එමුරුන්කන්, කණ්නාටි ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් කාන්තාවක මියගොස් තිබේ. එළුවන් රැගෙන ඒම සඳහා ප්‍රදේශයේ වෙල්යායකට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.
මළ සිරුර මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
No comments:
Post a Comment