඇති තොරතුරු මත පදනම්ව ඔවුන් සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ඉන්දීය බලධාරීන් පියවරගෙන තිබේ.

නැවේ කපිතාන්ට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා

දියබත්වූ දකුණු කොරියානු නැවේ කපිතාන්වරයාට සහ කාර්ය මණ්ඩලයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ.
ඔවුන්ට චෝදනා එල්ල කොට ඇත්තේ මගීන්ට රැඳී සිටින ලෙස උපදෙස් දී නෞකාව අත්හැර දමා ගිය බවටයි.

කාර්ය මණ්ඩලයේ තවත් එකොලොස් දෙනෙකුට රාජකාරී පැහැර හැරීමේ චෝදනා ගොනු කොට ඇත.
පසුගිය මාසයේදී මෙම නෞකාව දකුණු කොරියානු මුහුදේදී දියබත් වීමෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙසිය අසූ දෙනකුට වැඩි පිරිසක් මරණයට පත් විය.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් සෝල් අගනුවර ආසන්නයේ උසස් පාසලක සිසුන්.
එම නෞකාව දකුණු කොරියාවේ ඉන්චන් සිට ජෙජු දූපත බලා යාත්‍රා කරමින් තිබිණ.

Wednesday, May 14, 2014

නෙරියස් රොබෝ යානයේ පිපිරීමක්.




ඇමරිකා එක්සත් ජනපදය මගින් ගැඹුරු සාගර පත්ල ගවේෂණය කිරීම සඳහා යොදවා තිබූ නෙරියස් නැමති ස්වයංක‍්‍රිය රොබෝ යානය තුළ සිදුවූ පිපිරීමකින් එය විනාශ වී තිබෙනවා. නවසීලන්තයට ඊසාන දෙසින් පිහිටා ඇති ලොව දෙවැනි ගැඹුරුම ආගාධය වන කමැඩෙක් ආගාධයේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ජලයේ පීඩනය දරාගත නොහැකිවීම මීට හේතුව බව සඳහන්. ඩොලර් මිලියන 8 ක වටිනාකමකින් යුත් මෙම රොබෝ යානය ටයිටැනික් නෞකාවේ ගවේෂණ කටයුතු සඳහා ද යොදා ගැනුණා.

Tuesday, May 13, 2014

බ්‍රිට්නි නිරූපිකාවකගේ නාසය කැඩුවේ ඇයි?

නිරූපිකාවකගේ නාසය කඩා දැමු බවට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ට චෝදනා එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩෝන් නොයෙල් නැමති මෙම නිරූපිකාව සදහන් කර ඇත්තේ බ්‍රිට්නිගේ නවතම වීඩියෝවේ පුහුණුවීම් නර්තනයක් අතරතුර ඇයගේ අත තම නාසයේ වැදීමෙන් නාසයට හානි වී ඇති බවයි.

සිය නාසයට හානි වුවද බ්‍රිට්නි ස්පියර්ස් අකාරුණික ලෙස පුහුණු වීම් දිගටම කරගෙන ගිය බවද ඇය කියා සිටියි.
මේ නිසා බ්‍රිට්නි ස්පියර්ස්ට එරෙහිව නඩු පවරන බව ඩෝන් නොයෙල් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.