Monday, April 21, 2014

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතුයි

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතුයි ශ්‍රී ලාංකික බලධාරීන්ට එරෙහිව සම්බාධක පමුණුවන ලෙසට කැනඩාවේ දෙමළ සංවිධාන එරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජතාන්ත්‍රික සහ ආර්ථික සම්බාධක මෙන්ම මෙරට නිලධාරීන්ට එරෙහිව සංචාරක සීමා කිරීම් පනවන ලෙස අදාළ සංවිධාන මගින් කැනේඩියානු රජයෙන් ඉල්ලා ඇත.

“දෙමළ ප්‍රජා මහා මණ්ඩලය“ නමැති සංවිධානයක් විසින් මේ සම්බන්ධයෙන් ලියවිල්ලක් ඒකමතිකව සම්මත කරගෙන ඇති අතර එහි දෙමළ ඊළාම් දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කරුණු 34ක් අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

දෙමළ ඊළම පිළිගන්නා ලෙස ද අදාළ ලියවිල්ල මගින් ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ශ්‍රී ලංකා රජය ජන සංහාරක ක්‍රියාවලිය ක්‍රමානුකූලව තවදුරටත් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරන කැනඩාවේ අදාළ දෙමළ සංවිධාන පෙන්වා දෙන්නේ එම ක්‍රියාවලීන් වැළැක්වීම සඳහා සම්බාධක පැනවිය යුතු බවයි.

ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා තහනමට ලක් කෙරුණු සංවිධාන 16 අතුරෙන් වැඩි සංඛ්‍යාවක් කැනඩාව මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙයි.

No comments:

Post a Comment