නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස්
වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්
ඔස්ට්‍රේලියාව සිය ප්‍රසාදය පළ කර තිබේ.
මේ හේතුවෙන් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැන්බරා නුවර පැවැත්වුණු විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ඔස්ට්‍රේලියානු සංක්‍රමණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
නිත්‍යානුකූල අයුරින් ඔස්ට්‍රේලියාවට පැමිණ එරට පුරවැසි භාවය ලබා ගත් ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව පසුගිය වර්ෂය තුළ පමණක් 74 % කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
නීති විරෝධී අයුරින් ඔස්ට්‍රේලියාව බලා සංක්රමණයවීම සඳහා ලියාපදිංචි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය කාලවලදී දිනකට සියයක් පමණ වුවද එය මේ වනවිට සතියට සියයක් දක්වා පහත බැස ඇති බව සරණාගත පුද්ගලයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

No comments:
Post a Comment