සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත මහීපාල මහතා විසින් පුද්ගලික වෛද්‍ය ආයතන සංවර්ධන ඒකකයට ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙරට පුද්ගලික රෝහල් වල සිදුකර ඇති වකුගඩු බද්ද කිරීම් හා වකුගඩු ආශ්‍රිත සැත්කම් පිළිබඳ වාර්තාවක් මෙලෙස ලබා ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ වකුගඩු ජාවාරමක් සිදුවන බවට පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.
අදාළ ජාවාරමට ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ද සම්බන්ධ බවට එම මාධ්‍ය වල වාර්තා වල පළ වුණි.
ඒ පිලිබඳ අවධානය යොමුකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම වාර්තාව ලබා ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
No comments:
Post a Comment