Tuesday, May 27, 2014

දෙවසරක් තුළ මැද පෙරදිග ගිය කතුන් 300කට දරු උපත්

 







මැද පෙරදිග රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන් නීත්‍යානුකූල නොවන සම්බන්ධතා හේතුවෙන් එහිදී ගර්භණී තත්ත්වයට පත් වූ සහ එම සම්බන්ධතා මත දරුවන් ලැබු 300කට ආසන්න පිරිසක්, ගත වූ වසර දෙක තුළ දී පමණක් දිවයිනට ගෙන්වා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් මෙන්ම මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටත්, විදේශ රැකියා ක්‍ෂේත්‍රයටත් විශාල හානිදායක තත්ත්වයක් මතු වී ඇතැයි මේ තත්ත්වයේ වර්ධනයක් මිස මතෛක් අඩුවීමක් සිදු විය යුතු. යයිද කාර්යාංශයේ නියෝජ්‍ය සාමානධිකාරී මංගල රන්දෙණිය මහතා  ප්‍රකාශ කළේය.
තමන් රැකියාව සඳහා ගිය නිවසේ හාම්පුතා විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු අතින් දූෂණයකට ලක්වීමක් නිසා මෙවැනි තත්ත්වයක් මතුවී ඇත්දැයි ‘ලක්බිම’ කළ විමසුමට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, තමන් එහිදී වෙනත් රටවලින් පැමිණ තමන් සමග සේවය කරන හා එහිදී දැන හැදුනුම්කම් ඇති පුද්ගලයින්  සමග ඇති කරගෙන තිබූ සබඳතා නිසා එම තත්ත්වයට පත්ව ඇති බව බහුතර කාන්තාවන් පිරිසක් ශ්‍රී ලංකා තනාපති අංශ වෙත ප්‍රකාශකර තිබෙන බවය.
මැද පෙරදිග රටක දී මෙසේ නීත්‍යනුකූල  නොවන සම්බන්ධතා මත ගැබිනියක් වූ කාන්තාවක රෝහලකට ඇතුල් කර ගැනීම, ඖෂධ, ප්‍රතිකාර ලබාදීම එම රෝහල් විසින් ප්‍රතික්‍ෂේප කරන බවත්, විශේෂයෙන්ම සෞදියේ මෙම නීතිය තදින්ම බල පවත්වන බවත් කී ඔහු සෞදියේ රෝහලක දරු ප්‍රසූතියක් සඳහා කාන්තාවක ඇතුළුකර ගැනීමක් සිදු කරන්නේ සිය නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා ඉදිරිපත් කිරීමෙන් පමණක් යැයි ද කීය.
මෙම තත්ත්වයන්ට පත් වූ බොහෝ කතුන්, තමන් සේවය කළ නිවසින් පැන ගොස් වෙනත් සේවා ස්ථානයක රැකියා කිරීම, ඔවුන්ට වැඩවසර පත්‍රය  නොමැති වීම යන හේතු  නිසා එරට ආරක්ෂක අංශ වෙතින් අත්අඩංගුවට පත් වන නිසා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යලය වෙත පැමිණ, රැඳවුම් නිවාසවල සිටින බව ද ඔහු සඳහන් කළේය.
එසේම මෙම කාන්තාවන් යළි ගෙන්වීමේ දී කාර්යාංශයට විශාල වියදමක් දැරීමට සිදු වීම මෙන්ම ගෙන්වීමට අදාළ නීත්‍යනුකූල ලියකියැවිලි සකස් කිරීමේ දී තවත් විශාල ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එහිදී මෙම කාන්තාවන් යළි දිවයිනට පැමිණීම සඳහා ඔවුන්ට එරටින් දිය යුතු පිටවීමේ අවසර පත්‍රය හාම්පුතුන් වෙතින් ලබා ගැනීමට අසීරු වීම, ඒ සඳහා තවත් විශාල මුදලක් කාර්යංශයට වැඩකිරීමට සිදුවීම වැනි කාරණා මතු වන බව ද ඔහු කීය.

No comments:

Post a Comment