පසුගියදා නිමාවට පත් වූ ඉන්දීය මහ මැතිවරණයට කලා ක්‍ෂේත්‍රයේ සහ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රකට චරිත රැසක් ඉදිරිපත් වී සිටියහ. ඔවුන් කෙබදු ප්‍රතිඵල ලබාගනීද යන්න ගැන එරට ඡන්ද දායකයන්ගේ ඉහළ අවධානයක් යොමුව තිබිණ. එම මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, කොංග්‍රස් පක්ෂයේ අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධිගේ ප්‍රතිවාදිනිය ලෙස උත්තර් ප්‍රදේශ්හි Amethi ආසනයෙන් තරග වැදුණු ස්මි්‍රති ඉරානිට හිමිව ඇත්තේ පරාජයයි. ප්‍රකට රංගන ශිල්පිනියක වන ඇය ටෙලි නාට්‍ය චරිත හරහා මෙරට ප්‍රේක්ෂකයන්ටද සමීප වූ නිළියකි. භාරතීය ජනතා පක්ෂය යටතේ Mathura ප්‍රදේශයෙන් තරග වැදුණු ප්‍රවීණ රංගන ශිල්පිනී හේමා මාලිනීට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවී ඇත. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයකු වූ ප්‍රකට බොලිවුඩ් නළුවෙකු වන පරේශ් රාවල් ද ඉන්දීය පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබේ.
ප්‍රකට බොලිවුඩ් නිළියක වන රාකි සාවන්ත් මැතිවරණ සමයේ බෙහෙවින් කතාබහට ලක්වූ චරිතයකි. ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ රාකි මෙවර මැතිවරණයේදී ලැබූ අන්ත පරාජය හේතුවෙන් ඇය මැතිවරණයෙන් පසුවද බෙහෙවින් කතාබහට ලක්වන තරුවක් බවට පත්ව සිටින්නීය. එමෙන්ම කොංග්‍රස් පක්ෂයෙන් ඉදිරිපත් වූ ප්‍රකට නිළි නග්මාටද හිමිව ඇත්තේ පරාජයයි. භාරතීය ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වූ සුප්‍රකට සංගීතඥ බප්පි ලහිරිද මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ. කෙසේ වෙතත්

No comments:
Post a Comment