Monday, April 21, 2014

මෙන්න! කටුනායක ගුවන් තොටුපොළ නංවන අළුත්ම ව්‍යාපෘතිය

මෙන්න! කටුනායක ගුවන් තොටුපොළ නංවන අළුත්ම ව්‍යාපෘතියකටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තය මගින් වසරකට හසුරුවන ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක සිට මිලියන 15 ක් දක්වා ඉහළ දැමීම සඳහා ගුවන් පර්යන්තය පුළුල් කිරීම ඇතුළු පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ.
මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා ජයිකා ණය ආධාර ලැබෙන බවත් එයට අදාළ ගිවිසුමට අත්සන් කළ බවයි.
“මෙම ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට පෙර අපි ආරම්භ කරනවා. ඉදිරියේදී කොන්ත්‍රාත්කාර සමාගම් තෝරා ගැනීමටයි අදහස් කර තිබෙන්නේ.“
යනුවෙන් ලේකම්වරයා සඳහන් කළේය.
කටුනායක ගුවන් තොටුපොළට වසරකට හැසිරවිය හැකි ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක් වුවත් පසුගිය වසරේදී මිලියන 07 ක පමණ මගීන් ප්‍රමාණයක් හසුරුවා තිබේ.
මෙම ව්‍යාපෘතිය 2016 වසර අවසානයේදී නිම කිරීමට සැලසුම් කර තිබුණත් 2015 වසර අවසානයේදී කොටසක් මගීන් සඳහා විවෘත කිරීමට අදහස් කර ඇතැයි වෛද්‍ය රුබේරු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment