Monday, April 21, 2014

සැම්සුන්ග් ගින්න ලංකාවේ දුරකතන වලටත් බලපානවාද ?

සැම්සුන්ග් ගින්න ලංකාවේ දුරකතන වලටත් බලපානවාද ?
ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, රූපවාහිනී ඇතුළු තාක්ෂණික නිෂ්පාදන සිදුකරන ලොව සුපතල සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ Gwacheon හි, පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ගින්නක් අද අලුයම ඇතිවූ බවත් මේ නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වූ බවත් වාර්තා වේ
 සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ පිහිටි ප්‍රධාන දත්ත මධ්‍යස්ථානයේ අද ඇතිවූ ගින්නෙන් වූ හානිය නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත සමාගම විසින් සපයන සේවා වලට ගැටලුවක් ඇතිවී නැතැයි සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ මෙරට නියෝජිතයින් කියයි.
අප සමග අදහස් දක්වමින් සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ශාඛාවේ ජංගම දුරකතන අංශයේ, නිෂ්පාදන කළමනාකරු, කපිල පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
සැම්සුන්ග් නිෂ්පාදන භාවිතා කරන ඔබටත් මේ පිළිබඳව අදහස් දැක්විය හැකියි. මෙම ගින්නට අදාළව ඔබ යම් අපහසුතාවයකට පත්වූවා යැයි දැනුනා නම් ඔබේ ප්‍රතිචාරයත් දක්වන්න.

No comments:

Post a Comment