මැද පෙර දිග රටවල සේවයට යන තරුණ කාන්තාවන් අඩු වයසෙන්
මිය යාමත් ඔවුන්ගේ මළ සිරුරු ආපසු ශ්‍රී ලංකාවට ගෙන ඒමේ දී සිරුරු කොටස්
නොතිබීමත් බලවත් සැකයට තුඩු දෙන කරුණක් බව එක්සත් ජාතික පක්ෂයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න
කළ අතර සිරුරු කොටස් ගලවා ගැනීමට කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ
සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි රාමනායක මන්ත්‍රී වරයා ප්‍රකාශ
කළේ.විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ තමන්ටත් එවැනි තොරතුරක් ලැබී ඇති අතර ඒ ගැන පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
ජාවාරමක්
මැද පෙර දිග සේවයට ගිය කාන්තාවන්
මෙය දිගු කළක සිට කෙරී ගෙන එන ජාවාරමක් බව පවසන රාමනායක මන්ත්‍රීවරයා කටුනායක ගුවන් තොටුපලේ වෛද්‍ය නිලධාරියා පවසන ආකාරයට පසුගිය වසරේ දී පමණක් මැද පෙර දිග සිට මළ සිරුරු හාර සිය හැට තුනක් ගෙන විත් ඇති බවයි සඳහන් කළේ.එම මළ සිරුරු වලින් සියයට හැත්තෑ පහක් වයස අවුරුදූ තිහට වඩා අඩු තරුණියන්ගේ බවත් වෛද්‍ය නිලධාරියා පැවසූ බවයි ඔහු කියා සිටියේ.
සාක්ෂි විනාශ වන ලෙසට ඉඩ සලසා මළ සිරුරු ශීත කරන වලින් ඉවත තබා ඇති බවත්, බැලූ බැල්මට හිංසා පීඩා සිදු කොට ඇති බවට මළ සිරුරු වලින් පෙනුනත් පශ්චාත් මරණ පරීක්ෂණ සහතික වල හෘදයාබාධ යනුවෙන් සඳහන් කර ඇති බව අනාවරණය වන්නේ යැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
පශ්චාත් මරණ පරීක්ෂණ පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බව සඳහන් කරන ඔහු බොහෝ මළසිරුරු වල පෙනහළු, හෘදය වස්තුව, වකුගඩු වැනි අත්‍යවශ්‍ය අවයව අතුරුදහන් වී ඇති බවයි පවසන්නේ.
ඇරැබ් නිවුස් පුවත් පතේ සහ මැද පෙර දිග වෙබ් අඩවිවල මේ පිළිබඳව තොරතුරු පලවී ඇති බවත් ඊට අමතරව තානාපති කාර්යාලවලින් මෙන්ම මැද පෙර දිගින් තමන්ට තොරතුරු ලබා දෙන අය සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
තානාපති කාර්යාලය
වකුගඩු විකිණීමේ ජාවාරමට කුවේට් හි තානාපති කාර්යාලයේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවසූ විට එය විශ්වාස කරන බව ඩිලාන් පෙරේරා ඇමතිවරයාත් ප්‍රකාශ කිරීම ගැන තමන් ස්තුතිය පල කරන බව රාමනායක මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේය.කාන්තාවන්ගේ අවසරය මත ලිඛිතව අවයව ප්රදානය සිදුවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවත් එය සිදුවිය හැකි දෙයක් නොවන බවයි රාමනායක මන්ත්‍රීවරයා පැවසුවේ.
“ලංකාවේ ඉන්න අහිංසක අම්ම කෙනෙක්, අක්ක කෙනෙක්, නංගි කෙනෙක් කවුරුත් නොදන්න සවුදියට ගිහිල්ල ඒ ගෙදර ඉන්න ස්වාමිදුවට තමන්ගේ වකු ගඩුව පරිත්‍යාග කරයිද ” යනුවෙන් තමා ප්‍රශ්න කරන්නේ යැයි ඔහු කියා සිටියේය.
මරණයක් සිදුවූ විට ඒ ගැන සැකයක් ඇතැයි පැවසූ විට මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස අදාළ රටට දැනුම් දෙන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා පෙරේරා පැවසුවේය.
මරණ පරීක්ෂනයේදී සිරුර විවච්ඡේදනයට ලක් කළ පසු එම කොටස් ආපසු තැන්පත් නොකරන බවත් ලංකාවේ සිදුවන්නේද එය බවත් ඔහු පැවසුවේය.
අවයව අතුරුදහන් වීමට එක හේතුවක් එය විය හැකි බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
සමහර අයගේ මොලය මිය ගිය අවස්ථාවලදී ඥාතීන් සමඟ ඍජුව සාකච්ඡා කොට අවයව විකුණා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බව පැවසූ ඇමතිවරයා එහෙත් එය ඔප්පු කර ගැනීමට නොහැකිවී ඇතැයි ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment