Thursday, May 22, 2014

කෝටි 5ක රත්තරං ගෙනා දෙදෙනා දැ‍ලේ

රුපියල් කෝටි පහකට අධික වටිනාකමක් ඇති රත්‍රන් කිලෝ 10කට අධික ප්‍රමාණයක්  ගණක යන්ත්‍ර පෙට්ටි තුළ සඟවාගෙන ඩුබායි සිට මෙරටට හොර රහසේ රැගෙන පැමිණි ගුවන් මගීන් දෙදෙනකු කටුනායක  රේගු අංශය මගින් ඊයේ 21 අත්අඩංගුවට ගනු ලැබිය.එම රත්‍රන් අතර කිලෝ 7යි ග්‍රෑම් 1ක් බරැති රන් බිස්කට් 71ක්ද කිලෝ 3යි ග්‍රෑම්  644 ක් බරැති බේස්ලට්, රන් මාල, සහ රන් වළලු ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන්  කළේය.
එම රන් තොගයේ වටිනාකම රුපියල් පන්කෝටි  තිස්හත් ලක්ෂයක් පමණ වන බවද ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය.
Custom-2නිරන්තරයෙන් ඩුබායි යන එන දෙදෙනක් වන සැකකරුවන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි  කරුවන් බවත් ඒ අය අවුරුදු 58ක් සහ 41 ක් වයසැති බවත් ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ. එල්. 226 ගුවන් යානාවෙන් අලුයම 5.40 ට ඩුබායි සිට මෙරටට පැමිණි සැකකරුවන්ගේ ගමන් මළු සහ භාණ්ඩ පරීක්ෂා කිරීමේදී රත්‍රන්  තොගය හමුවී තිබේ.
නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන මහත්වරු ප්‍රමුඛ නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.

No comments:

Post a Comment