Monday, May 19, 2014

බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ.

වව්නියාව - සුන්දරපුරම් ප‍්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කොට පලාගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මීට මාස 5 කට පමණ පෙර මෙම බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ ඇයගේ සොහොයුරියකගේ ස්වාමි පුරුෂයා විසින්. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ මේ වනවිට මෙම දැරිය පස්මස් ගැබිණියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ වව්නියාව රිච්චම්කුලම් පොලිස් මුරපොල වෙත පැමිණිලි කර ඇති බවයි. දැරිය මේ වනවිට වව්නියාව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

No comments:

Post a Comment