Sunday, May 18, 2014

කොලේ වහලා කරන්න ගිය මගඩිය මාට්ටු

ARRESTED 








නිධානයකින් ගත් බව කියන ඉපැරණි කුඩා චෛත්‍යයක් හැඩැති ලෝහමය වස්තුවක් රුපියල් ලක්ෂ හතළිහක ට අලෙවි කිරීමට සූදානම් ව සිටි පුද්ගලයින් දෙදෙනෙකුඅරලගංවිල පොලිස් බුද්ධි ඒකකයට  ලැබුණු තොරතුරක් මත පොලිස් උපාය දූතයන්මගින් දිඹුලාගල දලුකාණ ප්‍රදේශයේ දී ඉරිදා(18)අලුයම අත් අඩංගුවට ගත් බවඅරලගංවිල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ
සේරුවිල හා තිස්සපුර,මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.අරලගංවිලකොට්ටාශ බුද්ධි ඒකකයට ලැබුනු තොරතුරක් මත පොලොන්නරුව ප්‍රදේශය භාරජ්‍යේශ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත අරලගංවිලපොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් රාජමන්ත්‍රී මහතාගේමෙහෙයවීමෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සිදුව තිබේ.
"කෙහෙල්
මුහයක් වාගෙ හැඩයක් තිබුනත් මේක මොකක්ද කියලා හරියටම හිතාගන්න බෑ .බරත් නෑ.ගල් වගේ පෙනෙන්නේ.ඇතුලේ මොනාද හෙල්ලෙනවා. කපටි කමට නිධානයකින් ගත්ත එකක්වාගෙ හදපු එකක් කියලා තමයි සැක කරන්නේ." අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයාපැවසීය

No comments:

Post a Comment