කොළඹ සිට මුම්බායි බලා ගමන් කිරීමට නියමිත තිබූ ගුවන් යානයක බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 54 හැවිරිදි අයෙකු බව සඳහන්ය.
සැකකරු සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment