Tuesday, May 27, 2014

මෝඩිගේ පුංචි කැබිනට් එකට ලංකාවෙත් ජනප්‍රිය නිළිය ඇතුල් වෙයි

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පත්කැරගත් කැබිනට් මණ්ඩලය කැබිනට් ඇමැතිවරු 23 දෙනෙක්  කැබිනට් නොවන ඇමැතිවරු 10 දෙනෙක්  උප ඇමැතිවරු 11 දෙනෙක්ගෙන් සමන්විත විය.
ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විශේෂත්වය වන්නේ මෙරට ටෙලි නාට්‍ය රසිකයින් අතර ඉතා ජනප්‍රියත්වයට පත් සිංහලෙන් හඬ කැවූ ඉන්දියානු ටෙලි නාට්‍ය මාලාවක තුල්සි චරිතයට පණ පෙවූ ස්ම්‍රිති ඉරානි ඉන්දියාවේ නව කැබිනට් මණ්ඩලයට පත්වීමය.තිස්අට වියැති ඇය එහි ලාබාලතම සාමාජිකාව වන අතර ඇය මානව සම්පත් සංවර්ධන ඇමති ධූරය දරයි.
මෝඩිගේ කැබිනෙට්ටුවේ වැඩි මහළුම සාමාජිකයාද කාන්තාවක් වීම වීම විශේෂත්වයක් වන අතර ඒ හැත්තෑ හතර හැවිරිදි නජ්මාහෙප්තුල්ලා ය..ඇයට හිමිව ඇත්තේ සුළුජාතීන් පිළිබඳ අමාත්‍යධූරයයි.

No comments:

Post a Comment